බන්ධනාගාරය ඉදිරිපිටදී කොටුවූ වෙඩික්කරු තවත් ඝාතනයටත් සැලසුම් හදලා

Описание к видео බන්ධනාගාරය ඉදිරිපිටදී කොටුවූ වෙඩික්කරු තවත් ඝාතනයටත් සැලසුම් හදලා

පසුගිය කාලසීමවන් තුළදි සිදුවූ මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.පසුගිය සැප්තැම්බර් 15 දින දෙහිවල ප්‍රදේශයේදී සිදුවූ මනුශ්‍ය ඝාතනයට සහ සැප්තැම්බර් 18 වැනි දින කොහුවල ප්‍රදේශයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් මෙම ඝාතන දෙක සඳහා යතුරුපැදියෙන් පැමිණ තිබුණි.  පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී එක් සැකකරුවෙකු පසුගිය 25 වැනි දින මත්තේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුවූ මහතා අද (02) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් පැවසුවේ  31 හැවිරිදි සැකකරු මෙම ඝාතනය සඳහා යතුරුපැදිය පදවාගෙන පැමිණි අය බවය. මොවුන් මෙම ඝාතන දෙක සිදු කිරීමෙන් පසු යතුරුපැදිය වැල්ලවත්ත ප්‍රදේශයේදී අතහැර ගොස් තිබේ.

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා

#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Комментарии

Информация по комментариям в разработке