Me Mosam Mada Sulanga (මේ මෝසම් මද සුළඟ හමා) | H. R. Jothipala, Angeline Gunatilaka | Lyrics

Описание к видео Me Mosam Mada Sulanga (මේ මෝසම් මද සුළඟ හමා) | H. R. Jothipala, Angeline Gunatilaka | Lyrics

Me Mosam Mada Sulanga (මේ මෝසම් මද සුළඟ හමා) | H. R. Jothipala, Angeline Gunatilaka | Lyrics

කරුණාරත්න අබේසේකරයන් විසින් ලියැවුණු සදා මතකයේ රැඳෙන චිත්‍රපට ගීත අතරින්, ‘දීපශිකා’ සිංහල චිත්‍රපටය වෙනුවෙන් ලියූ මෙම ගීතය, ඔබේ රස වින්දනය උදෙසා අප මෙසේ ඔබට පිරිනමන්නෙමු.

Singer: H. R. Jothipala, Angeline Gunatilaka
Composer: P. L. A. Somapala
Lyricist: Karunaratne Abeysekera

මේ මෝසම් මද සුළඟ හමා
පවසා යන්නේ මේක තමා
ඔබ මගෙ මා ඔබ‌ෙ ප්‍රාණෙ සේ - සංසාරේ එන්නට ඕනෑ

පුන් සඳ රන්වන් රැස් ගලලා - ඇහුනද් කී දේ අප දැකලා
ඔබ මගෙ මා ඔබෙ ප්‍රාණේ සේ
නැහැ වෙන් වන්නේ අප දෙදෙනා

පෙම් දේහිනී ඔබ මාගේ - මී වදේ හා මී පැණි වාගේ
ජීවේ මිහිර දැනේ

පෙම්බරයාණෙනි ඔබ මාගේ
පුන් සඳ හා රැස් කඳ වාගේ
ප්‍රේම නිලඹරේ

කොවුලා කූජන දිදී ගහේ
කියනා රස බස මෙසේ ඇසේ
ඔබ මගෙ මා ඔබෙ ප්‍රාණේ සේ
සංසාරේ එන්නට ඕනේ

සීදේවිය නම් රළ මූදේ
මා වේවා නැංවෙන නාදේ
ප්‍රේම ලෝක තලේ

රන් කඳ වේ ගීතය ආලේ
මම වෙන්නෙමි එහි රස තාලේ
අමා ගීත රසේ

අඹරේ රන්තරු නැගේ දිලී
දන්වයි දෙන්නට මෙසේ යලි
ඔබ මගෙ මා ඔබෙ ප්‍රාණේ සේ
නැහැ වෙන් වන්නේ අප දෙදෙනා

මේ මෝසම්……

#KarunaratneAbeysekera #SinhalaSongs #SinhalaLyrics

Комментарии

Информация по комментариям в разработке