thilini nirosha sadamali 18 වසරක් ඇඳක් උඩ ජීවත්වන යුවතියක් එලියට බහින්න අවසර ඉල්ලයි .

Описание к видео thilini nirosha sadamali 18 වසරක් ඇඳක් උඩ ජීවත්වන යුවතියක් එලියට බහින්න අවසර ඉල්ලයි .

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157)

2023.06.



18 වසරක් ඇඳක් උඩ ජීවත්වන යුවතියක් එලියට බහින්න අවසර ඉල්ලයි .

වසර 18ක් කාලයක් ඇවිද ගැනීමටට නොහැකිව ඇඳක් මත අනේක දුක් කරදර විඳිමින් ජීවත් වන යුවතියක් තමන්ගේ වැඩපළ කර ගැනීම් සඳහා ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටින්නී ය.
ඇයගේ එකම බලාපොරොත්තුව රෝදපුටුවක්, විදුලි පංකාවක්, මෙන්ම ඇයට ශරීර සුවතාවය සඳහා අවශ්‍ය වැසිකිළි කැසිකිළි පහසුකමක් මෙන්ම තමන් විඳින රෝගී තත්වයට කාගෙන් හෝ ෛවද්‍ය ප්‍රතිකාරයක් ලබා ගැනීම පමණකි.
ගලේවෙල බඹරගස්වැව ගොන්නගස්යාය ප්‍රදේශයේ පදිංචිව සිටින එල්,ජි . නිල්මිණි ශිරෝමා සඳමාලි (28) හැවිරිදි ඇය ජීවිතයේ කිසිදු දවසක කාගෙන් හෝ ඉල්ලා නැති මෙම උදව්ව සමාජයෙන් අයද සිටින බව ඇය සඳහන් කළාය.
අනතුරුකට පත්ව නිතර නිතර සිහි මද ගතියකින් පෙළෙන ඇයගේ පියා සුනිල් ප්‍රේමරත්න ත් කුලී වැඩක් කරමින් ඔවුන් ජීවත් කරවන ආදරණීය මව ඩබ්ලිව්. ඩී .නනිලන්ති සමරනායක සමඟ මෙම යුවතිය නිවසේ ජීවත් වන්නීිය
එමෙන්ම වැරදුණු ඇමතුම්කින් එප්පාවල ප්‍රදේශයේ තරුණයෙකු වූ උදේශ් අමිල හේවාවිතාරණ මහතා ඇය එක්තැන්ව සිටියත් පින් පුරව ගැනීම් සඳහා තමන්ව විවාහ කරගත් බව ඔහු සැමියෙක් නොව දෙවියෙකු බව ද ඇය සඳහන් කරන්නේ හැඬූ කඳුළෙනි.
ස්ථිර රස්සාවක් නොමැති තම සැමියා එප්පාවල ප්‍රදේශයේ කුමන හෝ රැකියාවක් කරමින් තමන්ට හැකි ආකාරයෙන් ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙහෙත් වලට මුදල් සොයා දෙන බවත් ඇය සඳහන් කරන්නීය.
මෙම තරුණියගේ එක් පාදයක් එත් අතක් ඔසවා ගැනීමට සම්පූර්ණයෙන්ම නොහැකි වී සිටින්නීය, එමෙන්ම ඇයගේ කොන්ද නැවීමට නොහැකිය ස්නායු ආබාධයකින් වසර දහයක් පමණ වෙද්දී අසනීප තත්ත්වයට පත්වූ ඇය එදා සිට මේ දක්වාම තවත් කාගේ හෝ උදව්වක් මත සියලුම අවශ්‍යතාවයන් සපුරා ගැනීම සිදු කරන බව හැඬූ කඳුළින් ඇය අප සමග කීවාය.
වැසිකිළි කැසිකිළි යෑම් තම නිවෙස තුළම ඇඳ මතම සිදු කරද්දී තම ආදරණීය සැමියා මිත්තණිය පියා හෝ මව ඒ සඳහා තමන්ට සහයෝගය ලබාදෙන බවත් මුහුණ සෝදා ගැනීම් හිස පීරා ගැනීම් ඇඳුම් මාරු කර ගැනීම් ආදී සියලු දේටම කාගේ හෝ උප උපකාරයක් අවැසි බවත් තමන්ට තමන්ගේ වැඩ ටික කර ගැනීම සඳහා ප්‍රතිකාරයක් කොට යම් මට්ටමකින් සුවයක් ලබාදීමට හැකියාවක් ඇත්නම් තමන් ජීවිතයේ ලබන විශාල භාග්‍යයක් බව ඇය අප සමග සඳහන් කළාය.
