KMP සිට දූවිලි ඇල්ල හරහා ඇටන්වලට - Knuckles - Duwili falls, Infinity pool, Walpolamulla, Atanwala

Описание к видео KMP සිට දූවිලි ඇල්ල හරහා ඇටන්වලට - Knuckles - Duwili falls, Infinity pool, Walpolamulla, Atanwala

දුම්බර වනපෙතේ ගෙවුනු දින හතර.....

මේ කතාව මට ලියන්න බැරිවුනාම නෙවෙයි.... vlog එක කොටස් කීපයකට දාපු නිසා සම්පූර්ණ කතාව අවසාන vlog එකේදි කියනව කියල හිතා ගත්ත....

මේ කතාව ලියන්නම ඕනි කතාවක් වුනත් ඒක ලියන්න මනස නිදහස් කර ගන්න වුනේම නෑ තිබ්බ වැඩ එක්ක....

අද මේ ලියන්නෙ ලස්සනම ලස්සන තරු පිරුණු අහසක් යට ඉඳගෙන.... ඒ කතාව ඊලඟ vlog එකෙන් අරගෙන එන්නම්....

ඉතින් දුම්බර වන පෙතේ තනිවෙන්න ඕනි වුනේ තෙත බරිත වෙච්ච කොල පාට ලෝකෙක අතුරුදහන් වෙන්න තිබ්බ ආසාව එක්ක.... මේ ගමන මම ගොඩක් කාලයක් plan කරපු ගමනක්.... මොකද දුම්බර එහෙම නැත්නම් අපි කවුරුත් දන්න නකල්ස් කියන්නෙම ලොකු අවදානමක් තියෙන ඒත් ලස්සනම ලස්සන දිව්‍යලෝකයක්.... ඒ දිව්‍යලෝකෙ තියෙන ලස්සනම තැන් වලින් චූටිම චූටි තැන් කීපයක් බලන්න තනියම පියාඹන්න ඕනි වුනා... ඒකට ලැබුන හොඳම අවස්තාව දෙසැම්බර් මාසෙ අවසානෙදි ආව දවස් 4 නිවාඩුව.... ඒත් ඒ දවස් ලං වෙද්දි ලංකාවෙ තිබ්බෙ හරිම කටුක වර්ෂා කාලසීමාවක්.... ඉතින් යන්න හදපු ගමන වැස්ස නිසා වෙනස් කරන්න සිද්ද වුනා.... ඒත් තිබ්බ ආසාව අඩු වුනේම නෑ... හිත කිව්වෙම ගිහිල්ල ඒ කොලපාට ලෝකෙ පියාඹන්න කියල... මොකද වැස්ස කියන්නෙ නකල්ස් වලට ලස්සනම දවස්...
ඉතින් ඒ දවස් වල ලස්සන ඒ විදිහටම විඳින්න වැස්සෙ තෙමිල එන්නම බලාගෙන මම ගියා නකල්ස්...

පලවෙනි දවසෙ පාරක් හරියට නොදන්න මහ කැලේ කිලෝමීටර් 10ක් වගේ ඇතුලකින් තියෙන KMP කියන වාඩිය හොයාගෙන ලෙබනන් වත්තෙන් ගමන පටන් ගත්ත... කැලේ ඇතුලට ආවම ඒ දැනුන හැඟීම හරිම පුදුමාකාරයි....

වටේටම අන්තයක් නොපෙනෙන මහ කැලේ.... ඒ මැද්දෙන් වැටිල තිබ්බ පුංචි අඩිපාරක් දිගේ දිය පාරවල් වලින් පැන පැන වින්ද ඒ හැඟීම හරිම නිවීමක්...

දවසම හිමින් සැරේ ඒ ගමන ගියෙ KMP වාඩිය හමුවෙනව කියල හිතේ තිබ්බ විස්වාසෙ එක්ක....

අවසානෙදි සුන්දර මිනිසෙක් තනිවම දිවි ගෙවන බිම්කඩ හමුවුනා.... මං ජීවිතේ දැක්ක පරිත්‍යාගශීලීම මනුස්සය... මහතුං මාම...

රැයක් එලිවුනා වාඩියෙ... පහුවදා උදේම ගියා පාට පාට ගස් පිරිච්ච දිව්‍යලෝකෙ බලන්න...

සීතල පිනිබිඳු....
සුලං රැලි....
මිහිදුම් පටල.....
එක්ක ගෙවුනු චාරිකාවක්....

එතනින් දූවිලි....

තනියම යන්න තරම් සුදුසු නැති අවදානම් ගමනක්.... ඒත් අතඇරියෙ නෑ... Team Spirit එකත් එක්ක ලස්සනටම ඒ ගමනත් නිමා කලා... මේ ගමන සාර්ථක කර ගන්න මට ලොකු සහයෝගයක් දක්වපු සඳුශාන් මල්ලි ඇතුලු Team එකේ සේරටම ගොඩක් ස්තූතියි 🌻🌻

කූඩැල්ලන්ගෙ රජදහනෙ ඔය පාරවල් වලින් එතෙර වෙවී මහ කැලේ මැද්දෙන් තව කිලෝමීටර් බර ගානක්....

සුන්දර දූවිලි....
අනන්ත තටාකය......

මේව පහුවෙද්දි හිතට දැනුනෙම ඉක්මනින්ම දවසක ආපහු පියාඹන්න එනව කියල..... තනියම....

ඉතින් එදාට හමුවෙමු.....

එතෙක්

රකිමින් විඳින්න 🍃🍀🌱💚🌻

Комментарии

Информация по комментариям в разработке