ලිපේ වගේම , රයිස් කුකර් එකෙත් හදන්න පුලුවන් කටදන ජම්බලායා බත, Jambalaya ( One Pot Meal)

Описание к видео ලිපේ වගේම , රයිස් කුකර් එකෙත් හදන්න පුලුවන් කටදන ජම්බලායා බත, Jambalaya ( One Pot Meal)

වෙන රටක වුනත් අපිටම ගැලපෙන විදිහට සැරට කන්න හදන

ජම්බලායා බත
Jambalaya ( One Pot Meal)


ඇමරිකාවෙ ලුසියානා කියන ප්‍රදේශයෙන් හදන්න පටන් ගත්ත මේ ජම්බලායා බත , අද වෙනකොට ඒකෙ රස නිසාම ලෝකෙ පුරාම ජනප්‍රිය කෑමක්. ඒ වගේම One pot meal එකක් නිසා හදාගන්නත් ලේසියි.

මේ බත වගේම , ඒක හදන්න ගන්න කේජන් (Cajun spices) කියන කුලු බඩු මිශ්‍රණයත් ඒ වගේම ජනප්‍රිය, ඒකෙන් මේ බතට ලැබෙන රස නිසාමයි.
ඉතින් ඔරිජිනල් කේජන් මිශ්‍රණය හදන්න ගන්න සමහර කුළුබඩු ඔයාලට හොයාගන්න අපහසු නිසා, මම ටිකක් වෙනස් කරල ඒ මිශ්‍රණය හදාගත්තත්. අවශ්‍ය කෙනෙකුට ඉගෙන ගන්න ඔරිජිනල් රෙසිපියත් දීල තියෙනව.

ඉතින් මේ රසවත් බත් එක හදන විදිහ ඔයාලට පැහැදිලිව මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.

Spices Mix කුළුබඩු මිශ්‍රණය

1 teaspoons Cumin powder සූදුරු
4 teaspoons Corriander powder කොත්තමල්ලි
1 bay leaf බේ ගොලයක්
2 teaspoons Chilli මිරිස් කුඩු
1 teaspoon freshly ground black pepper ගම්මිරිස්


Ingredients අවශ්‍යද්‍රව්‍ය :

1/2 Onion ලූණු
4 Cloves of Garlic සුදු ලූණු
Capsicum කැප්සිකම්
Spring Onion ලූණු ගස්
Sausages සොසේජස්
Chicken කුකුල් මස්
Prawn ඉස්සො
Tomato paste or crushed tomatoes අඹරා ගත් තක්කාලි ගෙඩි 2ක්
1 1/2 tsp Spice mix කුලු බඩු මිශ්‍රණය
1 tsp Chilli Powder මිරිස් කුඩු
Turmeric Powder කහ
Pepper ගම්මිරිස්
Salt ලුණු
Sugar සීනි


Original Cajun spices Mix for Jambalaya

4 teaspoons garlic powder
4 teaspoons onion powder
2 tablespoons sweet paprika powder
1 teaspoon smoked paprika
1 tablespoon dried thyme
2 teaspoons dried oregano
2 teaspoons dried basil
1 teaspoon dried rosemary
1 bay leaf
2 teaspoons cayenne pepper (or less if you don't want it as hot)1 1/2 teaspoons salt
1 teaspoon freshly ground black pepper

Комментарии

Информация по комментариям в разработке