අතපය වාරු නැතත් ඇය ජීවත් වීම සඳහා විශාල උත්සාහයක් දරන කාන්තාවකි, ජංගම දුරකථනයෙන් බලාගෙන තමන් විවිධ රෙදි නිර්මාණ මැහුම් ගෙතුම් සෙල්ලම් බඩු ආදී නිර්මාණය කිරීමේ හැකියාව ද තමන්ට පවතින බව ඇය සඳහන් කරන්නේ ඉතා සතුටිනි
ඒ සඳහා ද කිසියම් කෙනෙකුගේ උදව්වක් ලැබෙනවානම් මිල මුදලක් සොයා ගැනීම්ට රැකියාවක් ලෙස එය සිදු කිරීමට හැකි බව ද ඇය සඳහන් කරන්නීය.
11 වැනි වසරට පමණක් ඇය ආබාධ සහිතව ද ඉගෙනගෙන දැනටත් ප්‍රදේශයේ කුඩා දරුවන් කිහිප දෙනෙකුට අකුරු ඉගැන්වීම නොමිලේම සිදු කරන බවද සඳහන් කරන ඇය තමන්ට කාගේ හෝ උප උපකාරයක් මත රෝදපුටුවක් විදුලි පංකාවක් තමන්ගේ උසට වාඩි වීම සඳහා වැසිකිළි පද්ධතියක් මෙන්ම රෝද පුටුවකින් ගොස් ස්නානය කර ගැනීම සඳහා පහසුකම් සහිත කුඩා ස්ථානයක් සකසා දෙන්නැයි ඇය සමාජයෙන් ඉල්ලීමක් කරයි කරන්නීය
තම සැමියා කුලී වැඩක් කරමින් උපයා ගන්නා මුදල ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවත් තම නිවසේ අවශ්‍ය ආහාර පාන සියල්ල ඔහු විසින් දරන නිසා එවැනි දේකට මුදල් යොමු කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නැති බවද ඇය සඳහන් කරන්නට වූවාය
තම සැමියා මිහිපිට සිටින දෙවියෙකු බවත් තමන්ගේ කැතකුණු සියල්ල අතගා ඇඳුම් මාරුකොට තමන්ව ඔසවාගෙන නිවස වටේ රැගෙන යමින් මානසික සුවය තමාට ලබාදෙන බවත් සැමියාගේ ගැන දැඩි ආඩම්බරයෙන් යුතුව මෙම යුවතිය කතා කරන්නට වූයේ අතපය ඇති ඇතැම් සැමියන් බිරින්දැවරුන්ට ආදර්ශයක් ලබාදෙනටය .
මෙම යුවතියට ඔබට ආධාරයක් උපකාරයක් කරන්නේ නම් ඇයගේ ලිපිනය එල් . ජී .තිළිණි ශිරෝමා සඳමාලි, නොම්බර 522 / බී .ගොන්නගස් යාය බඹරගස්වැව, ගලේවෙල, දුරකථන අංකය 070 45 46 167 ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇය නමින් ගිණුම්ක් ද පවතී. ගිණුම් අංකය
107558830410.
28 year old Nilmini suffered from.a nerve disorder when she.was 10 years old since then she spends her life on a bed .Her old parents and the husband supports her within their limited means. She cannot sit as one of her legs and a hand does not function.Husbands helps her to ease her bowel movement. Her request is to get a Wheel chair a fan and medical treatment to improve her health and a toilet with supporting facility for her use .
She lives at Galewela Babaragaswewa Gonasyaya.
She has studied upto 11th standard and even now she coaches few children with their studies without any charge .She is willing to learn and get self employed .All what she needs is a helping hand .
Her contact 0704546167 and her account details are
L.G..Thilini Shiroma Sandamali
Account details
N.S.B
A.C 107558830410
Galewela.

Комментарии

Информация по комментариям в разработке