Japura premaya ජ'පුර ප්‍රේමය University of Jayawardenepure (all credit goes original artists)

Описание к видео Japura premaya ජ'පුර ප්‍රේමය University of Jayawardenepure (all credit goes original artists)

හන්තාන සිහිනයෙන් අවදිව රුහුණු අහස අතික්‍රමණය කොට සමනල කන්ද පසුකරමින් අප මේ පැමිණෙන්නේ තවත් සොඳුරුතම සරසවි පින්බිමක පහස සිත් සේ දරාගන්නයි. ලංකාවේ ගීත සාහිත්‍ය තුල සරසවි ගීතයට හිමි තැන් හන්තාන මත ලඝු නොකොට සරසවි චමත්කාරය ඔබ අප වෙත කැන්දාගෙන ඒමට වෙර දැරූ නිර්මාණ ශිල්පීහු අතලොස්සකි. මේ වසන්ත දුක්ගන්නාරාල නොහොත් " දුකා " විසින් තම අතීත සරසවි මෑණියන් වෙත තැබූ මියුරු පද සංකල්පනාවයි.

විශ්වවිද්‍යාලය පිහිටා ඇති ප්‍රදේශය නාගරික වූත් තදාසන්න වූත් නිසාවෙන් ඔබට තවමත් ජපුර නෙත නොගැටුනි නම් ඇතැම්විට මෙතරම් රමණීය පරිසර කලාපයක් අගනුවරට නුදුරින් ඇතැයි ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් එය එසේ නොවේ යැයි මා සාක්ෂි දරමි.

ප්‍රේමයේ මිහිර සොයන්නන්ට සරසවිය තරම් පින්සාර බිමක් මිහිමත තවත් නොමැති තරම්‍ය. මන්ද සරසවියේ ප්‍රේමයට කිසිදු සීමාවක්, මායිමක් හෝ වැටකඩුලු නොමැත. සරසවි ප්‍රේමය සැබැවින්ම සොඳුරුය, චමත්කාරජනකය, ආනන්දජනකය. සරසවි දරුවෝ දැන උගත්කමින් අනූන වූත් යෞවනෝදයේ පසුවන විප්ලවවාදී සිත් සතන්
ඇත්තෝ වෙති. එනමුත් ප්‍රේමය නම් සර්ව සාදාරණ ප්‍රබල මානසික ප්‍රකාශනය ඔවුනටද පොදුය.

සරසවි ප්‍රේමය ගලා යන්නේ සරසවියටම ආවේණික උපසංස්කෘතීන් මත යැයි කිවහොත් මා වැරදි නැත. ප්‍රේමය සම්බන්ධ සරසවියටම විශේෂ වූ වචන බොහොමයක් ඇත. ඒවායින් “කොක්ක” යන්න ඉතා ප්‍රචලිත වචනයක් වෙයි. ප්‍රේම සබඳතාවක් ආරම්භ වීම “කොක්කක් ගැසීම” ලෙස සරසවිය තුළ පෙම්වතා හෝ පෙම්වතිය හඳුන්වන්වයි . මෙහිදී කොකු වර්ග බොහෝමයකි. සිරා කොක්ක, බත් කොක්ක, නෝට් කොක්ක, ආතල් කොක්ක, ලැම්බට් කොක්ක ඒවායින් සමහරකි.

මේවායින් සිරා නොවන කොකු ආරම්භය මෙන්ම එය නතර වීම ද සරසවිය තුළ සුලභ සිද්ධියකි. මෙය හඳුන්වනුයේ “ඇණවීම” ලෙසිනි. “කැම්පස් ඇවිත් ගහන කොකු, යන විට ගේට්ටුවේ එල්ලා යන්න එපා” යැයි ඇතැමෙක් පවසනවාලු. කෙසේ වුවත් මෙකී ගීතයද විප්‍රයෝගය දරාගත් තවත් එක් ප්‍රේම කතාවක්ම ය.

හන්තාන නැති මුත් ජ'පුරේ
තාම සිහිවෙන කසගස්
මල් බැම්ම ළඟම පඳුරේ
මට ම හිමිවුණු ඔය ඇස්
කඳුළු උතුරන පෙම් බස්

පේරාදෙණිය සරසවිය නම් නිතැතින්ම සිහිවනුයේ හන්තාන කඳු මුදුනයි. කෙතරම් නම් දුක් ගී හන්තාන විසින් දැක ඇත්දැයි මා නොදනිමි. ජපුරට හන්තානක් නොමැති වූවත් ජපුරේ උරුමකම් ලද පින්වන්තයෙකු නම් ඔහුට හාත්පස විහිදී නිසොල්මනේ බලා හිඳින කස ගස් අමතක වීමට නුපුළුවන .

