උතුම් ම ලාභය නිරෝගීකම යි - පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමි Ven. Medirigiriya Siddhartha Thero

Описание к видео උතුම් ම ලාභය නිරෝගීකම යි - පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමි Ven. Medirigiriya Siddhartha Thero

#Covid19 #නිරෝගීකම
#Ven_Medirigiriya_Siddhartha_Thero.
#කේ_ඒ_ජයතිලක_පියාණන්ට_මේ_පින්_අනුමෝදන්_වේවා
බුදුරජාණන් වහන්සේ කුසගින්න වනාහි බරපතල ම රෝගය (ජිගච්ඡා පරමා රොගා) ලෙසින් ද, සෑම සත්ත්වයෙකුම ආහාරයෙන් ජීවත් වන බව ද (සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) පෙන්වා දී ඇත. ආහාර ගැනීම මෙන් ම ආහාර පාලනය බොහෝ රෝගවලට සමබරතාව ලෙස ද පෙන්වා දී ඇත. (ආයුවඩ්ඪන සූත්‍රය) පාලනයෙන් යුතුව ආහාර ගැනීමෙන් ශරීර සමබරතාව මෙන් ම ආයුෂ පාලනය ද සිදු වන බව පෙන්වා දී ඇත. එම නිසා ශරීරයට යෝග්‍ය ආහාර ගැනීමත්, අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීමත්, නිරෝගි සම්පන්න ජීවිතයකට අවශ්‍ය අංගයකි. චර්යාවකි

මෙම විශ්වයේ අති විශිෂ්ටතම නිර්මාණය මිනිසා ය. උසස් මනසක් ඇති ජීවියා ද මිනිසා ය. ස්වභාව ධර්මය නැතිනම් ප්‍රකෘතිය වෙනස් කළ හැකි සත්ත්වයා ද මිනිසා ය. එබැවින් සෙසු ජීවීන් මෙන් නොව මිනිසාගෙන් ලෝකයට සිදුවිය යුතු සේවාව අතිමහත් ය. එම සේවාව නො පිරිහෙළා ඉටුකිරීමට මිනිසා නිරෝගිමත්ව ජීවත් විය යුතුය. මිනිසා නිරෝගි නො වූ විට ලෝකය ද නිරෝගි නොවනු ඇත. මිනිසාගේ නිරෝගිමත් භාවය යනු සමාජයේ නිරෝගිමත් භාවය යි
#MudithaTV

Комментарии

Информация по комментариям в разработке