Sagare Sihilael - සාගරෙ සිහිලැල් - Haroon Lanthra and Sujatha Aththanayaka

Описание к видео Sagare Sihilael - සාගරෙ සිහිලැල් - Haroon Lanthra and Sujatha Aththanayaka

සාගරෙ සිහිලැල් පාවෙන රළ වැල්
මේ වෙරළට දී හාදු රහසක් කියාවී

ඒ ගොළු බස පෙම් දන්නෙමි මම නම්
මා දෙනෙතට ළංවීලා බලතොත් පෙනේවී

හිරු නැඟ බැස යයි මදනළ දිව යයි
සෙනෙහස අපගේ ලියලයි දළුලයි

පෙර සංසාරේ විඳ හුරු පුරුදූ
සුවඳක් ඔබගෙන් පිට වී එයී
ඒ අද වාගෙ කමණීය සැන්දෑවකයි....

ඔබ හඬ සුහදේ සවනට සුවදේ
මට මා කවුදැයි අමතක වී යයි

පිපෙන නෙළුම් මල පැහැති දෙකම්මුල
හිතක සුරංගන සිහින මවයි

ඔව් අප දෙන්නා මේ රැල්ලයි වැල්ලයි වගේ

හරූන් ලන්ත්‍රා - සුජාතා අත්තනායක
කරුණාරත්න අබේසේකර / එම්.කේ. රොක්සාමි
රන්රස (1967)
හින්දි තනුවකි

Комментарии

Информация по комментариям в разработке