ආණ්ඩුව කතරගමත් බාර් පර්මිට් දීලා. හෙට අටමස්ථාන⁣යටත් බාර් පර්මිට් දේවි.

Описание к видео ආණ්ඩුව කතරගමත් බාර් පර්මිට් දීලා. හෙට අටමස්ථාන⁣යටත් බාර් පර්මිට් දේවි.

ආණ්ඩුව කතරගමත් බාර් පර්මිට් දීලා. හෙට අටමස්ථාන⁣යටත් බාර් පර්මිට් දේවි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ආණ්ඩුව කතරගම පූජා භූමියටත් බාර් පර්මිට් බියර් පර්මිට් ලබා දි ඇති බවත් ලගදිම මිහින්තලා පුදබිමේ අටමස්ථානයේ සොලොස්මස්ථානයේත් බාර් ඇති කල හැකි බවත් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ බාර් පර්මිට් වයින් ස්ටෝර්ස් පර්මිට් දීම බවත් තමා බලයට පත් වූ විගස මේ බලපත්‍ර සියල්ල නැවත අහෝසි කරන බවත් ⁣වරදාන වරප්‍රසාද දේශපාලන වාසිතකා ලබා දුන් සංතෝසම් සියල්ල ඉවත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 63 වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 16 වෙනිදා අනුරාධපුර දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දි අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය

මේ වන විට රනිල් අනුර දේශපාලන දීගයක් කන බවත් මේ දවස්වල ඔවුන් දේශපාලන මධුසමය ගත කරන බවත් ඔවුන්ගේ ඩීල් එක තමා පරාජය කිරීම බවත් මේ හොර වංචාකාරී ඩීල්වලට ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

21 වැනිදා වනතුරු ඔවුන්ට කැමති ඩීල් එකක් දමා දේශපාලන මධුසමය ගත කිරීමට හැකි බවත් රටේ ජනතාව මේ දේශපාලන හොර ඩීල් මධුසමය අවසන් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතාව දිනන එකම ගමන සමගි ජන බලවේගයයි

ජනතාව දිනවන එකම ගමන වන්නේ සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවීම බවත් එසේ ජයග්‍රහණය කළ පසු රටටම සංවර්ධනයේ අරුනළු උදා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා

තරුණ තරුණියන් වෙනුවෙන් භාෂා පුහුණුව, පරිගණක පුහුණුව තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙන බවත් අධ්‍යාපනය අයිතිය රැකියා අයිතිය තහවුරු කර දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනගන බවත් පාසල් සියල්ල සුහුරු පාසල් බවට දියුණු කරණ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ගොවියාට ධිවරයාට සහන රැසක්

ගොවියන්ට සහන මිලට පොහොර දෙන විට ගොවියාට ධීවරයාට ත්‍රීරෝද හිමියන්ට පාසල් බස් රථ හිමියන්ට QR code එකක් යටතේ ඉන්ධන සහනාධාරය ලබා දෙන බවත් අලි මිනිස් ගැටුම නවත්වන්න තිරසර ඉඩම් කළමනාකරණ සැලසුමක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රනිල්ට ගොවි දුක තේරෙන්නේ නැ

එමෙන්ම බඩඉරිඟු අස්වැන්න නෙලන කාලයෙි රනිල් වික්‍රමසිංහ පිටරටින් බඩඉරිඟු ගෙන ආ බවත් ඌවේ අර්තාපල් ගොවියාටත් ලූණු ගොවියාටත් ඔවුන් මේදේ කළ බවත් ඔවුන්ට ජනතාවට සහන සලසනවා වෙනුවට තමාව පරාජය කරන්න අවශ්‍ය වී ඇති බවත් මේ මොහොතේ ජනතාව තීන්දුව ගෙන අවසන් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

පෞද්ගලික අංශයටත් වැටුප් වැඩිවීමක්

රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආරක්ෂක අංශ, පිරිසුදු කිරිම් කරන කම්කරු ජනතාවත් පෞද්ගලික අංශයේ අයගේ අවම වැටුප රු 25000 දක්වා වැඩි කිරීමට රෙගුලාසි ගෙන එන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජනපති මන්දිර අවශ්‍ය නැහැ

ජනාධිපතිට ඉන්න අනුරාධපුරයේ මන්දිරයක් ඇති බවත් ජනාධිපතිවරයාට මන්දිර අවශ්‍ය නොවන බවත් ඒ මන්දිර තරුණ තරුණියන්ට ජාත්‍යන්තර තලයේ තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මන්දිර පොදු ජනතාව වෙනුවෙන් වෙන් කළ යුතු බවත් සෞභාග්‍යය කියන මන්දිරය ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Комментарии

Информация по комментариям в разработке