koppara koppara ( parents) /කොප්පර කොප්පර පිපිඤ්ඤා-දෙමාපියන්- ජන ක්‍රීඩා දිනය 2019-04-17

Описание к видео koppara koppara ( parents) /කොප්පර කොප්පර පිපිඤ්ඤා-දෙමාපියන්- ජන ක්‍රීඩා දිනය 2019-04-17

ජන ක්‍රීඩා දිනය 2019-04-17
ශ්‍රී පුණ්‍යසාර දහම් පාසල
වේරහැර
බොරලැස්ගමුව.

කොප්පර කොප්පර පිපිඤ්ඤා

ගමේ දරු දැරියන් අතර සිදු වන මෙම ක්‍රිඩාවේදී බොහෝ පිරිසකට සහභාගි විය හැක. දරුවන් රවුමට සිට ගනිති. එක්‌ දරුවෙක්‌ අතු කැබල්ලද රැගෙන රවුම වටේ යයි. රවුම වටේ යන අය සහ රවුමේ සිටින අය අතර සංවාදයක්‌ ගොඩනැඟේ.

කොප්පර කොප්පර පිපිඤ්ඤා පස්‌ස බැලුවොත් දෙසඤ්ඤා

රවුමේ සිටින අය කෝ නෑනෝ පනාව කියන විට වට යන්නා යට ලීයේ පනාව යෑයි පිළිතුරු දෙයි. මේ අන්දමට කීප විටක්‌ කියයි. රවුමේ සිටින්නන් කළ ගෙඩි කළගෙඩි කියන විට රවුම වට යන්නා බෝතල බෝතල කියමින් වට දුවයි. මෙසේ දුවන අතරම අත්ත කෙනෙකු පිටුපස තබයි. වටය ගොස්‌ එතැනට එන්නට පෙර අත්ත ළඟ ඇති තැනැත්තා වට යන්නා ලුහු බඳියි. එසේ නැත්නම් අත්ත ගෙන වටයේ යන්නා ඔහුට එයින් ගසයි. වට යද්දී වුවද කෙනෙකු පිටුපස බැලුවහොත් පහර වදී. එකිනෙකා මාරුවට දිගින් දිගටම මෙසේ සිදු වෙයි.

Комментарии

Информация по комментариям в разработке