The melody of a sleepless river - 'දෝතට ගනිමු' ගීතය

Описание к видео The melody of a sleepless river - 'දෝතට ගනිමු' ගීතය

ස්වීඩනයේ 'ෆාලුන්' ගම්පියසින් නැවතත් ඇසුණු 'දෝතට ගනිමු' ගීතය

පසුගිය දිනක ස්වීඩනයේදී 'ෆාලුන්' හි වෙසෙන විජිත ගුණරත්න නම් වූ ප්‍රගතිශීලී නාට්‍යවේදියානන් මුණ ගැසුණි. මාගේ පියාගේ නාට්‍ය නිර්මාණ ජීවිතයේ කුළුපග සගයෙකු වන විජිත ගුණරත්නයන් හැත්තෑවේ දශකයේ අගභාගයේ දී වාමාංශික දේශපාලනික ව්‍යාපාරයන්හි ක්‍රියාධරයෙකු ලෙස නිරත වේ. ස්වීඩන් රාජ්‍ය ශිෂ්‍යත්වයක් ලැබ ස්වීඩන් නාට්‍ය ආයතනයේ පුහුණුවෙන් අනතුරුව 80 දශකයේ මුල් කාර්තුවේදී නැවත ලංකාවට පැමිණ ඔහු තම නාට්‍ය නිර්මාණකරණය අරඹයි.
ඔහුත් සමඟ දොඩමලු වන විට තම අතීත ව්‍යායාමයන් අවර්ජනය කරමින් 'නිදි නැති නදියේ නාදය' පිලිබඳ මතකය අවදි කළේය. 'නිදි නැති නදියේ නාදය' කැසට් පටය බිහිවන්නේ 87 දී ජේ. ආර්. ජයවර්ධනයන්ගේ රාජ්‍ය තන්ත්‍රය විසින් මැයි දිනය තහනම් කිරීමත් සමඟය. විජිත ගුණරත්න, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ගාමිණී හත්තොටුවේගම, සුනිලා අබේසේකර, රිඩ්ලි සිල්වා, රංජිත් පෙරේරා සහ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ඇතුළු කලාකරුවන් 86 සිට රාජ්‍ය තන්ත්‍රය සඳහා වන තම දේශපාලනික මතය ප්‍රකාශ කිරීමේ ව්‍යායාමයක් ලෙස එළි දැක්වූ 'නිදි නැති නදියේ නාදය' අසන්නට අතුරු සිදුරු නැති ප්‍රේක්ෂකාගරක් රාජකීය විද්‍යාලයයේ නව රඟහලට එක් රොක් විය.
විජිත ගුණරත්නයන්ගේ නිවසේ දී අසන්නට ලැබුණු මෙම කැසට් පටයේ ගීත සියල්ලම පාහේ වාමවාදී දේශපාලනික තේමාවන්ට අනුව ලියැවුණු විවිධ සංගීත ආකෘතින්ට අනුව නිමැවූ ගීත වේ.
එහි එන ගීත අතුරින් 'දෝතට ගනිමු' ගීතය ශ්‍රවණය කරන කල්හි මා අමන්දානන්දයට පත් කල කරුණ වන්නේ එහි පද, තනුව, සංගීතය සහ ගායනය යන සියලුම අංශ සඳහා වන සුනිල් විජේසිරිවර්ධනයන්ගේ විශිෂ්ට දායකත්වයයි. ගිටාරය පමණක් වාද්‍ය භාණ්ඩය ලෙස භාවිත කරන තනු රචකයා සුනිලා අබේසේකරයන්ගේ කටහඬද වරෙක වාද්‍ය භාණ්ඩයක් ලෙස පසුබිමින් ඇසෙන්නට සැලැස්වීම විශේෂයෙන් සඳහන් කල යුතුය. සමස්තයක් ලෙස ගත් කළ මෙම ගීතයේ ඇත්තේ අනෙකාට සහ පරිසරයට ආදරය සොයායෑමට මිනිසා පෙළඹවීමයි.

'නිදි නැති නදියේ නාදය' නොඇසූ ශ්‍රාවකයින් උදෙසා 'දෝතට ගනිමු' ගීතය තිළිණ කරමි.

දෝතට ගනිමු ..
දෝතට ගනිමූ ..
ඉර ද සඳ ද මහා පොලවද
දෝතට ගනිමූ...

ලා හිරු එළියේ දිලිසෙන විලිකුන්
අඹයක්
නිසල රැයේ කඩා හැලෙන නිල් වන්
තරුවක්
දයා දියෙන් පෙගී රිදෙන හදවත්
කැටියක්
ඒ හදවත ගැන ලියවෙන ආදර
කවියක් .....

දෝතට ගනිමූ ....

පිළුණු ලොවම ඉවත හෙලන
මිනිසා වෙනුවෙන්
වෙනස් වෙන්න බලා සිටින ලොව ගැන
පැතුමක්
ඒ පැතුමන් රැගෙන ගලන නිදි නැති
නදියක්
දෙගොඩ තලන ඒ නදියෙන් බිහිවෙන
දරුවෙක් ..

දෝතට ගනිමූ ....

පද, සංගීතය සහ ගායනය - ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
සහාය ගායනය - සුනිලා අබේසේකර

Комментарии

Информация по комментариям в разработке