බොරුවෙන් රජකරන මේ රජයේ නිරුවත දැන් හෙළි වි අවසන්.

Описание к видео බොරුවෙන් රජකරන මේ රජයේ නිරුවත දැන් හෙළි වි අවසන්.

බොරුවෙන් රජකරන මේ රජයේ නිරුවත දැන් හෙළි වි අවසන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රටේ සිදුවූ දේශපාලන වෙනසත් සමග කුමන ආකාරයේ රට ගොඩනගන වැඩපිළිවෙලක් සහ කෙබදු ආකාරයේ රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන්නේ ද කියා සොයා බලන බවත් මේ කරන කියන දේ දෙස බලන විට කියපු දේ සහ කරන දේ අතර ලොකු පරතරයක් ඇති බවත් එදා රටේ ස්වාභාවික ව්‍යසන ඇති වන විට සහනාදාර මදි යැයි පැවසු බවත් එය ලක්ෂයක් විය යුතු යැයි පැවසුවත් මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයේ සහනාධාර සීමාව රුපියල් 40000ක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 15000 සිට 25000 දක්වා 10000කින් වැඩි කරනවා කිව්වත් එම මුදල් පවා හරිහැටි නොලැබී ඇති බවට මැසිවිලි නගන බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා යැයි පැවසුවත් එයද කිරීමට නොහැකි වී ඇති බවත් තව මාස 6කට විදුලි බිල වෙනස් කිරිම ගැන කතා කළ නොහැකි බවට රජය පවසන බවත් ජනතාව ප්‍රශ්න රැසකට මුහුන දෙන විට බොරුවෙන් රජ කරන මේ රජයේ නිරුවත මේ වන විට ජනතාව ඉදිරියේ හෙළිදරව් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නියෝමාල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පමුණුගම පැවැති ජන හමුවක් අමතමිනි.

භාණ්ඩවල මිල අඩු කිරිම, ජීවන බර අඩු කරනවා යැයි පැවසුවත් අද වන විට පොල් හිඟය සහල් හිඟය ඇතිව තිබෙන බවත් හාල් පිටරටින් ගෙන්වන්නේ නැහැ කිව්ව මේ අය අද හාල් පවා රටින් ගෙන එන බවත් සහල් හිගයට පොල් හිගයට දේශීය වශයෙන් විසදුමක් නොමැති බවත් මේවා ගැන බුද්ධිමත්ව සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රනිල් වික්‍රමසිංහගේ අයිඑම්එෆ් ගිවිසුමම අනුර කුමාරත් ක්‍රියාත්මක කරනවා

එමෙන් ම රටේ මධ්‍යම පන්තිය, වෘත්තීයවේදීන් එක්ව බදු බර අඩු කරන ලෙස ඉල්ලා දැවැන්ත බලවේගයක් ගොඩනැගුවත් වත්මන් රජය කිසිදු බදු බරක් මේ වන තෙක් අඩුකර නොමැති බවත් අයි එම් එෆ් එක සමග රජය සිදු කළ සාකච්ඡාවල ප්‍රගතියක් නොමැති බවත් රජය බදු බර වෙනස් කරනවා වෙනුවට වැට් එක අඩු කරනවා වෙනුවට ඒවා අමතක කර ඇති බවත් රනිල් වික්‍රමසිංහ අත්සන් කළ අයි එම් එෆ් ගිවිසුම වෙනස් නොකර ඒ ආකාරයෙන්ම පිළිගෙන ඇති බවත් මේ අය දිගින් දිගටම ජනතාව රවටමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Комментарии

Информация по комментариям в разработке