මෙකී පෙම් යුවලත් මල්බැම්ම ලඟ රිසි සේ ප්‍රේම කරන්නට ඇති. ඔවුනොවුන්ගේ දෙනෙතින් පෙම්බස් මුමුණමින් දෑඟිලි එක්කොට සිහින දකින්නට ද ඇති. එහෙත් උතුරා ගැලූ කඳුලු වැල් මත පෙම්බස් දියව ගොස් සැඟව ගොසිනි. මේ සියල්ලට කසගස් සේම මල්බැම්ම සාක්ෂි දරනු ඇත.

සසර අතු අග පිපි මල්
මැයි මාර ගස් කෙළවරේ
සරසවිය ළඟ අඳුරේ
පැරණි ප්‍රේමය මියගියේ
කිමද වෙනතක හිත ගියේ

සැබෑවට පෙම් කල අයෙක් එකී ප්‍රේමය අහිමි වූ කල හිමිවන සෝ සුසුම් පසුතැවීම් මොහුටත් උරුම වී තිබේ. පසුතැවිලි මිශ්‍රිත දුක් ගී ඔහු වෙනුවෙන් හඬ අවදි කරයි.

නිසල සරසවි බිම මත බලාගත් අත බලාහිඳින මැයිමාර ගස් වල මල් පිපී ඇතිමුත් විරහව සම්ප්‍රයෝග වූ සිතකට වසන්තය උදා නොවනු ඇත. ඔහු තවමත් විපිලිසරව සිහි කරන්නේ තම ප්‍රේමය මිය ගිය හේතුවයි. තමා ලඟ උන් හිත අද වෙනතක රැඳී ඇත. යථාර්ථය එයයි.

පොකුණ මැදටම විසි කළේ
පෙම් කළාටද මිතුරනේ
බැඳුණු පළවෙනි වසරේ
එගොඩ වත්තට අතවනයි
මෙගොඩ වෙන්නට බැරි හැඩයි

සිනමාපටයක් සෙයින් එකිනෙක මතකයන් ඔහු හද පාරවයි. අළුත හිත බැඳි ඔවුනොවුන් පොකුණ තුල හොවා ආදරය ශපත කල හැටි අද ඊයේ වාගේය. පලමු වසරේ බැඳි පෙම අද වෙනතකය. යාබදව පෙනෙන එගොඩවත්තට පියමනින්නට නොහැක. තම ප්‍රියාවිය අහිමි වූ සොවින් මෙගොඩ වීමට නොහැකියි. එහෙත් මතකය පමණක් අමරණීයව හිඳිනු ඇත.

ප්‍රේමය නම් කොහොමත් සුන්දරය. සරසවි පැමිණෙන සීමිත අය අතර ඇතිවන සරසවි ප්‍රේමය තවත් සුන්දරය. එහෙත් එහි විරහවද ඇත. සරසවියේ තැන් තැන්හි වන කුරුටු ගී මෙන්ම මෙවන් ගී පද සංකල්පනාවන් ඊට කදිම නිදසුනකි

අයෙකුගේ ආත්මය ස්පර්ශ කරන ප්‍රේමය තවකෙකුගේ ඇස් රතු කරවයි. පන නල සේම අවැසි මස් ඇට ලේ නහර විනිවිද යන ප්‍රේමය විඳින කල සුන්දරය. විඳවන කල අසුන්දරය. සෑම සරසවි ප්‍රේම වෘත්තාන්තයක්ම එක්වීමකින් නිමා නොවුන ද ජපුරේ කියූ සහ නොකියූ පෙම් කතා ඕනෑ තරම් එපින් බිම විඳ දරා ගන්නට ඇති.

මේ ප්‍රේමවන්තයා " දුකා " ම දැයි මා නොදන්නා මුත් ගීතය වෙත සර්ව සාදාරණයක් කරන්නට නම් පදරචකයාගේ අදහස ඉදිරිපත් කල යුතුම යැයි මා විශ්වාස කරමි.

සොඳුරු කලාවේදී වසන්ත දුක්ගන්නාරාල ගීතය පිළිබඳ අපට මෙසේ තතු කියයි.

continued on first comment 👇

Комментарии

Информация по комментариям в разработке