Kiri Amma Danaya - Seth Kavi (කිරි අම්මාවරුන්ගේ දානය - සෙත් කවි) Chamodhi Hettiarachchi

Описание к видео Kiri Amma Danaya - Seth Kavi (කිරි අම්මාවරුන්ගේ දානය - සෙත් කවි) Chamodhi Hettiarachchi

Kiri Amma Danaya - Seth Kavi (කිරි අම්මාවරුන්ගේ දානය - සෙත් කවි) Chamodhi Hettiarachchi #rajini
ගායනය - චමෝදි හෙට්ටිආරච්චි
  / chamo.hettiarachchi.5  

සංගීතය - තිලිණ තාරක
  / thilinatharakaofficial  


පිරිසිදු පිරුවට ඇඳ පේවෙන්නේ
දානෙට සත් දෙන එන බව දන්නේ
පත්තිනි දෙවියොත් සමග වඩින්නේ
කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ

පළමුව මංසල කවුද සිටින්නේ
නාග දෙවිඳු සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ

දෙවනුව මංසල කවුද සිටින්නේ
සමන් දෙවිඳු සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ

තෙවනුව මංසල කවුද සිටින්නේ
දැඩිමුණ්ඩ දෙවි සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ

සිව්වනු මංසල කවුද සිටින්නේ
විෂ්ණු දෙවිඳු සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ

පස්වන මංසල කවුද සිටින්නේ
කඳ කුමරුන් සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ

සයවන මංසල කවුද සිටින්නේ
ගම්භාර දෙවි සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ

සත්වන මංසල කවුද සිටින්නේ
සත් පත්තිනි දෙවිඳු සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ

පුදා මෙරඟ සරසන මල් මාලා
සදා සුවඳ කිරි කැවිලි ද දාලා
නඳා අවට බබළන රැස් මාලා
සදා දිනිඳු ලෙස තෙද බල පාලා

පරසිඳු පත්තිනි හට කළ පිනිපා
කරමින් දින දින පිරිපත දුරපා
හැර ගල් මුල් වැහි හිරු රැස් දුරපා
අරමුණු කළ බිම නමදින් තෙදපා ......

#rajini #sethkavi #kiriammadanaya

Комментарии

Информация по комментариям в разработке