දිය කැපීම සමන් දේවාලයේ පෙරහැර අවසානයේ සුවිශේෂි සංස්කෘතිකාංග අතර දිය කැපීමේ චාරිත්‍රය ප්‍රධාන තැනක් ගන්නවා
.
පෙරහැර අවසන් කිරීම - දිය කැපීම
ඇසළ උත්සවය අවසන් වන්නේ දිය කැපීමේ මංගල්‍යයෙනි.මහ පෙරහැර අවසන් වූ දා රාත්‍රියේ පිරිත් නිලය භාර හිමි වරුන් මහ දේවාලයට වැඩමවා පිරිත් දේශනාව ආරම්භ කරයි. ඒ අතරතුර දිය කැපීමට පෙර දේවාලයේදී සිදු කරනු ලබන චාරිත්‍ර එනම් දේවාභරණවලට පළදවා ඇති ඇඳුම් ගලවා ඉවත් කිරිම, දේවාභරණ පෙරහැරින් ගෙන ගොස් රථයේ තැනපත් කිරීම, රථය සිංහාසන මණ්ඩපය දක්වා පෙරහැරින් වැඩම කරවීම හා ආභරණ දෝලියෙහි තැන්පත් කිරීම ආදී සිරිත් ඉටු කරයි.
දිය කැපීම සිදු කරන්නේ කළු ගඟේ රත්මල් ඇල්ල නම් ස්ථනයේදීය. එය පිහිටා තිබෙන්නේ සමන් දේවාලයේ සිට සැතපුම් 7 ක් පමණ දුරින් පිහිටි අංගම්මන නම් ගමේය. ගඟේ වතුර අඩු වැඩි වීම යන සාධකය හෝ වෙනත් බාධාවක් හෝ තිබුණහොත් මෙම දියකැපීමේ මංගල්‍ය ය සිදු කරන්නේ දේවාලයේ ඉදිරිපිට බෝඹූගල කන්ද පාමුල පිහිටි බොලපැන් ලිඳෙහිය. ගගේ වතුර අඩු අවස්ථාවක් උදා වුවහොත් ගඟ දිය අඩු තැන් වලින් ඔරු ඇඳගෙන යමට අලි ඇතුන්ද සූදානම් කරයි. දෙවියන්ට ආලින්ති ගායනය කරමින් හේවිසි වයමින් රත්මල් ඇල්ල දක්වා පෙරහැරකින් ගමන් කිරීම සිදු කරයි. මෙයට ගඟේ පෙරහැර යන නමද කියනු ලබයි. අඟුල් දෙකක් පෙරහැරේ ගමන් කරන අතර එම අඟුල් දෙකටම වහලවල් යොදා අලංකාරවත් ලෙස සරසා එක් අඟුලක සමන් දේවාලයේ දෝලාව ද අනෙකෙහි පත්තිනි දේවාලයේ දෝලාවද වැඩම කරවයි. දේව අඟුල රත්මල් ඇල්ලේ යාහැකි ඉහළම තැනට ගොස් කඹ වලින් බඳිනු ලබයි. ඉන් පසුව කපු මහතාත්, බත්වඩන රාළත්, අඟුල පදවන්නාත් පමණක් අඟුලේ රැඳී සිට අන් සියලු දෙනාම ගොඩ බිමට යැවීම සිඳු කරයි. දිය කැපීම කිසිදු බාහිර පුද්ගලයෙකුට නොපෙනෙන සේ වියන් බැඳ සිදු කරන අතර එය අවසන් වීමෙන් පසු වෙඩිල්ලක් පත්තු කර පෙරහැර ආපසු ගමන් ආරම්භ කරයි. ගඟ දෙපස සිටින ජනයා ගඟට බැස අඟුල දෙපසේ සිට පූජා පවත්වන අතර කපු මහතා සඳුන් නිලක තබා ආශිර්වාද කරනු ලබයි..
බැතිමතුන්ට ආශීර්වාද කරමින් ඉතා සෙමින් ආපසු ඇදෙන ගඟේ පෙරහැර කොටාඹේ තොටුපලට පැමිණි පසු ආභරණ ඇතු පිටින් ද දිය කපා ගත් ජලය සහිත කෙන්ඩිය දෝලාවෙන් ද වැඩම කරවයි. මෙම පෙරහැර ඉදිරියෙන් පෙළ ගස්වා ඇති මහ පෙරහැරට එකතුවේ. මහ පෙරහැරේ ඉදිරියෙන්ම සිටින ගරා යකුන් දෙදෙනා දේවාභරණ ගෙන එන ඇතු ලඟට ගොස් සෙත් ශාන්ති කළ පසු වෙඩිල්ලක් පත්තු කොට මහ පෙරහැර ගමන් අරඹයි. පසුව පෙරහැර දෙකම සිංහාසන මණ්ඩපය වෙත පැමිණෙන අතර ගෙවැදීමට නියමිත නැකත් වේලාව පැමිණෙන තුරු සිංහාසන මණ්ඩපයේ දේවාභරණ තැන්පත් කර විවේක ගනියි. පසුව නැකැත් වේලාව පැමිණි පසු සංහිඳේ වීදියේ ගමන් අරඹා දිය කැපු පෙරහැර දේවාලයට ගෙවදී. ඉන් අනතුරුව ගරායකුන් නැට්මක් පවත්වයි.දියකැපීමෙන් ලබා ගන්නා ලද ජලය ඊළඟ වර්ෂයේ දිය කැපීම දක්වා ආරක්ෂා කිරීමට දේවාලය තුළ තැන්පත් කරයි.මෙම දිය කැපීමේ මංගල්‍යය සමඟ ඇසළ උත්සවය නිමාවට පත්වෙයි.
***************************
If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ❤️❤️
***************************
Camera : samsung s10
Editing : capcut
Sounds on : YouTube audio library
***************************
Follow on Instagram : https://instagram.com/lahi__ruwa?igsh...
Like on facebook : https://www.facebook.com/profile.php?...
***************************
THANKS FOR WATCHING Lahi-Ruwa ❤️🍃
#travel #ratnapura #srilanka #Saman_Devala_Perahera_Sabaragamuwa #Sumana_Saman #Maha_Saman_Devalaya #Ratnapura #Culture #Sabaragamuwa #MahaSamanDewalaya #cientHeritagesite #ratnapura #Maha Saman Devalaya #srilanka #SamanDewalaPerahera2024 #ratnapura #godsumanasaman #ratnapura perahera 2024, god saman, ali kulappuwa saman dewalaya, sumana saman deviyo, kalugaga, diya kepima, sabaragamuwa,day perahera, kalugage diya kepima,
instadaily,instagood,instagram,travel,travelphotography, photography,srilanka,beautifuldestinations,beautifulsrilanka,vagabond,instatravel,travel,traveler,igtravel,travelbug, travelblog,wanderer,bbctravel,lonelyplanet,travellife, travelblogger,travellifestyle,traveling,travelphotography, traveller,travelgram,traveldiaries,adventuretime, naturelover, explore, දිය කැපීම, සබරගමුව මහ සමන් දේවාලය,🙏
Информация по комментариям в разработке