Sri Lankan Love Cake recipe ( අවුරුදු 100ක් විතර පරණ රසම රස ලව් කේක් රෙසිපි එක)

Описание к видео Sri Lankan Love Cake recipe ( අවුරුදු 100ක් විතර පරණ රසම රස ලව් කේක් රෙසිපි එක)

Love Cake හදන විදි ඇති..මමත් 2015 හදලා එකතුකලා english විදියට candied fruits එකතුකරලා..මේ රෙසිපි එකේදී පුහුල් දෝසි සහ කජු විතරයි එකතුකලේ..මම ගෙදර හදපු පුහුල්දොසි තිබුන නිසා මට හිතුනා හදන්න..සුජි අක්කට බොහොම ස්තුති මට මේ ගැන කිව්වට..මම මා ලග තිබෙන පුහුල් දෝසි ප්‍රමාණය අනුව රෙසිපි එකට අවශ්‍ය අනිත් අඩුවැඩිය අරගත්තේ මෙහෙමයි..
රුලන් 250g (Semolina 250g)
සිනී 250g (Sugar 250g)
බටර් 250g (Butter 250g)
බිත්තර 6 (6 eggs)
කජු 200g (200g Cashews)
පුහුල් දෝසි 130g (Pumpkin preserve 130g)
මි පැණි මේස හැදී 2 (2tbs honey)
ආමන්ඩ් , රෝස්, වැනිලා එසන්ස් තේ හැදී 1 බැගින්
(1tsp almond essence, 1tsp vanilla essence, 1tsp rose essence)
කුරුදු කුඩු තේ හැදී 1/2 (1/2tsp cinnamon powder)
සාදික්කා කුඩු තේ හැදී 1/2 (1/2tsp nutmeg powder)
ලෙමන් ගෙඩි එකක පොත්ත තේ හැදී 1 පමණ (lemon zest)

ඔයාලට කැමතිනම් බිත්තර කහ මද 8 සුදු මද 4 වෙන්න ගන්නත් පුළුවන්
මට ආමන්ඩ් එසන්ස් සහ රෝස් එසන්ස් වෙනුවට රම් ටිකක් එකතුකලා
මී පැණිත් මේස හැදී 3 විතර ගන්න පුළුවන්
කජු කොටසක් කුඩු කරගන්න කොටසක් කපාගන්න, නැත්නම් කජු කපලා විතරක් එකතුකරන්නත් පුළුවන්..
ඉතිං ඔයාලත් හදලා රස බලන්න විවිධ රෙසිපි ඇති , හදන විදිත් ඇති රසම විදිහක් නිසා බෙදාගන්න හිතුනා..ඔයාලා හදලා රස බලලා මටත් ලියන්න කොහොමද කියලා..
ජනනි ගුරුසිංහ
මගේ facebook page එකට ෆොටෝ අරගෙන එන්න අදහසුත් එක්කම..
  / jananigurusinghe2015  
මම කලින් හදපු ලව් කේක් රෙසිපි එක පේජ් එකේ කේක් ඇල්බම් එකේ ඇතුලත්..ඔයාලට තව ගොඩක් රෙසිපි මගේ පේජ් එකෙන් බලාගන්න පුළුවන්
පුහුල්දොසි පහසුවෙන් හදන වීඩියෝව -    • පුහුල් දෝසි ඉක්මනින් රසට හදමු (Ash Go...  

Комментарии

Информация по комментариям в разработке