යසෝදරා ගීතය - ඔබ මෙතෙක් ඇසූ මිහිරීම සහ සංවේදීම ගීතය මෙය විය හැකියි.. එක් වරක් ඇසුවොත් ඔබ නැවත නැවත අසනවා සිකුරුයි...
රචනය - කටුගස්තොට සිරිධම්ම හිමි සංගීතය හා නිර්මාණ අධ්‍යක්ෂණය - පමුදිත මානෙල් අංග ගායනය - නිපුනි හංසිකා ධර්මදාස
යසොධරාපදානය එක් සමයෙක්හි රම්‍යවූ, රජගහ නගරයෙහි එක් උතුම් ගිරි ගුහාවක බුදුරජුන් වැඩ වෙසෙන කල්හි, එම නගරයෙහි මනරම්වූ භික්ෂුණී අසපුවක වෙසෙන යසොධරා තෙරණියට තමාගේ ආයුෂ බලන්නී, එදවස්හිම ක්ෂයට ගියාවූ ආයු සංස්කාරය දැක, මෙබඳු විතර්කයක් ඇතිවිය. බුදුරජුන් වැඩ සිටි කල්හිම මමද ශාන්ති පදයට යන්නෙමි. පා සිවුරු ගෙන ගිය අසපුවෙන් නික්ම, පන්සියයක් භික්ෂුණීන් විසින් පිරිවරන ලදුව, මහත් ඎද්ධි ඇත්තී, මහත් ප්‍රඥා ඇත්තී බුදුරජුන් වෙත එළඹියාය. සම්බුදුරජුන් වැඳ, ශාස්තෘන් වහන්සේගේ සක් ලකුණු යුත් සිරිපා මුල එකත් පසෙක හුන්නී, මෙම වචනය කීවාය. අට සැත්තෑ හැවිරිදි වයස් ඇත්තී වෙමි. අන්තිම වයස පවතී. සිරුර කුදු ගැසෙන පබ්භාර නම් අවස්ථාවට පැමිණියා වෙමි. මහා මුනීන් වහන්ස, මෙය ඔබ වහන්සේට සැළ කරමි. මාගේ වයස මුහුකුරා ගියේය. මාගේ ජීවිතය ස්වල්පය. ඔබ හැර දමා යන්නෙමි. මාගේ පිහිට මා විසින්ම කරන ලදී. අන්තිම කාලයෙහි ආයුෂ වනාහි මරණය තෙමේ වළක්වයි. මහා වීරයන් වහන්ස, අද රාත්‍රියෙහි පරිනිර්වාණයට පැමිණෙන්නෙමි.මුනීන්ද්රයන් වහන්ස, ජාති-ජරා-ව්‍යාධි-මරණ යම් තැනෙක්හි නැද්ද, ඒ අජරාමරවූ, අසංඛතවූ, ශාන්ති පුරයට යන්නෙමි. යම්තාක් පිරිස වෙත් නම් ශාස්තෲන් වහන්සේගේ සමීපයට එළඹෙත්. ඉදින් මාගේ වරදක් ඇත්නම්, මුනීන්ද්රයන් වහන්ස, සම්මුඛයෙහි ක්ෂමා කරන සේක්වා. ඉදින් සසරෙහි සැරිසරාද, ඔබ කෙරෙහි මාගේ වරදක් වේ නම් මහා වීරයන් වහන්ස, එය ආරෝචනය කරමි. මාගේ වරදට ක්ෂමා වේවා. ඇයගේ වචනය අසා මුනීන්ද්ර තෙම මෙය වදාළ සේක. නිවනට යාමට ඔබට මින් මතු කුමක් කියම්ද? මාගේ සසුන කරන තැනැත්තිය, ඎද්‍ධියද දක්වනු මැනව. සියළු පිරිසගේ සසුන කෙරෙහිවු සැක සිඳිනු මැනව. ඒ යසෝධරා භික්ෂුණී තොමෝ බුදුරජුන්ගේ ඒ වචනය අසා එම බුදුරජුන් වැඳ මෙම වචනය කීවාය. වීරයන් වහන්ස, ගිහිගෙයිදී ඔබ වහන්සේගේ බිරිඳවූ, ශාක්‍ය කුලයෙහි උපන්නාවූ, සත්‍රී අඞ්ගයෙහි පිහිටියාවූ යසෝධරා තොමෝ මම වෙමි. ගිහිගෙයි ඔබ වහන්සේගේ සයානූ දහසක් ස්ත්‍රීන් අතුරෙන්, වීරයන් වහන්ස, මම සියල්ලනට අධිපතිවූ, ප්රමුඛ තැනැත්තිය වීමි. රූපාචාර ගුණයන්ගෙන් යුක්තවූ, යෞවන බැව්හි සිටියාවූ, ප්‍රිය වචන කියන්නාවූ, මිනිස් දෙව් දූවරුන් වැනි සියල්ලෝ මට ගරු කෙරෙත්.ශාක්‍ය පුත්‍රයන්ගේ මැදුරෙහි කන්‍යාවන් දහසකට ප්‍රධානවූ, සැප දුක් දෙක්හි සමානව වසන්නාවූ, නඳුනුයනෙහි ඒ දෙව් දුවක වැනිවූ, කාම ධාතුව ඉක්මවූ, රූප ධාතුවෙහි සිටියාවූ මට ලෝකනායක බුදුරජුන් හැර රූපයෙන් සමානවු අනිකෙක් නැත. මේ ආදිය කියා යසෝධරා තොමෝ බුදුරජුන්ගේ අනුදැනීමෙන් අහසට නැඟී නොයෙක් ඎද්ධීන් දැක්වූය. චක්‍රවාටය සමවූ කයද, උතුරුකුරු දිවයින සමවූ හිසද, දෙදිවයින් සමවූ දෙපියාපත්ද, සිරුරින් දඹදිවද, මොණර පිල දකුණු සයුරද, කුඩා පිහාටු නොයෙක් අතුද, සඳ හිරු ඇස්ද, මේරු පර්වතයෙන් ශිඛාවද, චක්‍රවාට පර්වතය තුඩද කොට, මුල් සහිතවූ දඹරුක කම්පනය කරන්නී, බුදුරජුන් වෙත එළඹ වඳින්නීය. ඇත් වෙසද, එසේම අශ්වය, පර්වතය, සයුරය, සඳුය, හිරුය, මේරු පර්වතය, ශක්‍ර වේශය යන මේවා දැක්වූය. වීරයන් වහන්ස, මම යශෝධරා වෙමි. පසැස් ඇතියාණන් වහන්ස, ඔබ වහන්සේගේ සිරිපා වඳිමි’ යි කියමින් දහසක් ලෝ දා පිපි පියුමකින් වැසූය.