පින් කරන්න හිතෙන්නත් අපි ළඟ පින් තිබෙන්න ඕන සත්පුරුෂයන් ඇසුරු කරන්නත් පින තිබෙන්න ඕන

Описание к видео පින් කරන්න හිතෙන්නත් අපි ළඟ පින් තිබෙන්න ඕන සත්පුරුෂයන් ඇසුරු කරන්නත් පින තිබෙන්න ඕන

Ven Koralayagama Saranathissa Thero - Sirasa FM Dharamasanaya 12-09-2019
මේ ලෝකයේ ජීවත් වෙන ශ්‍රද්ධාවන්ත පුද්ගලයන්ට ලැබෙන ආනිසංස 5ක් තිබෙනවා
යමෙකුගෙන් යමක් පිළිගන්නවා මුලින්ම පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයාගෙන්
ශාන්ත සත්පුරුෂයන් පළමුවෙන්ම ධර්ම දේශණා කරන්නේ ශ්‍රද්ධාවන්ත පුද්ගලයන්ට
ශ්‍රද්ධාවන්ත පුද්ගලයා මරණින් පසු සුගතගාමි වෙනවා
ශ්‍රද්ධාවන්තයා කියන්නේ කව්ද ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද මෙය ඉතාම ගැඹුරු මාතෘකාවන්
විශේෂයෙන් නොබිඳෙන ශ්‍රද්ධාවක් තිබෙන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ ළඟ
ඉතාම සාමාන්‍ය දේවල් වෙනුවෙන් අපි ඕන තරම් බොරු කියනව සිල් කඩනවා
මනාව ශ්‍රද්ධාවේ පිහිටියාම සිල් කැඩෙන්නේ නැහැ
භාග්‍යවතුන් වහන්සේ විවේකයට ඉතාමත් කැමතියි
ඒ තරම් විවේකයට කැමති අපේ බුදුරජාණන් වහන්සේ දවසකට සැතපුණේ ඉතාමත් අඩු වෙලාවක්
තනිව විවේකය ඉතාමත් ගරු කරපු කෙනෙක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ
සුඛ සාමණේරයන් වහන්සේගේ කතාව
බොහොම ඈත භවයක ඉතාම දිළින්දෙක් බවට පත්වෙලා ඉපදිලා හිටියේ. දර විකුණලා ජීවත් වුණේ
ගන්ධක සිටුවරයා සමහර දවසකට ගන්න අහාර වේලක වටිනාකම කවහණු ලක්ෂයකට වැඩියි
බත් බැලය තුන් අවුරුද්දක් හම්බකරලා හොයාගත්ත බත් වේල පසේ බුදුරජාණන් වහන්සේට දානය පූජා කරා.
පුණ්ණ දැහැටි කඩල පිළිඅරගෙන වතුරත් පාත්තරේට වතුරත් පූජා කරලා කුඹුරේ වැඩට ගියා.
පුණ්ණගේ බිරිඳ සාරිපුත්ත මහරහතන් වහන්සේට දානය පුජා කරා
දුප්පත් පුණ්ණ සිටුවරයෙක් බවට පත් වුණා. පුණ්ණ සිටුවරයාගේ දුව උත්තරා.
මෙණ්ඩක සිටුතුමාගේ කතාව
සිටුතුමා ලෝභ නැහැ ගබඩා ඇරලා දන් දෙනවා
සමස්ථය ගත්තම අද ශ්‍රද්ධාවන්තන අඩුයි
සමහර අය ස්වාමීන් වහන්සේලා බණ දේශණා කරනකොට ඒකට තරහින් ඉන්නවා
එතෙර කරන්න ඉන්න කෙනා එතෙර කරන්න ඕන. එතෙර වෙන්නේ නැති අය කොහොමත් එතෙර වෙන්නේ නැහැ
කෙනෙක් ජීවිතේම අට සිල් රකිනකොට එකෙන් ලාභය සිල් රකින කෙනාට විතරද ? එය බොහෝ දෙනෙකුට ලොකු ලාභයක්
පන්සිල් කියන්නේ පුණ්‍ය ගංගාවක් ඒක ඔබ දැනන් හිටියද ?
සත්පුරුෂයන් හරි දුර්ලභයි
පින් කරන්න හිතෙන්නත් අපි ළඟ පින් තිබෙන්න ඕන. සත්පුරුෂයන් ඇසුරු කරන්නත් පින තිබෙන්න ඕන
දෙවියන් බ්‍රහ්මයන් වුණා කියල අපිට නිවන් ලැබෙන්නේ නැහැ, සංසාරය කෙලවර වෙන්නේ නැහැ

Комментарии

Информация по комментариям в разработке