pansal gala matugama | pansalagala len viharaya | pansal gala len viharaya

Описание к видео pansal gala matugama | pansalagala len viharaya | pansal gala len viharaya

pansal gala matugama | pansalagala len viharaya #mathugama

මතුගම ඇතුළු පස්දුන් රට ඉතිහාසය

වර්තමාන මතුගම ප්‍රදේශය පුරාණ බෙදීම් වලට අනුව මායා රටට හා දක්ඛිණ දේශයට අයත් වේ.පසුකාලීනව බෙදීම් අනුව පංචයෝජන ( පස්‍ යොත්න ) හෙවත් පස්‍ යොදුන් කෝරළයට අයත් වේ.ඒ අනුව දිගින් යොදුන් 5 ක් ද පළලින් යොදුන් 5ක් ද වූ (යොදුන් 1 ක් සැතපුම් 16 ක් වේ.) විසල් ප්‍රදේශය පස් යොදුන් කෝරළය හෙවත් පස්දුන් රට ලෙස හැදින්වේ. එය නැගෙනහිරින් සබරගමු කඳුකරයේ බටහිර බෑවුමින්ද, බටහිරින් මහ සාගරයද, උතුරින් කලු ගඟේ දකුණු ඉවුරද, දකුණේ බෙන්තර ගඟින් ද මායිම් වේ. මෙකී විසල් පස්යොදුන් රට කේන්ද්‍රීය මධ්‍යස්ථානය හෙවත් අගනගරය ලෙස හැඳින්වෙන්නේ මතුගම නගරයයි. මතුගම යන නාමය පබැඳීම කෙරෙහි මුල් වන කාරණා කීපයක් ජනවහරේ වෙයි.

කෝට්ටේ රාජධානි සමයේ 6 වන පැරකුම්බා රජ දවස ඔහුගේ ප්‍රියතම බිසවක් වූ මධුරා හෙවත් මිහිරි දේවියට ශ්‍රී වර්ධන නම් පුත් කුමරෙක් විය.රජු වර්ධන කුමරා ප්‍රතිරාජ පදවිය දුන් අතර පස්දුන් රට පාලනය පිණිස මේ ප්‍රදේශයට එවීය.රජවාසල කුමන්ත්‍රණයක් නිසා කුමරා තම මව වන මධුරා දේවිය තම ප්‍රදේශයට ගෙන්වා මවට මැදුරක් කරවා එහි වාසයට කටයුතු යෙදීය.මව වාසය කල ප්‍රදේශය මාතෘ ගාම නම් විය.පසුව එය මාතු ගාම වී කල් යත්ම මතුගම නම් විය. තවද ප්‍රදේශය පුරා ම පහත්බිම් දෙනි ගොඩැලි වගුරු බිම් හා ගම් බිම් වේ.ඒ සියල්ල ට වඩා උස්වූ බිමෙහි මත්තෙහි පිහිටි ගම මතුගම නම් වූ බවද කියවේ. ඉහත කතා වලට අමතරව දැක්වෙන ජනවහරක කියවෙන්නේ එක් රජෙකු සේනා සමග අතරමංව ගමන් ගන්නා අතරතුර එක්වරම උස්බිමක පිහිටි ගමක් මතුවූ බවත් එනිසා එම ගම මතුගම නම් වූ බවත් ය. ග්‍රාම නාමය පටබැඳීමට පාදක වූ ඓතිහාසික වශයෙන් ඉහත සිදුවීම් ද,තවත් ඓතිහාසික සිදුවීම් රාශියකට පස්දුන් කෝරළය සබැඳී පවතී. පලමු වරට පස්දුන් රට ගැන සදහන් වන්නේ පොළොන්නරු අවධියේදී ය.පොළොන්නරුවේ මහා පැරකුම්බා රජදවස එතුමාගේ පුත් මානාභරණ කුමරු පස්දුන් රටට පැමිණ සේනා සංවිධානය කරමින් ප්‍රදේශය අස්වද්දා සංවර්ධනය කල බව ඉතිහාසගතය. තවද මහා විජයබාහු රජු ද්‍රවිඩ ආක්‍රමණයෙන් පොළොන්නරුව බේරා ගැනීමට රුහුණේ සිට සේනා සංවිධානය කර ගමන් කල මාර්ග තුනෙන් එක් මාර්ගය ක්ද පස්දුන් කෝරළය හරහා වැටී තිබේ. කෝට්ටේ යුගයේ රණශූරයෙක් වූ වීදිය බණ්ඩාර හෙවත් වේධය කුමරු සිරගෙයින් පලාවිත් පස්දුන් කෝරළයේ මතුගමට නුදුරු පැලැන්ද ප්‍රදේශය ආශ්‍රිතව බලකොටුවක් තනා එහි සිට සේනා සංවිධානය කල අතර වර්තමාන එම ප්‍රදේශය පාලින්ද නුවර නොහොත් බදුරලිය නම් වේ. දඹදෙණි හා පොළොන්නරු යුගවල රජකල දෙවන පරාක්‍රමබාහු රජුගේ අමාත්‍යවරයකු වූ දේවපතිරාජ ඇමති පස්දුන් කෝරළයේ කැකුලන්දල සිටි අතර අගලවත්ත කැකුලන්දල පතිරාජ පිරිවෙන් පුරාණ ටැම්පිට විහාරය ඔහු කරවූවකි.
පස්දුන් රට ජනාවාස වීම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන්නකි. ඊට මනා සාක්ෂි සපයන ස්ථානයකි පස්දුන් කෝරළයේ බුලත්සිංහල පාහියන්ගල.වසර 38000 කට වඩා පැරැණි මානව පොසිල ඉන් හමුවී ඇත.
මතුගම ප්‍රදේශය ජනාවාස වීම ගැන තොරතුරක් ද වේ.එනම් සීතාවක රාජසිංහ රජුගේ උදහසට ලක්වූ ප්‍රභූ පවුලක සොහොයුරන් දෙදෙනෙකු රහසිගතව වනාන්තර ගිරිදූර්ග ගහන නිරතුරුව වැසි ලැබෙන මෙකී පස්දුන් රටට පැනවිත් මතුගම ආසන්න හොරපැලයවත්ත නම් ප්‍රදේශය තුළ වාසය කල අතර ඔවුන් ආවාහ විවාහ කරගෙන මෙහිම වාසය කළහ.ඔවුනගෙන් ආරම්භ වූ පරම්පරාව සුප්‍රකට මුණසිංහ පරම්පරාව වේ.





Track: Julius Dreisig & Zeus X Crona - Invisible [NCS Release]Music provided by NoCopyrightSounds.Watch:    • Julius Dreisig & Zeus X Crona - Invis...  Free Download / Stream: http://ncs.io/InvisibleYO

Music in this video
Learn more
Song
19th Floor
Artist
Bobby Richards
Album
19th Floor
Licensed to YouTube by
YouTube Audio Library
Song
In the Temple Garden
Artist
Aaron Kenny
Album
In the Temple Garden
Licensed to YouTube by
YouTube Audio Library

#pansal_gala_matugama #mathugama #viharaya #temple #pansal_gala_len_viharaya #mathugama_temple #Mathugama Bro #Mathugama_Bro #naboda

Комментарии

Информация по комментариям в разработке