දානානිසංස ලැබෙන්නේ කොහොමද ? kirielle Dhammagawesi Thero 🙏🙏🙏

Описание к видео දානානිසංස ලැබෙන්නේ කොහොමද ? kirielle Dhammagawesi Thero 🙏🙏🙏

දානානිසංස ලැබෙන්නේ කොහොමද ? kirielle Dhammagawesi Thero 🙏🙏🙏 දානය කියන්නේ මොකක්ද අත්තූපකරණ පරිත්‍යාග චේතනා දානං නාම කියලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් සන්තක යම් වස්තුවක් අනුන් වෙනුවෙන් අනුන්ගේ යහපත සුඛ විහරණය වෙනුවෙන් පරිත්‍යාග කිරීමේ චේතනාව තුළින්ම දානය කියන කාරණය සිද්ධ වෙන බවයි.ඒ අනුව කුමන හෝ අරමුණක් ඇති කරගෙන තමන්ගෙ තමන්ගේ චිත්ත සන්තානගත ලෝභය මසුරුකම තණ්හාව යටපත් කරගෙන ඒ වෙනුවට නිර්ලෝභී භාවය නො මසුරු බව පරිත්‍යාගශීලී ගුණය තම චිත්ත සන්තාන තුළ ගොඩනඟා ගනිමින් යම් සත්පුරුෂයකු දානාදී පින්කම් විෂයෙහි යෙදෙන්නේ නම් අන්න ඒ සත්පුරුෂයන්ට සැලසෙන සම්පත් කීපයක් නිධිකණ්ඩ නිධිකණ්ඩ සූත්‍රයෙහි සඳහන් වෙන ගාථා රත්නයක් තුළින් පැහැදිලි වෙනවා.මානුසිකා ච සම්පත්ති දේව ලෝකේච යාරති යාච නිබ්බාන සම්පත්ති සබ්බ මෙතෙන ලබ්භති ...ඒ තුළින් පැහැදිලි කරන්නේ මනුෂ්‍යයෙකු වශයෙන් මනුෂ්‍යයකුට අවශ්‍ය කරන්නා වූ ආයු වර්ණ සැප බල සම්පත්තියත් .දෙවියන් වශයෙන් උපදින තැන දී දෙවියකුට අවශ්‍ය කරන්නා වූ දිව්‍යමය ආයු වර්ණ සැප බල සම්පත්තියත් දානමය පින්කමක ආනිසංස වශයෙන් සැලසෙන බව පෙන්වා දී ඇත ඒ වගේම කුමන ආකාරයේ දිව්‍ය මානුෂික සැප සම්පත් ලැබුණත් ඒ කිසිදු දිව්‍ය මානුෂික සම්පත්තියක් සදාකාලික සැපතක් නො වන බව ඒ සියල්ල ඉතාම සුළු තාවකාලික සැපතක් බවත් ඒ සෑම සැපතක් ම වෙනස් වෙමින් විපරිණාමයට පත් වෙමින් අනිත්‍ය ස්වභාවයට පත්වන බවත් ඒ සෑම සැපතම අවසානය දුක බවත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා එම නිසා කුමන ආකාරයේ පින්කමක් සිදු කළත් ඒ පින්කම් තුළින් තව තවත් ඉපදි ඉපදි මැරි මැරී යන බියකරු සසර දික් ගැහෙන විදිහේ ලෞකික සැප සම්පත් ප්‍රාර්ථනා කර ගන්නේ නැතුව හුදෙක්ම රාග ද්වේශ මෝහ ඉරිසියා මානාදී කෙලෙස් වසවිස වමාරා දමා ජාති ජරා ව්‍යාධි මරණාදී දුක් ඇති සංසාර කතරෙන් එතෙරව උතුම් අමා මහ නිවනින් සැනසීම ළඟාකර ගැනීමේ උතුම් පරම පවිත්‍ර චේතනාව පෙරදැරි කරගෙන යම් සත්පුරුෂ ඥාණවන්තයෙකු දන්පැන් පූජා කරන්නේ නම් ඔවුන්ට අර කියන්නා වූ දිව්‍ය මානසික සම්පත් සසරෙදි බලාපොරොත්තු වුණත් නැතත් අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන බවත් ඒ කුමන ආකාරයේ දිවිය මානුෂික සැප සම්පත් ලැබුණත් ඒ කිසිදු දිව්‍ය මානුෂික සැප සම්පත්තියට නොඇලී ඒ ලැබෙන ලැබෙන සියලු සම්පත් වල තියෙන ආදීනව දකිමින් අසාරත්වය දකිමින් භයානකත්වය දකිමින් ලැබෙන ලැබෙන සියලු සම්පත් අවබෝධයෙන් අත්හරිමින් දානාදි පාරමී ගුණ නුවණ සම්පූර්ණ කර ඒ ඥානවන්ත සත්පුරුෂයෝ ඉපදී මැරි මැරී යන බියකරු සසර ගමන සදහටම අවසන් කර ගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන වක් එන කාරණය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා 🙏🙏🙏

Комментарии

Информация по комментариям в разработке