විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන්ම වෙන් වූ ජනාධිපති කාර්ය සාධන බලකායක් සහ අරමුදලක් පිහිටුවනවා.

Описание к видео විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන්ම වෙන් වූ ජනාධිපති කාර්ය සාධන බලකායක් සහ අරමුදලක් පිහිටුවනවා.

විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන්ම වෙන් වූ ජනාධිපති කාර්ය සාධන බලකායක් සහ අරමුදලක් පිහිටුවනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ඉදිරි කාලයේ විශ්‍රාම වැටුප් ගෙවීමේ දී බරපතල ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවත් අද දවසේ ගැටලු මෙන්ම අනාගතවාදීව මේ වරම ආරක්ෂා වන ආකාරයට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාව සකස් කර ඇති බවත් ඒ සඳහා විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවීමේ අදහස ඇති බවත් එය ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් ගත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම විශ්‍රාම ප්‍රජාව වෙනුවෙන්ම කැපවූ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කර මොවුන්ගේ ගැටලු ප්‍රශ්න සම්බන්ධයෙන් සෘජුව සොයා බලන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ දී විශ්‍රාමික ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරිම සදහා වන සම්මුතියකට අත්සන් කරමිනි.

දශක ගණනාවක් පුරා අප රට දැය වෙනුවෙන් කළ හැකි උපරිම කැපකිරීම කාර්යභාරය ඉටු කර විවේක සුවයෙන් ගත කරන අපේ රටේ විශ්‍රාමික ප්‍රජාවට කෘතගුණ දැක්විය යුතු බවත් කෘතගුණ දැක්වීමේ ගුණාංගය සමාජය තුළ ක්‍රමක්‍රමයෙන් ඉවත්ව යන බවත් කෘතගුණ දැක්වීම වෙනුවට අවස්ථාවාදීත්වය ආත්මාර්ථකාමීත්වය තමන්ගේ තැන තමන්ගේ පුටුව තමන්ගේ බලය රැක ගැනීම තහවුරු කිරීම අද වන විට ඉස්මතු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණ සමයේ විශ්‍රාමික ප්‍රජාව ගැන කිඹුල් කදුල හෙලන අය වැඩියි

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක තරගයට විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් කිඹුල කදුලු හෙළමින් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් විශ්‍රාමික ප්‍රජාවගේ අයිතිය වෙනුවෙන් තමා හඬ නැගුවේ ජනාධිපතිවරණයක් පෙනෙන් තෙක් මානයකවත් නොවන බවත් මීට වසර 2-3ක සිට විශ්‍රාමික ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2021 මාර්තු 25, ඔක්තෝබර් 22, 2021 නොවැම්බර් 10, 2024 පෙබරවාරි 20ත් ඉන් පසුව විවිධ සංගම්වල දැඩි ඉල්ලීම්වල මීට වඩා වාර ගණනාවක් කතා කල බවත් 2019 ජනාධිපතිවරණය අවසන් වි වසරකට ආසන්න කාලයක සිට මේ දක්වා විශ්‍රාමිකයන් කොන් කර ඇති මොහොතක ඔවුන් වෙනුවෙන් හඬ නගන්න හැකි වූ බවත් විකල්ප විපක්ෂ බලවේග පවා ඒ දවස්වල නිශ්ෂබ්ධව සිටි බවත් ඔවුන් කළේ බාධා කිරිම් පමණක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

720000ක් වන විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් දස වදැරුම් ප්‍රතිඥාවක් හා සමාජ ගිවිසුමක් අත්සන් කරන බවත් එසේම මින් ඔබ්බට ගිය දැවැන්ත ජාතික වැඩපිළිවෙළකට යොමුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විශ්‍රාමිකයන්ටත් දීමනා රැසක්

මධ්‍යම රාජ්‍ය සේවය, පළාත් රාජ්‍ය සේවය, ආරක්ෂක අංශ විශ්‍රාමිකයන්ට ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුප් ගෙවීම හා ඒ තුළින් ඔවුන් ආර්ථික හා සමාජීය වශයෙන් තෘප්තිමත් කිරීමට රාජ්‍ය වැටුප් වැඩිවන විට ඊට සරිලව සේ අවම 70%ක විශ්‍රාම වැටුප් ගැලපීමකට ප්‍රවේශ වන බවත් 2017 වසර දක්වා සේවය කරනු ලැබූ සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාව කාලීනව ගැලපෙන ආකාරයට සංශෝධනය කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ගෝඨාභය අහිමි කළ විශ්‍රාම වැටුප් වරම ලබා දෙනවා

2016 - 2020 දක්වා කාලයේ විශ්‍රාම වැටුප් අහිමි වූ විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් කළ යුතු යුතුකම් ලබා දෙන බවත් ගෝඨාභය රාජපක්ෂ අහිමි කළ ඒ වරම නැවත ලබා දෙන බවත් පසුගිය වසර 3ක විශ්‍රාමිකයන් වෙත වැටුප් වැඩි කිරිමක් සිදු නොවූ බවත් 2024 අප්‍රේල් සිට රු. 2500ක ජිවන වියදම් දීමනාවක් දුන්නත් එය ප්‍රමාණවත් නොවන බවත් මේ තරම් හෝ වැඩි කළේ තමා විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් දැවැන්ත හඬක් නැගු නිසා බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට 15% පොළියක්

2016ට පෙර විශ්‍රාම ලැබූ සියලු නිලධාරීන්ට සාධාරණ දායක මුදලක් අය කර අග්‍රහාර රක්ෂණය ලබා දෙන බවත් 15%ක් සේ පැවැති පොලි අනුපාතය නැවත වරක් ලබා දෙන බවත් ඒ ගැන පාර්ලිමේන්තුවේ හඬ නගන විට මුදල් ඇමතිවරයා නියෝජනය කළ ගෝලයන් කියා සිටියේ ඒවා කරන්න බැහැ යනුවෙන් බවත් සෑම පාර්ලිමේන්තු සැසිවාරයකම මේ යෝජනාව ඉදිරිපත් කිරීම ඔවුන්ට කරදරයක් වී ඇති නිසා එය සොච්චමකින් වැඩි කරනවා යැයි කිව්වත් තවම වැඩිවී නොමැති බවත් මේවා මැතිවරණ ඉලක්ක කර ගත් ඇන්දවීමේ පොරොන්දු පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

තිරසර විශ්‍රාම වැටුපක් වෙනුවෙන් නව වැඩපිළිවෙළක්

1999 අංක 40 දරණ රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ බාර අරමුදල කාලීනව සංශෝධනය කරන බවත් මේ ප්‍රජාවගේ සුබසාධනය උදෙසා ලාභ අපේක්ෂාවෙන් තොරව මේවා කරන බැවින් මේවා සියලුම බදුවලින් තොර පුන්‍ය ආයතනයක් ලෙස පවත්වා ගෙන යන බවත් පාර්ලිමේන්තුවේ විවෘත හා වගකිව යුතු රජයක් ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාවේදී 2023 ඔක්තෝබර් 5 වැනි දින තමා ප්‍රශ්න නගා අසා සිටියේ විශ්‍රාම වැටුප් වැඩපිළිවෙළේ තිරසර භාවය ගැන බවත් විශ්‍රාම වැටුප් වරම ආරක්ෂා කිරිමට කඩිනම් විධිවිධාන සකස් කිරිම පවත්වාගෙන යාමට මුල පිරිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

Комментарии

Информация по комментариям в разработке