වරදින්නෙ නැතිව හරිම විදිහට අලුවා හදන විදිහ| How to make Aluwa| Aluwa Recipe

Описание к видео වරදින්නෙ නැතිව හරිම විදිහට අලුවා හදන විදිහ| How to make Aluwa| Aluwa Recipe

අවශ්‍ය ද්‍රවය

💛හාල් 500g
🤎(පැය දෙකක් පොගවා හාල් කොටා ගත් පසු හාල් පිටි
590ක් පමන තිබුනා.
💛සීනී 450-500g
🤎(කැමති විදිහට ග්‍රෑම් 450ක් හෝ 500ක් සීනි ගන්න. ලොකු වෙනසක් නෑ)
💛තල 50g ක් පමන ( 100g ක් උනත් එකතු කරන්න පුළුවන්. රට කජු හෝ කජු මේ වර්ග වලින් කැමති එකක් එකතු කරන්න . කජු රට කජු ගන්නවා නම් පොඩියටම කපාගෙන එකතු කරන්න නැත්නම් කෑලී කපද්දී ලස්සනට කපා ගන්න අමාරැයි. )
💛 එනසල් ඇට 6ක් පමන
💛ලුනු තේහැදි 1/4-1/2 අතර ප්‍රමාණයක්. ( මන් නම් ලුනු
දැම්මෙ නෑ)


🙏🙏🙏🙏 හාල් 500 කොටා ගත්තාම 590ක් හාල් තිබ්බා කියලා වැරදිලා කියවෙනවා. සමාවෙන්න 😌.. හාල්පිටි ලෙස වෙනස් වෙන්න ඕනෙ. 🙏🙏🙏🙏🙏

කඩෙන් ගන්න තියන හාල් පිටි ගන්නත් පුළුවන්. හාල් පිටි ග්‍රෑම් 500ක් ගන්න. කඩෙන් ගන්න හාල් පිටි වලින් අලුවා හදනවට වඩා හාල් පෙගෙන්න දාලා අලුවා හැදුවාම රස වැඩි.

පැණි එක හැන්දෙන් අරන් උස්සලා බලන නූල් ඇදෙන පදම ගන්න එපා. එහෙම උනොත් පැනි එක උනු වෙලා වැඩි. ලොකු බුබුලු දාන්න පටන් අරන් විනාඩි 3-4 ක් යද්දී ඇගිලි තුඩු දෙකක් අරන් පදම බලන්න. නිකමට වගේ ලොකුවට බුබුලු දාන්න ගද්දී ම බලන්නකො , එතකොට නිකන් සෙවල ගතියට ඇගිලි තුඩු වලට දැනෙනවා මිසක් නූල් ඇදෙන්නෙ නෑ. විනාඩි තුනක් විතර යන්න ඇරලා බලන්න එතකොට හරි. එතකොට මන් පෙන්නුවා වගේ ගීනීයට නූල් ඇදෙන පදම එනවා. ඒ පදම ආවාම තල, එනසල් , දානවානම් ලුනු එකතු කරලා ලිප නිවන්න. රස්නෙ ‍යන්න කලින් පිටි එකතු කරලා පදමට අලුවා මිශ්‍රණය හදන්න.

💙පැනි ටිකක් පැත්තකින් අයින් කරන්න අමතක කරන්න එපා.

ඔයාට පුළුවන් තල දාන්න කලින් ම පැනි අයින් කරන්න. වීඩියෝ එකේ තියන දියාරැ පදමට ගන්න. මම ගන්න පදමට වඩා පොඩ්ඩක් විතර
දිය වැඩි උනත් ඝන පදමට නම් මිශ්‍රණය හදා ගන්න එපා. එහෙම උනොත් පදම වරදිනවා.

☺️මම අර පිහිය ලොකුවට ගන්න කියන තැන කියනවා ලොකු පිහියක් ගන්න කියලා. ඒ වගේම මීට වඩා ලොකු ප්‍රමාණයකින් හදද්දී කොටස් දෙක තුනකට කපන්න පුලුවන් කියලා කියනවා. ඒ කියන දේ වැරදියට තේරැම් ගන්න එපා. ඒ කීවේ අලුවා මිශ්‍රණය කොටස් දෙක තුනකට කපන්න කියලා එහෙම නෙමෙයි. ලොකු පිහියෙන් කපද්දී ලොකු ප්‍රමාණයක අලුවා මිශ්‍රණයක් පැතලි කර ගත්තත්, පිහිය දෙතුන් පාරක් උස්සලා තීරෑ කපා ගන්න පුළුවන් කියන එක. පොඩි පිහිය ඇද ඇද ගොඩක් වෙලා කැපුවොත් හයි වෙන්න තියන ඉඩ කඩ වැඩීනේ 😊


අපහැදිලි තැනක් තිබ්බොත් කමෙන්ට් කරලා අහන්න . 🥰

Комментарии

Информация по комментариям в разработке