මේ තරම් සියුමැලිද කළු ගල් | Me Tharam Siyumalida Kalu Gal | Chamara Weerasinghe | ( Acoustic)

Описание к видео මේ තරම් සියුමැලිද කළු ගල් | Me Tharam Siyumalida Kalu Gal | Chamara Weerasinghe | ( Acoustic)

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා..
මම ගියා අවුකන බුදුන්ටත්
දැස දුන් මිනිසා සොයා...
දැස දුන් මිනිසා සොයා...

කලා වැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා..
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපැදෙන රළ දිහා...
මැරෙන ඉපැදෙන රළ දිහා...

ඉසුරුමුණියේ නුඹ තැනූ ඒ
පෙම්බරිය කොතනද කියා..
මා ඇසුවිට හිනැහුනා ඔහු
තවම තනිකඩයැයි කියා..
තවම තනිකඩයැයි කියා..

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා..
මම ගියා අවුකන බුදුන්ටත්
දැස දුන් මිනිසා සොයා...
දැස දුන් මිනිසා සොයා...
දැස දුන් මිනිසා සොයා...
දැස දුන් මිනිසා සොයා..

මුල් ගායනය -Sunil Edirisinghe
උපුටා ගැනීම -DEEPALOKA SUDAM SABAWA

Комментарии

Информация по комментариям в разработке