chak gudu - seniors චක්ගුඩු ජ්‍යේෂ්ඨ අංශය - ජන ක්‍රීඩා දිනය 2019-04-17

Описание к видео chak gudu - seniors චක්ගුඩු ජ්‍යේෂ්ඨ අංශය - ජන ක්‍රීඩා දිනය 2019-04-17

ජන ක්‍රීඩා දිනය 2019-04 17
Traditional Sri Lankan Folk Games
Sri Punyasara Dhamma School,
Werahera, Boralesgamuwa.

චක්‌ගුඩු පැනීම

අස්‌වැන්න නෙළා ගත් වෙල් යායක්‌ හෝ වැව් තාවුල්ලක්‌ වැනි හිස්‌ ඉඩ කඩක චක්‌ගුඩු පැනීම සිදු වේ. ක්‍රීඩා භූමියේ සීමා දෙකක්‌ ලකුණු කරගනු ලැබේ. මෙම භූමිය හරි මැදින් කොටස්‌ දෙකකට බෙදා නායකයන් දෙදෙනෙක්‌ තෝරා ගනී. කාසියක්‌ උඩ දමා මුලින්ම ක්‍රීඩා කරන පිරිස හඳුනාගනී.

එක්‌ පිලක ක්‍රීඩකයෝ චක්‌ගුඩු ගුඩු රෑ කියමින් අනෙක්‌ පිලේ සීමාවට ගොස්‌ ක්‍රීඩකයන්ට පහර දී තමන්ගේ සීමාවට දුව ගෙන එති. පහර කෑ ක්‍රීඩකයා මෙන්ම පහර දී ගුඩු ගුඩු කීම නැවතූ ක්‍රීඩකයාද පරාජයට පත් වේ. ගුඩු කියන්නා ගුඩිඩා ලෙස හැඳින්වේ.

ගොළු ගුඩු පැනීමේදී ගුඩිඩා කථා නොකරන අතර කතා කළොත් ඔහු පරාජයට පත් වේ.

Комментарии

Информация по комментариям в разработке