• Divya loka 6 | දිව්‍ය ලෝක 6 | දිව්‍ය ...
හය හතර තේරෙනවාද
සතර අපාය මෙච්චර භයානකයි කියලා දැනගෙන හිටියද
අපාය හතර ගැන ඔබ නොදන්න දේවල්
අපායේ නොවැටෙන්න මේ දේවල් කරමු
සතර අපාය
මොකක්ද මේ සතර අපාය කියන්නේ? සෝවාන් නොවුණොත් ඒ කියන්නෙ දහම් ඇස පහළ නොවුනොත් යන්න වෙන අපායවල් සතරක් ගැන නිතර නිතර කථා බහට ලක්වෙනවානේ. ඒ නිසා මේ කොටස වෙන් වෙන්නේ මේ සසරේ බරපතලම අනතුර හඳුනාගන්නටයි.
අසුර අපාය
අසූරයා කියන්නේ කාටද? වචනයකට "අ" යන්න දාපුවම එයින් එහි විරුද්ධ අර්ථය තමයි කියැවෙන්නේ නේද? එහෙනම් සූරයාගේ ඉස්සරහට "අ" දාපුවාම මොකක්ද එයින් එන අදහස?
සූරයෙක් නොවේ අසූරයෙක් කියලා තමයි ඉන් කියැවෙන්නේ නේද? තමන්ට හිමි වැඩකොටසක් තියෙනවා. ඒවගෙන් මග හරින්න බොරු ලෙඩගන්නවා.. සූර බව නැති කරගෙන විහින්ම අසූරයෙක් වෙලා නේද? දැන් හේතු හැදුවේ අසුරයෙක් වෙන්නනේ... කැමැත්ත කොහෙටද අසූර බවට... ඉතින් ඔන්න එයාට යන්න පුළුවන් අසුරයන්ගේ රටට නැත්නම් අසුර අපායට...
ප්‍රේත අපාය
මිනිස් ලොව ඇසුරු කරගෙන පවතින අපායක් ලෙස ප්‍රේත අපාය දැක්වේ. මෙම ප්‍රේතයන් උපත ලබන්නේ ඕපපාතිකවය. ඛුද්දක නිකායේ ප්‍රේථ වස්තු ග්‍රන්තයට අනුව ප්‍රේතයන් ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත. ඒනම් පාංශු පිසාචික,පුප්පිපාසික,නිජ්ඣාමතණ්නික හා පරදත්තූපජීවී යනුවෙනි. පාංශ පිසාචික ප්‍රේතයන් අපිරිසිදු ස්ථාන ඇසුරුකරගෙන වාසය කරති. ඔවුන් පසට වැටෙන සෙම්,සොටු,කෙළ,සැරව,ලේ,මුත්‍රා හා අසුචි වැනි අපවිත්‍ර දෑ ආහාරයට ගිනිමින් ජීවත් වෙයි. පුප්පිපාසික ප්‍රේතයන් දැඩි පිපාසයෙන් පෙළෙමින් දිවි ගෙවයි. ඔවුන් ගංගා ඇල දොළ ආදී ජලය ඇති තැන්වල සැරිසරමින් ජලය සොයයි. එහෙත් පෙර පාප කර්ම බලවත් නම් පිපාසය සංසිදුවීමට තරම් ජලය නොලැබේ. නිජ්ඣමතණ්නික ප්‍රේතයන්ගේ සිරුරු ඇතුලතින් ගිනිගෙන දැවෙයි. මුළු සිරුරම ගිනිගෙන දැවෙද්දී ඉතා වේදනාවෙන් කෑගසමින් ඔබමොබ ගමන් කරති. පරදත්තූපජීවී ප්‍රේතයන්ට පිං අනුමෝදන් කරගැනීමේ හැකියාව ඇත. මොවුන් පෙර ඥාතීන් වෙත පැමිණ ඔවුන් පිං අනුමොදන් කරනු දැක සතුටුවී සැපයට පත්වේ. මෙම ප්‍රේත නිකායන් හතරට අමතරව තවත් ප්‍රේත නිකායන් පිළිබද බුදු දහමේ සදහන්වේ.
තිරිසන් අපාය
ඔබ තිරිසනුන් දන්නවද? "අපෝ! තිරිසනුන් දන්නේ නැත්තේ කව්ද?" කියලා ඔබට සිතේවි! ඔව් තිරිසනුන් කියලා කියන්නේ ලෝකයේ නොයෙක් සත්ව විශේෂ වලටයි. බල්ලෝ, පූසෝ, හාවෝ, මුවෝ, සිංහයෝ, කොටියෝ, අලියෝ, මාලු, කුරුල්ලෝ, කූඹි, වලස්සු, වඳුරෝ, පනුවෝ, සර්පයෝ ආදී එකී නොකී සියලු සත්ව විශේෂ මේ කියන තිරිසන් ගොඩට තමයි අයත් වෙන්නේ.
නිරය
නිරයද ප්‍රේත හා තිරිසන් අපාය මෙන් නොව අසුර ලොකය මෙන් මිනිස් ලොවින් බැහැරව පිහිටා ඇත.නිරය ප්‍රධාන කොටස් අටකට බෙදා ඇත.ඒවානම් සංජීවය,කාලසූත්‍රය,සංඝාතය,රෞරවය,මහා රෞරවය,තාපය,ප්රතාපය,අවීචිය යන්නයි.
