Soduriye Aradhana (සොදුරියේ ආරාධනා) | Artiste - SUNEERA SUMANGA | Music - KAVEEN RUPASINGHE 2020

Описание к видео Soduriye Aradhana (සොදුරියේ ආරාධනා) | Artiste - SUNEERA SUMANGA | Music - KAVEEN RUPASINGHE 2020

☢️ Song | #Soduriye_Aradhana (සොදුරියේ ආරාධනා)

$ Artiste | #Suneera_Sumanga
$ Lyrics | Dr Wasana Ediriarachchi
$ Music | Kaveen Rupasinghe
$ Sound Engineer | Sandaru Gamage @ Sage Studioz
$ Video Production | Focus Art
$ Backup Vocals | Udara Kariyapperuma

තම පෙම්වතියට කෙරෙන හැඟීම්බර ආරාධනයක් පද වැලක් බවට පත්ව එතැනින් නොනැවතී ගීතවත් වූ අපූරුව ‘ සොඳුරියේ ආරාධනා ‘ ගීතය තුලින් ඔබ අත් දකිනු ඇත. සිහින වලින් පමණක් තම පෙම්වතිය සමග ගණුදෙනු කරන පෙම්වතුන් කොතෙකුත් ඇත්ද? එසේම තම බලාපොරොත්තු එලෙසින්ම සඵල වූ පෙම්වතුන්ද ඇත. සුභාවිත ගීතයේ ප්‍රස්තූතය සැමවිටම විරහව නොවුනත් විරහව එදා මෙදා තුරු සංගීතයට එකතු කරන ලද රස සුළු පටු නොවේ.

ගීතයට හේතුකාරකය නොහොත් වස්තු බීජය වන්නේ අහිමි ආදරයක් සමග දිවි ගෙවන පෙම්වතෙකු  තම හදවතට කිඳා බැසගත් ප්‍රේමයේ ස්වභාවය විස්තර කෙරෙන ආකාරයයි. ගීතයේ අන්තරා කොටස් දෙකක ආරම්භයන්හි මෙලෙස කියවේ....එනම්,

‘ සිහින සොරකම් කරන සඳවත’
‘ සිහින සිතුවම් කරන සඳවත’

මෙලෙස අවස්ථා දෙකක යෙදීමට හේතු පාදක වන්නේ මේ කතාව සිහින වලට සීමා වූ මනෝ ආලයක් යන්න හැඟවීමටයි. බොහෝ අප්‍රකාශිත, අහිමි හෝ ඒකපාර්ශ්වික ආදර කතා වල අනෙක් පාර්ශවය අහිමිව ගියත් ඔහු හෝ ඇය තමා විසින්ම තනා ගත් සිහින ලෝකයක කල් ගෙවීම අරැමයක් නොවේ. කල්යත්ම මේ ආලය පෙම්වතාගේ සිත තුලට තදින් කා වැදී උඩු හිතට වඩා යටි හිත එය සමග ගණුදෙනු කරනු ඇතැයි මට සිතේ. එහි ප්‍රතිඵලය සිහින තුල ජීවත් වීමයි. එනම් දකින සිහින තුල නිරන්තරයෙන්ම තම පෙම්වතියට ඉඩ කඩ සෑදී තිබීමයි. එය කවියා දක්වා ඇත්තේ සොරකම් කිරීමක් සහ සිතුවම් කිරීමක් වශයෙනි.