වීරයන් වහන්ස, මම යශෝධරා වෙමි. පසැස් ඇතියාණන් වහන්ස, සිරිපා වඳිමි’ යි බ්‍රහ්ම වෙසක් මවාගන නිර්වාණ ධර්මය දෙසූය. මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රෝතධාතු ඥානයාගේද වශී වෙමි. පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්ෂය කරන ලදහ. දැන් නැවත ඉපදිමක් නැත. මහා වීරයන් වහන්ස, අර්ත්ථ, ධර්ම නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයෙහිද, මාගේ ඥානය ඔබ වහන්සේගේ සමිපයෙහිදී උපන්නේය. ලොකනාථවූ බුදුවරයන්ගේ එක්වීම කෙබඳුදැයි ඔබ වහන්සේ විසින් මැනවින් දක්වන ලදි. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා මා කළ පින්කම් බොහෝය.මුනීන්ද්රයන් වහන්ස, මා විසින් යම් කුශලයක් කරන ලද නම් මාගේ ඒ පෙර කර්මය සිහි කරන්න. මහා වීරයන් වහන්ස, මා විසින් ඔබ පිණිසම පින් රැස් කරන ලදී. වීරයන් වහන්ස, නුසුදුසු තැන් අත්හැර, අනාචාරයෙන් වැළකී, ඔබ වහන්සේ පිණිස මාගේ ජීවිතය පරිත්‍යාග කරන ලදි. නොයෙක් කෙළ දහස් ගණන් අයට මා පරිවාර ස්ත්‍රිය පිණිස දුන්නේය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන් වහන්ස, එය ඔබ වහන්සේ සඳහාය.නොයෙක් කෙළ දහස් ගණන් අයට මා උපකාර පිණිස දුන්නේය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන් වහන්ස, එය ඔබ වහන්සේ සඳහාය. නොයෙක් කෙළ දහස් ගණන් අයට මා භොජනය සැපයීම පිණිස දුන්නේය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන් වහන්ස, එය ඔබ වහන්සේ සඳහාය. නොයෙක් කෙළ දහස් ගණන් ජීවිත පරිත්‍යාග කෙළෙමි. භයින් මිදීම ඇත්තියක් කරන්නෙමැයි සිතා මාගේ ජීවිතය හැරියෙමි.ශරීරාවයන්හිවූ නානාවිධ අලඞ්කාර වස්ත්‍රද, බොහෝ ස්ත්‍රී ආභරණද, මහා මුනීන් වහන්ස ! ඔබ වහන්සේ සඳහා නොසඟවමි. මහා මුනීන් වහන්ස, ධන ධාන්‍ය පරිත්‍යාගයද, ගම්, නියම් ගම්, කෙත්, පුත් හා දූවරුන්ද පරිත්‍යාග කරන ලදී. මහා වීරයන් වහන්ස, අනන්තවූ ඇත්, අස්, ගව යන මොවුහුද, පිරිවර දාසියෝද, ඔබ වහන්සේ සඳහා පරිත්‍යාග කරන ලදී. යාචකයනට දනක් දෙමැ’ යි යමක් මා සමග මන්ත්‍රණය කළේද, උතුම් දනක් දෙන්නහුට මාගේ දොම්නසක් නොදකිමි. මහා වීරයන් වහන්ස, බහු විධවූ සසරෙහි නන් වැදෑරුම්වූ බොහෝ දුක අපමණව ඔබ වහන්සේ උදෙසා අනුභව කරන ලදී. සැපයට පැමිණියා සතුටු නොවෙමි. දුක් පැමිණි කල්හි දොම්නස් ඇත්තීද නොවෙමි. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ පිණිස හැම තන්හි සැප දුක්ද දෙකෙහි සමව උපෙක්ෂක වෙමි. සම්බුදුරජතෙම අනුගමනය කළ මගින් යම් ධර්මයක් පැතීද, මහාමුනිතෙමේ සැපද දුක් අනුභවකොට ඒ සම්‍යක් සම්බෝධියට පැමිණි සේක.
උපුටා ගැනිමකී....
Информация по комментариям в разработке