සංජීවය
සත්ව ඝාතනය තම ජීවිකාව ලෙස කරන පුද්ගලයන් අධික කෝපය හෝ මානය නිසා දුබලයන් තලා පෙලා කටයුතු කරන රජවරු පාලකයන් නිලධාරීන් මෙම අපායේ උපත ලබයි.දුප්පතුන් පෙළූ පොහොසතුන් හා අසරණ මිනිසුන්ට හිරිහැර කොට වස්තු සම්පත් උදුරාගත් සොරුන් මැරයන් අදිය මෙහි උපදිති.මෙහි උපදනා නිරි සතුන්ව යම පල්ලන් විසින් ගිනියම්වූ පොළවේ ගසා කෑලි කෑලි කොට කපයි.එසේ කපද්දීද නිරි සතුන් මැරි මැරී යලි යලිත් එම අපායේම උපදනා බැවින් සංජීවය යන නම මෙයට ලැබී ඇත.සං ජීවය යනු නැවන නැවත උපදින්නේය යන්නයි.
කාලසූත්‍රය
මෙම අපාය පිහිටියේ සංජීව නිරයට වඩා යොදුන් 15000 දුරින්.එනම් මිනිස් ලොව සිට යොදුන් 30000 දුරිනි.මෙම අපායේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ ලක්ෂ 90කි.එවන් දින 30 මාසයකි.මාස දොළහක් වර්ෂයකි.වර්ෂ 1000 මෙහි පරම ආයුෂවේ.මවුපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරුකටයුතු අයට හිරිහැර කළ පුද්ගලයින් ප්‍රධාන වශයෙන් මෙහි උපදී මෙහි උපදනා නිරි සතුන්ව කලු හැහැ නූලකින් බැඳ ගිනියම්වූ පොළවේ දමා ලී දඩු රහින්නාසේ නිරි සතුන්සේ සිරුරු රහිනු ලබයි.
සංඝාතය
මෙම අපාය කාලසූත්ර නිරයට වඩා 15000 දුරින් පිහිටයි.මෙම අපාය නව යොදුනක් පමන විශාලය.මෙහි උපත ලබන නිරි සතුන් නව යොදුන් ඝක පොළවේ එරී නිශ්චලව පවතී.හෙි අහස ගුගුරන්නාසේ මහා දැවැන්ත පර්වතයන් එරී සිටින නිරි සතුන් මතට වැටී ඔවුන් අඹරවමින් ඒ මේ අත පෙරළෙයි.මෙම අපායේ උපත ලබන්නේ ඇත් අස් ගවා ආදී නොයෙත් සතන්ට අනේක වධ හිංසා පමුණුවමින් වැඩ ගත්තවූවන්ය.
රෞරවය
මෙම අපාය සංඝාත නිරයට යොදුන් 15000 දුරින් පිහිටයි.මෙම නරකයෙහි උපදනා සත්වයන්ගේ සිරුර තුලට වැද ඇතුලත දවාලන්නාවූ නපුරු දුමක් ඇත.ඇතුලත මෙන්ම පිටතද දවාලීම නිසා අදික වෙදනාවෙන් මරහඩ නගන නිරු සතුන්ගෙ හඩින් පිරී ඇති නිසා මෙයට රෞරව නරකයයි කියනු ලබයි.දස දහස් ගණනින් මිනිසුන් සතුන් මරා දමන සොරුන් මංකොල්ලකරුවන් ත්රස්තවාදීන් වැනි දාම ඝාතකයන් මෙහි උපත ලබති.
මහා රෞරවය
මෙහි උපදනා නිරි සතුන්ගේ සිරුරු අතිෂයිම රෞද්‍රවූ ගින්නෙන් හා දුමින් ඇතුලත හා පිතට දවාලන්නේය.මෙසේ දුක් විදින නිරි සතුන්ගේ ලෙයින් පොළව වැසී ඇති අතර අදික වේදනාවෙන් මරහඩ නගත නිරි සතුන්ගේ විලාපයෙන් පිරී ඇති බැවින් මෙම නිරය මහා රෞරවය යන නම ලැබී ඇත.තුරුණුවන් මාපියන් හො සිල්වත් ගුනවත් උතුමන්ට චධ හිංසා පමුණුවනු ලැබූවන් ඔවුන්ගේ වස්තු සම්පත් උතුරාගත්තවුන් මෙහි උපත ලබති.
තාපය
මෙම අපායේ උපදනා නිරි සතුන්ව යමපල්ලන් විසින් ගිනියම්වූ යහුල්වලින් ඇන ගිනියම්වූ මහ පොළවේ අමුණා තබනු ලබති.උල හිදුවන්නාසේ යහුල්වලින් ඇන තුබූ නිරි සතුන් දවාලමින් පොළවෙන් ගිනිජාලා මතුවෙයි.මෙම අපායේ උපත ලබන්නේ සතුන් පණපිටින් පුළුස්සා මරූවන් හා අනුන්ගේ නිවෙස් ගින්නෙන් දවාලූවන්ය.
ප්රතාපය
මෙම අපායේ උපදනා සත්වයෝ තාප නිරයේ උපදනා සත්වයින්ට සමානව දුකකට ලක්වේ.එහෙත් තාප නිරයට වඩා ප්‍රතාප නිරයේ ආයුෂ වැඩිය.
අවීචිය
මෙම අපාය අටමහා නිරයන් අතුරින් දරුණුම අපායයි.මෙම අපායේ යොදුනක් දිය යොදුනක් පළල ගිනියම්වූ යපොළවකින් තුනුන ඝූමියක් ඇත.එසේම උඩ සිට පහළට හා පහළ සිට උඩ දක්වා සදිශාවෙන්ම ගිනිජාලා මතුවෙයි.මෙම අපායේ පරම ආයුෂ කල්පයකි.පංචානතරීය පාප කර්ම එකම් මව මැරීම,පියා මැරීම,සංඝ භේදය,රහතුන් මැරීම,බුදුන්ගේ ලේ සෙලවීම යන පාපප කර්ම සිදුකලවුන් මෙහි උපදිති.
Информация по комментариям в разработке