Malai Vilai - Dr. Nanda Malini - මලයි විලයි - ආචාර්ය නන්දා මාලිනී

Описание к видео Malai Vilai - Dr. Nanda Malini - මලයි විලයි - ආචාර්ය නන්දා මාලිනී

මලයි විලයි සමනලයයි

මලයි විලයි සමනලයයි
මාත් එක්ක තරහා වෙලා
මල් වැල නිදි මල් අත්තේ
විල බොර වී අර පැත්තේ
ඉරයි හඳයි, තරු යායයි
මාත් එක්ක තරහා වෙලා

පෙර කිවිඳුන් රජ දරුවන් පඩි වදනින් රස කවියෙන්
නිමැවූ සමනල සිහිනේ මා ගීතෙන් නටබුන් වේ

ඳිළිඳු පැලේ හැඬුම ඇසේ
සොඳුරු ලොවේ රැදෙමි කෙසේ

පිළුණු ඉඳුල් යදින ළමුන් හඬන හැඩුම් හෙළන සුසුම්
සවනේ රැව්දේ පිළිරැව් දේ මල විල ගැන ගයනු නොහේ

මල පරවේ විල බොර වේ
හිරු සැඟවේ සඳ මැලවේ

පද මාලාව - සම්මානිත මහාචාර්‍ය සුනිල් ආරියරත්න
සංගීතය , තනු නිර්මාණය සහ ගායනය - ආචාර්‍ය නන්දා මාලිනී

Комментарии

Информация по комментариям в разработке