මග විසිතුරු New Style | G.C.E. O/L Sinhala | By Thotagamuwe Sri Rahula Thero

Описание к видео මග විසිතුරු New Style | G.C.E. O/L Sinhala | By Thotagamuwe Sri Rahula Thero

මග විසිතුරු
Direction by: EmpowerUTube
Song by: Suno AI
Lyrics by: Thotagamuwe Sri Rahula Thero

Lyrics:

සුරරද සමන් සමගින් සුර'ගන එ වර
පැහැනද මදාරා පරසතු මල් පතර
කැර පුද වඳින රැඳි මුණි සිරිපා තඹර
සකි සඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර

ගනේ මිණි බැබැළි කිරණෙව් සතපාය
රනේ යට'ග සැවුලිඳු දද ගළපාය
අනේ ලකර කළ පුර අප නරපාය
පෙනේ දකුණැ මහසෙන් දෙව් රද පාය

වලඳින අදහසින් මෙන් සුර ගඟ අඟන
නල බල සසල දළ රළ පෙළ නුබ නැඟෙන
වෙල ළස ගැවැසි මුතු සක් පබළු බබළන
බල මහ මුහුද එම සඳැ උතුරින් පෙනෙන

සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි නෙලෙන
තැන්තැන් වල ම සැතැපී සියුමැලි බැවින
රන්වන් කරල් ගෙනැ එන ගිරවුන් අතින
යන්මන් තොසින් මඟ තොරතුරු නියම දැන

නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරින
දුල කැරැ සේසත් මිණි බරණ කිරණින
බල පිරි සෙන් සහ යාපා පටුන් ගෙන
බල සේනානායක සපු කුමරු එන

අග පිපි මල් මලිගිය ලිය කැලේයා
වග බැඳැ හෙන රජ හස පුල් විලේයා
ළඟ තුරු මල් ගිලිහුණු රොනවු'ලේයා
මඟ බැස යව පළ හෙළ වැලි තෙලේයා

අයි රාවණ වුවත් නවතන රිසින් එන
අයි රා දහස් දිලි දුනු කොත් සිපත් ගෙන
කයි කාවලෙහි දැකැ සෙබළුන් රැක සිටින
වයි යා කරන් මල් තුරු ගන වන හිසින

නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුළ
සුපුල් මල් යහන් ලිය මඬු ලිය ගෙ පෙළ
එකල් කෙළෙන වන දෙව් ලිය දැකැ කොමළ
ළසල් රැකෙක සැතැපුව ළපලු සිහිල'ළ

මල්දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි
කල්ගිම් නිවා සැනැහෙන සිහිලස රසිනි
කොල්ලම් ගසින් නිල් ඉවුරැ'ති පොකුණ'සිනි
වල් අම්බලම දැක යා ගන් සහතොසිනි

කස්තුරි තිලක සැදි නළලත සුමටාන
පුල් මහනෙල් මල් දම් හිස දවටාන
සලෙළුන් යනෙන නිති කැරැ කෙළි කවටාන
රිවි මුදුනත වන මැද වදු සුමුටාන

මඟ නිලමින් සිටි නා දොඹ නී පියල
පිය සලමින් මලගෙහි කෙළැ රොනින'වල
ත තුඩලමින් බිඳ විලිකුන් මියුරු පල
ඉසිබුලමින් යෙහි සැළ! දඹ පඳුරුවල

රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවැසී
මත කොවුලේ තුරු වදලේ හඬන නිසී
වන සැවුලේ මඟ අසලේ පොර සැලැසී
ගුරුබැවුලේ යව අවුලේ නොවී කිසී

වනසිරි පියුම්‍රා බඳ රන'බරණ යුරු
වටපිරි සුපුල් දුනුකේ මල් මුරුත'තුරු
බිඟුපිරි වැරූ ඔලු'පුලැ'ඹුලවල තඹරූ
හිමසරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු

සැ.යු. :- මෙය AI මගින් සකස්කල ගීතයක් නිසා මෙහි සමහර පද තොටගමුවේ ශ්‍රී රාහුල හිමි රචනාකල ආකාරයෙන්ම නොතිබිය හැක.

This video published to YouTube only for a educational purpose.
(Special thanks for original writers)

#මග_විසිතුරු
#තොටගමුවේ_ශ්‍රී_රාහුල_හිමි
#music
#Grade11
#SinhalaLit
#magavisithuru
#maga_visithuru
#සැළලිහිණි_සංදේශය
#hansa_sandeshaya

Комментарии

Информация по комментариям в разработке