තමා අමාවක සඳකට උපමා කර ගනිමින් එයට ඇය නැමති පුන් සඳෙහි ආලෝකය මගින් තම හද අන්ධකාරය බිඳ දමන්නැයි ඇවිටිලි කරන්නේ ඉතාම සංවේදී ආරාධනාවකිනි.  එසේම තමා ඇයගේ ප්‍රේම පුරාවෘත්තය බව පවසන්නේ ඇයට දිය හැකි ඉහළම ස්ථානය, ආදරය සහ කැප කිරීම තමා තුල පවතින බව හඟවමිනි. බොහෝ අහිමිවීම් වල සන්තාපය අකා මකා දැමීමට මධුවිත ලං කරගැනීම තාවකාලික පැලැස්තර යෙදීමක් බව අප හොඳින් දනිමු. නමුත් තාරුණ්‍යය තුල එසේ සිදු වීම සුලබය. අඳුර සමග කතා කරන මෙම තරුණයාගේ සාංකාව මකන සුපුරැදු වාසස්ථානය සොල්දරය ලෙස නම් කරන්නේ නිර්මාණය විඳින රසිකයාට ඒ පිළිබඳව වට පිටාව සහ පසු තල චිත්‍රය නිර්මාණය කර දීමටයි.

ගීතයේ තවත් ස්ථාන දෙකක මෙලෙස කියවේ.

‘ සිත පුරා ඉකි බිඳෙන නොබිඳෙන...’
‘ නෙතු සොරොව්දොර බිඳෙන නොබිඳෙන....’

නිරන්තරයෙන් සිදු වෙන කාරණයක් එසේත් නැති නම් නිරන්තරයෙන් ඇති වෙන සහ නැති වෙන යන්න හැඟවීමට රචකයා යෙදූ යම් විශේෂ යෙදුමක් ලෙස ඉකි බිඳෙන / නොබිඳෙන සහ බිඳෙන/ නොබිඳෙන යන්න යොදා ඇත. තම ආලය වෙනුවෙන් පෙම්වතකුගේ සංවේදි බව මේ හරහා මැනෙවින් හුවා දක්වයි.

සොල්දරේ හිද දෙතොල් තෙමනා
මධුවිතින් සන්තාප දවනා
හද අදුර බිද එන්න මා හා
සොදුරියේ ....... ආරාධනා .....

සිහින සොරකම් කරන සදවත
එළිය කරදෙන් සද අමාවක
සිත පුරා ඉකිබිදෙන නොබිදෙන
මා ඔබේ පෙම් පුරාවත සද

සිහින සිතුවම් කරන සදවත
සොදුරු හැගුමන් සිරවෙලා හද
නෙතු සොරොව් දොර බිදෙන නොබිදෙන
මා ඔබේ පෙම් පුරාවත සද

පදරචනය | ආචාර්ය වාසනා එදිරිආරච්චි

📛 M U S I C O R C H E S T R A

⚜️ Music Composer ➡️ #Kaveen_Rupasinghe

$ Keyboard | Sugath Hettiarachchi
$ Violin | Rukshan Gunawardhana
$ Violin | Thisara Bandara
$ Lead Guitar | Buddhika Perera
$ Rhythm Guitar | Buddhika Perera
$ Bass Guitar | Lishan Bandara
$ Drums | Indika Athukorala
$ SPD | Priya Kumudhu Medhawaththa
$ Percussion | Dilan Rachitha Sulalith

☣ Facebook link : - ⤵️⤵️⤵️⤵️⤵️

01) Kaveen_Rupasinghe
  / kaveen19890526  
  / kaveen.rupas.  .

02) Dr Wasana Ediriarachchi
  / wasmadushanka  

03) Suneera Sumanga
  / sumanga.dias  

⭕ ගීතය රසවිදීමට ඔබට ආදරයෙන් ඇරයුම් කරනවා . ගීතය පිළිබඳව ඔබේ අදහස් පහතින් සටහන් කරන්න. තරුණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ කාර්යය අගය කරමින් මෙම නිර්මාණ සමාජගත කිරීමට (Share) කර ඔබගේ සහයෝගය ලබාදෙන්න. 🎙️💜️🎻💜️💐❤️

⛔ ඔබ මෙවැනි #නව_සුභාවිත_ගීත රසවිදීමට ප්‍රියතාවයක් දක්වන්නේ නම් මෙම #You_tube චැනලය #Subscribe කර තබාගන්න . ස්තූතියි. 😊❤️

Комментарии

Информация по комментариям в разработке