කොත්මලේ බලන්න තියෙන තැන් | Kothmale

Описание к видео කොත්මලේ බලන්න තියෙන තැන් | Kothmale

කොත්මලේ කියන්නේ බොහොම ඓතිහාසික වටිනාකමක් තියෙන ගොඩක් සුන්දර පැත්තක්. කොත්මලේට ගියොත් නරඹන්න ස්ථාන බොහොමයක් තියෙනවා. ඒත් එක්කම මේ කොත්මලේ තියෙන ගැමි සුන්දරත්වය වචනවලින් කියන්න අමාරුයි.
ඉතින් අපිත් ගියා කොත්මලේ පැත්තෙ පොඩි සංචාරයක්.

අපි ගියේ ගම්පහ ඉඳන් මාවනැල්ලට ගිහින් එතනින් හෙම්මාතගම පාරේ ගම්පොළට ගිහින් ගම්පොළ නාවලපිටිය හරහා උලපනෙන් කොත්මලේට. හෙමාතගම පාරේ යනකොට ඕගොල්ලන්ට දෙවනගල පන්සල අම්බලුවාව වගේ ස්ථානවලත් සංචාරය කරන්න පුළුවන්.

කොත්මලේ අපි බලන්න ගියේ මෙන්න මේ ස්ථාන .
1. ගැමුණු කුමාරයා කොත්මලේට ඇතුළු වුණා කියලා සැලකෙන කඩ දොර හෙවත් දෙහෙදු කඩුල්ල.
2.කොත්මලේ ජලාශය සහ වේල්ල
3. මහවැලි මහා සෑය
4. පී කොක් හිල් හෙවත් මොනර කන්ද වීව් පොයින්ට් එක.
5.මොරපේ කතරගම දේවාලය.
6. රජතලේ වෙල්යාය සහ රණමුරේ පිහිල්ල
7. කඩියන් ලෙන ඇල්ල.

අපිට එක දවසින් මේ හැම තැනම ඇවිදලා හවස පහ හමාර වෙනකොට කුරුණෑගලට ආපහු යන්නත් පුළුවන් උනා.

පීකොක් හිල් වලට මම වෙනම රූප රචනාවක් කළා. ඒකේ ලින්ක් එකත් මම මෙතනම දාලා තියන්නම්.

   • හරි පාරෙන් පීකොක් හිල් යමු | මොණර කන්...  

ගැමුණු කුමාරයා මේ කොත්මලේ ප්‍රදේශයේ අවුරුදු විස්සකට ආසන්න කාලයක් හිටියා කියලා කියනවා. ඒත් එක්කම මේ ප්‍රදේශය අතීත රාවණා යුගයට පවා සම්බන්ධතා තියෙනවා. බොහොම අපූරු ජනප්‍රවාද රාශියක් කොත්මලේ එක්ක බැඳිලා තියෙනවා. මේ ඔක්කොම කතන්දර ටික ඕගොල්ලන්ට මේ රූප රචනාව බැලුවොත් අහගන්න පුලුවන් .

ඉතින් බොහොම ආදරයෙන් ආරාධනා කරනවා අපේ කොත්මලේ සංචාරය රූප රචනාව බලන්න කියලා. ඉස්සරහටත් මේ වගේ බොහොම සුන්දර රූප රචනා සහ සංචාරක සටහන් බලන්න නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා.

ආයෙමත් දවසක මේ වගේම සුන්දර සංචාරයකගේ මුණගැහෙමු.

සුභ දවසක්!

Equipment Used:
Gopro hero 12
I phone 11

Комментарии

Информация по комментариям в разработке