Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේගේ කතාව

Описание к видео Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේගේ කතාව

5 දෙනක් මරා නංගී වෙනුවෙන් වසර 41 ක් රටේ ජනපතිවරුන් සහ ප්‍රභූන් සමග සිරබත් කෑ හිතුමතේ ජීවිතේගේ කතාව

#හිතුමතේ #ජීවිතේ......

තම ආදරණීය නැගණිය වූ කුසුමාවතී වෙනුවෙන් කළුතර සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ" සාධාරණය ඉටුකර ආපසු හැරී බලන විට... මිනී මැරීමේ චෝදනා 4ක් සම්බන්ධයෙන් වරදකරුව මරණ දණ්ඩනය අපේක්ෂාවෙන් සිටින්නෙක් වී තිබුණා. කෙලෙසා මරා දැමූ නැගණිය වෙනුවෙන් විමුක්තිය ලබා දුන් පසුව මරණය අපේක්ෂාවෙන් සිටි ඔහුට කිසිදු තීන්දුවක් ගැන ගැටලුවක් තිබුණේ නෑ. පසුකාලීව මරණ දණ්ඩනය වසර 90ක සිර දඬුවමක් දක්වා ලිහිල් වුණා..
අවුරුදු 17 දී සිරගත වන ඔහු වසර 41ක් සිර මැදිරියක ජීවිතය ගෙවා දමා 2013 නොවැම්බර් 24 වන දින චෝදනා වලින් නිදොස් කොට නිදහස ලබා බන්ධනාගාරයෙන් එළියට එන විට වසර 58ක වියපත් මිනිසෙකුව සිටියා. ලෝකය මෙන්ම ඔහු ද බොහෝ සේ වෙනස් වෙලා.
බන්ධනාගාර සිර මැදිරියේ දී තමන් හදුනාගත් මිනිහෙක් රටේ නායකයා වී තමන් වෙත ජනාධිපති සමාව ප්‍රදානය කරාවි යැයි ඔහු කිසිවිටක නොසිතන්නට ඇති. දෛවය විසින් ජීවිතය පුරාවට සරදමට ලක් කළ මේ මිනිසා මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙතින් නිදහස ලබනවා....

"හිතමතේ ජීවිතේ" ගෙවා දැමූ සුමතිපාල හරි අහම්බෙන් පහුගිය දා දුම්රිය වැඩ වර්ජනය මැද කැමරා ඇසට අසුවෙනවා. වෙව්ලන දුබලව ගිය දෑත්, බයාදු මුහුණ, සියල්ල අතරේ තවමත් බලාපොරොත්තු සහගතව දිලිසෙන ඇස්.. පුවත් පත් ලිපි වලින් කියවූ චිත්‍රපට පිටපතක් හා සමාන ඔහුගේ ජීවිත කතාව යළි ආවර්ජනය වුණා...
පෝරකයට නංවා තොණ්ඩුව ගෙලට දැමීමෙන් පසුව ද ජීවත් වෙන්නට වරම් ලැබූ එකම ලාංකික සිරකරුවා ඔහුය... ශිෂ්‍ට සම්පන්න සමාජය විසින් වීරයෙක් ලෙස බාරගත් මිනීමරුවා ඔහුය....

ජීවිතේ සැදෑ සමය ගෙවන "හිතුමතේ ජීවිතේ" අවසන් ගමන් යන්නට පතන ආකාරය ඔහුගේම කවි බසින් මෙසේය.....

අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා
නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා
උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා
අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා.....

බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා
ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා
නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා
බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා.....

සුරේශ් නුවන් තාරක - #ChaturaAlwis

Комментарии

Информация по комментариям в разработке