ස්නායු පිරවීම ප්‍රතිකාරය || දත් මුල් බද්ධ කිරීම || මුඛ සෞඛ්‍ය රැක ගනිමු ( 5.1 ) || Nerve Filling

Описание к видео ස්නායු පිරවීම ප්‍රතිකාරය || දත් මුල් බද්ධ කිරීම || මුඛ සෞඛ්‍ය රැක ගනිමු ( 5.1 ) || Nerve Filling

අපේ video නැරඹූ ඔබට ස්තූතියි..!
දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න...
ඒව වගේම bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම video එකක් දාපු ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්...

👉 Reserved. Do Not Copy, Stream or Otherwise use these Videos in any manner winner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
👉 මෙම වීඩියෝව අප නාලිකාව සතු බුද්ධිමය දේපලකි. මෙහි ඇති වීඩියෝව හා අන්තර්ගත කිසිවක් ඔබ කුමන අයුරකින් අනවසරෙන් උපුටා ගතහොත් නීතිමය පියවර ගන්නා බව කාරුණිකව සලකන්න.
ස්නායු පිරවීම හෙවත් දන්ත මූල ප්‍රතිකාරය
ස්නායු පිරවීම ලෙස ව්‍යවහාරයේ භාවිතා උවත් නිවැරැදි ලෙස පවසන්නේ නම් එය දන්ත මූල ප්‍රතිකාරයකි
දත නරක්වීම ආරම්භක අවදියේදී එයට ප්‍රතිකාර නොකර සිටීම නිසා එය කල්ක කුහරය දක්වා පැතිර යාම නිසා එම ආසාදන තත්වය දන්ත මූලය දක්වා පැතිර ගොස් අදික වේදනාවක් පැවතීම,දත ඇල්ලීමට නොහැකි තරමට වේදනාකාරී වීම,දත ආශ්‍රිත විදුරුමස් ඉදිමීම වැනි හේතු නිසා දත තවදුරටත් තබා ගැනීමට අවශ්‍ය නම් දන්ත මූල ප්‍රතිකාරය කල යුතු වේ
හදිසි අනතුරු නිසා දතෙහි කල්ක කුහරය දක්වා දත හානි වූ විටත් ස්නායු පිරවීම් හෙවත් දන්ත මූල ප්‍රතිකාරය කල යුතු වේ
අදික ලෙස දත් ගෙවීම නිසා උවද දතෙහි කල්ක කුහරය දක්වා ආසාදනය විම නිසා ද මේ ප්‍රතිකාරය සිදු කල යුතු වේ
මෙය සාර්තක ප්‍රතිකරයකි.පලපුරුද්දක් ඇති දන්ත වෛද්‍යවරුන් මගින් සිදුකරගතහොත් හොද ප්‍රතිපල ලබාගත හැක
ස්නයු පිරවීමකදි ආසාදිත කල්ක කුහරය දන්ත මූලය දක්වාම ඉවත්කරනු ලබන අතර එය තරමක් සංකීර්ණ ක්‍රියාවලියකි.දත අනුව එහි සංකීර්ණ බව වෙනස් වේ.ඉදිරිපස දත් වලට වඩා හක්කේ දත්වල ක්‍රියාවලිය සංකීර්ණ වේ.
මෙහිදී දතට සංවේදනය ගෙන එන ස්නායුව සමග සන්නිවේදන කරන කල්ක කුහරය ආසාදිත පටක කොටස් සමග ඉවත් කරන නිසා දතෙහි ඇති වේදනාව ඉවත් වී වේදනාවෙන් තොරව දත කාලයක් තබා ගත හැක.
ස්නායු පිරවූ දත් ,
කාලයක් ගියවිට කැඩීයාම බහුලව ඇති ගැටලුවකි.එයට බහුල හේතු ඇත.ස්නායු පිරවීමෙන් දතට වැඩිපුර ශක්තියක් නොලැබේ.කාලයත් සමග එහි ශක්තිය අඩු විය හැක.එයට බහුලම හේතුව ස්නායු පිරවීම ආරම්භක අවස්ථාව වනවිට දතෙහි 50%කට වඩා විනාශ වී පැවතීම .දන්ත මූල ප්‍රතිකාරයෙන් අනතුරුව දතෙහි උඩ කොටසට(දන්ත මස්තකයට )දමා ඇති ස්තිර පිරවීම පලුදුවීම් වලදී ඒවා පිලිබදව සැලකිල්ලට නොගෙන සිටීම.එවැනි දත් වැඩිපුර ශක්තිමත් ලෙස සිතා අනවශ්‍ය දෑ සැපීම
ස්නයු පිරවූ දත් වල දතෙහි උඩ කොටස වැඩිපුර හානි වී ඇත්නම් එවැනි දත් සදහා crown ප්‍රතිකාරය සිදු කිරීමෙන් දත ශක්තිමත් ලෙස කැඩීයාමකින් තොරව දිගුකාලයක් තබා ගත හැකිය.
තවද ස්නායු පිරවූ දතක කාලයක් ගතවු පසුව උඩ කොටසේ පිරවුම පලුදු වීම්,ගැලවීම් සිදුවුවහොත් ඒ සදහා නැවත ස්නායු ප්‍රතිකාරය සිදු කල යුතු නැති අතර හැකි ඉක්මනට දත සාමාන්‍ය පරිදි පුරවාගැනීමෙන් දත දිගුකාලයක් පවත්වාගත හැක
කලාතුරකින් බොහෝකාලයක් පැරනි ස්නායු පිරවූ දතක වේදනාව ඇතිවුවහොත් X කිරණ මගින් නැවත ස්නයු පිරවීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන්නේ නම් එලෙස නැවත පිරවීමේ හැකියාව පවතී
එකම පුද්ගලයාගේ කටෙහි ඇති දත් කිහිපයක ස්නායු පිරවීම කල හැකි අතර එමගින් අහිතකර බලපෑමක් සිදු නොවේ
සීමිත සම්පතක් වන දත් ගලවා ඉවත්කිරීමෙන් තොරව පවත්වාගැනීමට මෙය ඉතා වැදගත් ප්‍රතිකාරයකි
This is to educate Sri Lankans about oral health
SUBSCRIBE ON YOUTUBE; https://youtube.com/channel/UCaj3iYh-...
AM TV ON SOCIAL MEDIA
FACEBOOK :   / amila.malwat.  . ( AMILA MALWATHTHA )
:   / amilamalwath5th   ( MEDICO MUSIC )
WHATSAPP : +94773032773 / +94722394488
#AM_TV_Sri_Lanka #Oral_health_Sri_Lanka #nerve_filling

Комментарии

Информация по комментариям в разработке