hen wagawa rawana parapure පරණ හේනට යලිත් පන දෙන රාවනා පරපුරේ ඇත්තෝ

Описание к видео hen wagawa rawana parapure පරණ හේනට යලිත් පන දෙන රාවනා පරපුරේ ඇත්තෝ

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)


2021.11.27


රාවණ අඩවියේ මිනිසුන් මියගිය හේන්ට යළි පණ දෙයි.


රාවණ අඩවියේ ලෙසින් අතීතයේ සිට හඳුන්වන ලග්ගල සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ ලකේ ගල පෙනෙන මානයේ බොහෝ ප්‍රදේශවල ජනතාව අතහැර දමාතිබු හේන් වගාව මෙවර නැවත ආරම්භ කොට තිබේ.
වසර ගණනාවක් ඉහත දී හේන් වගාවෙන් ජීවිත සරි කරගත් මෙම ජනතාව හේන් වගාවට සමුදී වෙනත් ආර්ථික බෝග වගා කිරීම්ට අවතීරණ වී සිටී බව ඔවුහු පවසති.
රජය පසුගිය මාස වල රසායනික පොහොර තහනම සිදු කිරීමත් සමග ආර්ථික බෝග වන බෝංචි ,අමුමිරිස් ,රටකජු ,ආදී වගා කළ ගොවීන් රසායනික පොහොර නොමැතිව නැවත වරක් අතහැර දැමූ ලඳු කැලෑවල හේන් වගාව ආරම්භ කළ බව ඔවුහු පවසති.
මේ වනවිට ලග්ගල සහ විල්ගමුව කලාප හේන් වගාවේ අසිරිය මැවෙන කාලය බවට පත්ව තිබේ. එනම් තුඹ කරවිල පැලවී මල් ගෙඩි හටගන්නා කාලය ,ඉපැරණි මිනිසුන් ආහාරයට ගත් කටු අල ,කිරි අල , වැල් අල ආදී මහපොළොවෙන් ඉබේ පැළ වෙන වල්වර්ග දළුලන කාලය ,කුරහන් ගස් යම් මට්ටමකින් පිණි වැටී දිලිසෙන කාලය ආරම්භවී ඇතැයි ගොවි ජනතාව පවසති.
ලඳු කැලෑවල හේන් කරන තමන්ට බරපතළ ම ප්‍රශ්නයය බවට පත්ව ඇත්තේ අතීතයේ හේන්වලට නොතිබුණු කෘමිහානිය ,වල් හානිය ,විශාල වශයෙන් පැවතීම නිසා අතීතයේ වගා කළ තල, කුරහන්, අබ ,බඩ ඉරිගු ,කව්පි ,මෑ ආදී වගාවන් වලට වල්නාශක කෘමිනාශක යෙදීමට සිදු වීම් තිබීම බව ඔවුහු පවසති


හේන් වගාව ආරම්භ කළ ද රසායනික බෙහෙත් ඉසින ටැංකිය කරේ එල්ලා ගෙන සිටීම සිදුවීම් බරපතළ හානියක් බව විල්ගමුවේ හේන් ගොවියෝ පවසති
මෙම ජනතාවගේ එකම ඉල්ලීම් බවට පත්ව ඇත්තේ දැනට තහනමේ දමා ඇති අක්කර ගණනාවකින් කොටසක් හේන් කරන ජනතාවට කන්නෙත් කන්නට මාරු වෙවී වගා කිරීම් සඳහා රජයේ අවසරය ලබා දිය යුතු බවය.
එවිට රටට වසවිස නැති ආහාර දේශීය බිජ නිෂ්පාදනය මෙන්ම තම ප්‍රදේශයේ ජනතාවට වෙනත් විකල්ප රැකියා හෝ වන අලින්ගෙන් සිදුවන හානිය අවම වන බව හේන් ගොවියෝ පවසති
යම්කිසි නීති පද්ධතියක් හමුවේ හේනට අවසර ලබා දෙන්නැයි ඔවුහු වර්තමාන රජයෙන් ඉල්ලීමක් ද කර සිටිති.

Комментарии

Информация по комментариям в разработке