ගීතාවලිය55//Psalm 55// Geethawaliya 55//පීඩනයේ දී යැදුම

Описание к видео ගීතාවලිය55//Psalm 55// Geethawaliya 55//පීඩනයේ දී යැදුම

ගීතාවලිය55//Psalm 55// Geethawaliya 55

පීඩනයේ දී යැදුම
දාවිත්ගේ සංගීතයකි.
1අහෝ දෙවිඳුනි!
මාගේ යැදුමට සවන් දුන මැනව;
මාගේ ඉල්ලීම පැහැර නොහැරිය මැනව.
2මා කියන දේ සලකා පිළිතුරු දුන මැනව.
මම කරදරයෙහි ගිලී සිටිමි.
3සතුරාගේ ගෝරනාඩුවෙන් ද දුදනාගේ පීඩනයෙන් ද මම තැතිගනිමි.
ඔව්හු මා පිට කරදර පටවා මට සතුරුකම් කරන්නෝ ය.
4මාගේ හදවත ගැහි ගැහී ඇත්තේ ය;
මරණ බිය මා ලුහුබැඳ එන්නේ ය.
5භීතිය ද ත්‍රාසය ද මට තදින් පීඩා කරන්නේ ය;
බියෙන් මාගේ ඇඟ කිලිපොළා යන්නේ ය.
6අනේ!
මටත් පරෙවියෙකුට මෙන් පියාපත් ඇත්නම්!
එවිට මම පියාඹා ගොස් විවේකය ලබන්නෙමි.
7මම බොහෝ ඈතට ම පියාඹා යන්නෙමි;
පාළුකරයට ගොස් පදිංචි වන්නෙමි.
8සැඬ සුළඟින් සහ චණ්ඩ මාරුතයෙන් මම අහක් ව යන්නෙමි.
මාගේ අභය භූමියට වහා ඉගිල යන්නෙමි.
9සමිඳුනි, ඔවුන්ගේ කතාව වියවුල් කළ මැනව.
මන්ද, නුවර තුළ සැහැසිකම ද ආරාවුල ද මට පෙනේ.
10දිවා රෑ දෙක්හි ඒවා පවුරු මත සැරිසරන්නේ ය;
එහි අපරාධය ද මැරවරකම ද ඇත්තේ ය.
11නුවර මැද දුෂ්ටකම් බහුල ව ඇත්තේ ය.
එහි වෙළෙඳ පොළෙහි ඇති අපරාධයට හා වංචාවට කෙළවරක් නැත්තේ ය.
12මට අපවාද කළෝ සතුරෝ නම්, එය මට ඉවසා ගන්නට තිබුණේ ය;
මට සතුරු ව නැඟිට සිටියෝ එදිරිකාරයෝ නම්, මට ඔවුන්ගෙන් සැඟවෙන්නට තිබුණේ ය.
13එසේ කෙළේ, මා හා සමාන කෙනෙකු වන ඔබ ය;
මාගේ හිත මිතුරා ද සහකාරයා ද ඔබ ය.
14අපි එකට සතුටු සාමීචි කතාවේ යෙදුණෙමු;
එකට දෙව් මැදුරෙහි නමස්කාර කෙළෙමු.
15අකාල මරණය සතුරන් පිට පැමිණේ වා!
ඔව්හු පණපිටින් පාතාලයට යත් වා!
මන්ද, ඔවුන්ගේ සිත්හි හා නිවෙස්හි දුෂ්ටකම ඇත්තේ ය.
16මම දෙවිඳාණන්ට හඬගසන්නෙමි;
සමිඳාණෝ මා ගළවන සේක.
17උදය, මද්දහන හා සවස මාගේ මැසිවිලි කිය කියා මම වැලපෙන්නෙමි.
එතුමාණෝ මා හඬට සවන් දෙන සේක.
18මට විරුද්ධ ව කරන ලද සටනින් එතුමාණෝ මා මුදා මට සාමදානය දුන් සේක.
මන්ද, බොහෝ දෙනා මට විරුද්ධ ව සිටියෝ ය.
19අතීතයේ සිට සිහසුන් අරා සිටින දෙවිඳාණෝ මට සවන් දී පිළිතුරු දුන් සේක.
මන්ද, මාගේ සතුරෝ නීතිය නොරකිති;
දෙවිඳුන් හට ගරුබිය නොදක්වති.
20සතුරා තම මිතුරා හට විරුද්ධ ව තම අත දිගු කෙළේ ය;
එසේ කොට, ඔහු ගිවිසුම කඩ කෙළේ ය.
21බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්,
ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය;
ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය.
එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.
22ඔබේ දුක් බර සමිඳුන් පාමුල තබන්න;
එතුමාණෝ ඔබ ආරක්ෂා කරන සේක;
සැදැහැවතුන්ගේ වැටීමට කිසි දා ඉඩ නොදෙන සේක.
23දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක.
මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත.
එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.පීඩනයේ දී යැදුම

Комментарии

Информация по комментариям в разработке