HIRUDA MUWAWEE by Priya Sooriyasena

Описание к видео HIRUDA MUWAWEE by Priya Sooriyasena

⋆⋆⋆ හිරුද මුවා වී ⋆⋆⋆⋆⋆⋆
හිරුද මුවා වී ලැසි ගමන බලා වී //
කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා //
හිරුද මුවා වී ලැසි ගමන බලා වී //

කට කැඩි කළේ අරන් කුඹුකෙ ලිඳට දියට ඇදෙන් //
ඉර බටු තරුව වගේ ගමට සිරිය සතුට ගෙනෙන්
හිරුද මුවා වී ලැසි ගමන බලා වී //
කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා //
හිරුද මුවා වී ලැසි ගමන බලා වී //

කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ //
බක් මහ නැකත් බලා එළිය කරන් ගෙපැල මගේ
හිරුද මුවා වී ලැසි ගමන බලා වී //
කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා //
හිරුද මුවා වී ලැසි ගමන බලා වී ////

උපාලි ධනවලවිතානගේ පද සංකල්පනාව, ක්ලැරන්ස්
විජේවර්ධනගේ සංගීත නිර්මාණය, ප්‍රියා සූරියසේනගේ ගායනය.
Lyrics: Upali Dhanawalavithana
Music: Clarence Wijewardhana
Artist: Priya Sooriyasena

එදත් අදත් එකසේ ජනප්‍රිය මෙම සුමධුර ගීතවල පද රචනය, සංගීත රචනය සහ ගායනය ස‍ඳහා නිර්මාණ දායකත්වය ලබා දුන් කලා ශිල්පීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මාධ්‍යවලින් අද අසන්නට නොලැබෙන මේ සුමියුරු ගීත එදා රසවිඳි රසිකයින්ට නැවත තම මතකයන් අවදි කර ගන්නටත්, තවද පැරණි ගීත නිර්මාණයන් ගැන හදාරන්නට කැමැත්තක් ඇති නව පරපුරේ රසිකයන්ට අත්වැලක් ලෙසත් මෙලෙස ඉදිරිපත් කරමි. ඔබගේ ශ්‍රවන වින්දනය සඳහා පමණක් ඉදිරිපත් කරන මෙම ගීත භාගත කිරීම, පිටපත් කිරීම හා වාණිජමය අරමුණු සදහා ඉවහල් කර ගැනීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

Комментарии

Информация по комментариям в разработке