"ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සැමරිය යුත්තේ ජාතියේ පියා විදිහටයි" - මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

Описание к видео "ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සැමරිය යුත්තේ ජාතියේ පියා විදිහටයි" - මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

"ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සැමරිය යුත්තේ ජාතියේ පියා විදිහටයි" - මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

ආර්යවාහිනී බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ තිලාන් රංගන මහත්මාගේ සංකල්පයකට අනුව ආර්යවාහිනී බෞද්ධ නාලිකාවත් ආර්ය පදනමත් එක්ව සංවිධානය කරන 'ලක්වානී' අනාගත නායකත්ව නිර්මාණ කරන වැඩසටහනේ ප්‍රධාන අනුශාසකත්වය දරනු ලබන්නේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේයි.
ZOOM තාක්ෂණය ඔස්සේ පැවැති ලක්වානී මුහුරත් උළෙල සඳහා ආර්යවාහිනී - ආර්ය පදනමේ ගෞරවනීය ප්‍රධාන අනුශාසක මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ ද ගරු දහම් පාසල්, පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමා ද ලක්වානී වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මැතිතුමා ද ආර්යවාහිනී බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ/ සභාපති තිලාන් රංගන මැතිතුමා සහ එහි ප්‍රධාන විධායක නිළධාරිනී නිලක්ෂි රත්නතුංග ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.
ලක්වානී නායකත්ව නිර්මාණය තරගාවලියේ විද්වත් මණ්ඩලය නියෝජනය කරමින් නීතිඥ සංජය රණතුංග මහත්මා ත් මහේෂ් නිර්මාල් මහත්මා ත් මෙම අවස්ථාට සහභාගී වූ අතර නීතිඥ රෂ්නිකා ලියනගේ මහත්මිය විසින් වැඩසටහන මෙහෙයවනු ලැබුවාය.

Комментарии

Информация по комментариям в разработке