#Nallur

Описание к видео #Nallur

ඓතිහාසික නල්ලූර් කන්දස්වාමි දේවස්ථානයේ සුරසම්හාරම් උත්සවය!
#jaffna#nallur#nalluran#Srilanka#Hinduism#Ceylon#Religious#Festival#

නල්ලූර් කන්දස්වාමි කෝවිල #நல்லூர் கந்தசுவாமி கோவில், ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයෙහි ඇති සුවිශේෂී හින්දු කෝවිලකි. එය නල්ලුර් නගරයෙහි පිහිටා ඇත. මෙම කෝවිලෙහි ප්‍රධාන දෙවියන් වන්නේ මුරුගන් දෙවියන්ය ( කතරගම දෙවියන්).
ඉතිහාසය -
මුල්ම කන්දස්වාමි කෝවිල ආරම්භ කරන ලද්දේ 1948 දීය. යාල්පාන වෛපව මලෛට අනුව මෙම කෝවිල 13 වන සියවසේදී යාපනයේ කාලිංග මාඝ රජතුමාගේ ඇමතිවරයෙකු වූ පුවෙනක වාහු විසින් සංවර්ධනය කරන ලදී. තුන්වන නල්ලුර් කන්දස්වාමි කෝවිල ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීම යාපනය රාජධානිය පාලනය කල සපුමල් කුමාරයා විසින් කරන ලදී. නල්ලුර් කෝවිල ආසන්නයේ රජ මාලිගාව පිහිටා ඇති අතර නල්ලුර් යාපනයේ රජවරුන්ගේ අගනුවර ලෙසද සැලකේ. නල්ලුර් පිවිසුම් ගේට්ටු හතරකින් ඉදිකර ඇත.

වර්තමානයේදී මුල්ම නල්ලුර් කෝවිල තිබු ස්ථානයේ පෘතුගීසීන් විසින් ඉදි කරන ලද පල්ලි දක්නට ලැබේ. නගර මද්‍යය මුතිරෛ සන්ති වූ අතර එය වටා බලකොටුවක් පිහිටා ඇත. එහි රජවරුන්, බ්‍රහ්මණ පූජකයන්, සොල්දාදුවන් සහ වෙනත් සේවා සපයන්නන් සඳහා අලංකාර ගොඩනැගිලි තිබී ඇත. උස් බිත්ති සහිත පැරණි කන්දස්වාමි කෝවිල ආරක්ෂක බලකොටුවක්ද විය. ක්‍රි.ව. 1624 දී පෘතුගීසී කතෝලික යටත් විජිතයේ ඔලිවේරා විසින් තෙවන නල්ලුර් කෝවිල විනාශ කරන ලදී. වර්තමානයේ නල්ලුර් හි ශාන්ත ජේම්ස් පල්ලිය පිහිටා ඇති ස්ථානයේ මුල්ම නල්ලුර් කෝවිල පිහිටා ඇත.

ලන්දේසි යටත් විජිත යුගයේදී එකල කුරුක්කල් වලව් නම් ප්‍රදේශයක ලන්දේසි කච්චෙරියේ සරප් ලෙස සේවය කල 'දොන් ජූඅන් ' රගුනාථ මාපාන මුදලියර් විසින් හතරවන එනම් වත්මන් කෝවිල ක්‍රිස්තු වර්ශ 1734 දී ඉදිකර ඇත. කෝවිලේ ප්‍රථම වරට පුජකයෙකු ලෙස සේවය කර ඇත්තේ බ්‍රහ්මනයකු වු ක්‍රිශ්නෛයර් විසිනි.

ආරම්භයේදී කෝවිල ඉදිකර ඇත්තේ ගඩොල් සහ ගල් වලිනි. එහි වහලයට පොල් අතු භාවිතා කර ඇත. මුල්ම සිද්ධස්ථානයේ තිබී ඇත්තේ කුඩා ශාලා දෙකක් පමණි. අතීතයේ සියවස් ගණනාවක් පුරා කෝවිලෙහි පරිපාලන කටයුතු භාරව කටයුතු කරන ලද්දේ රගුනාථ මාපාන මුදලියර්ගෙන් පැවත එන්නන් විසිනි. අද වන විට තවත් බොහෝ අය කෝවිලෙහි වර්තමාන තත්වය දක්වා ගෙන ඒමට කටයුතු කර ඇත.

නල්ලූර් කෝවිලේ ඉතිහාසයේ 'ස්වර්ණමය යුගය' ආරම්භ වන්නේ 1890 දී 7 වැනි භාරකාරයා ලෙස නල්ලුර් කෝවිල් පරිපාලනය ආරුමුග මාපාන මුදලියර් විසින් අතට ගත්පසුය. ඔහු විසින් පළමු බෙල් කුළුණ 1899 දී ඉදි කරන ලදි. පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත. 1964 වර්ෂයෙන් පසු, වර්තමානයේ 10 වන භාරකරු වන කුමාරදාස් මාපාන මුදලියර් විසින් කෝවිලේ වැඩි දියුණු කිරීම් කර ඇත. මුළුමනින් ම පාහේ කෝවිල් සංකීර්ණය නැවත ගොඩ නගමින් එය රට තුළ විශාලතම හින්දු කෝවිල් සංකීර්ණය බවට පත්කර ඇත. වාර්ෂික චාරිත්‍රයක් වන ' තිරුප්පනි ' ඔහු විසින් හඳුන්වා දෙන ලදි. අද වන විට කෝවිලේ ඇති ගෝපුරම් හතර, බෙල් කුලුණු හය, සහ එහි ඇති බලකොටු බිත්ති නල්ලුර් සඳහා බලකොටුවක පෙනුමක් ලබා දී ඇත.

මෙම කෝවිලේ ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසට මුහුනලා ඇත. එහි ඇති කැටයම් ද්‍ර්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය අනුව කර ඇත. මෙම කෝවිලේ දක්ෂිණ ප්‍රදේශයේ ශුද්ධ වු පොකුණ හා තන්දයුධපානි සිද්ධස්ථානයක් දැක ගත හැකි ය. උතුරු පැත්තේ 'පුන්තෝට්ටම් ' ශුද්ධ උයන දැකගත හැකිය.

Комментарии

Информация по комментариям в разработке