මේ ලෝකයේ තිබෙන සියලුම සැපයන්ට වඩා ධ්‍යාන සුවය ඉතා උසස් බව සඳහන් වෙනවා

Описание к видео මේ ලෝකයේ තිබෙන සියලුම සැපයන්ට වඩා ධ්‍යාන සුවය ඉතා උසස් බව සඳහන් වෙනවා

Ven Koralayagama Saranathissa Thero - The Buddhist TV - 2021-06-13
පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ - බෞද්ධයා රූපවාහිනී නාළිකාව 2021-06-13
කරණීය මත්ත සූත්‍රය - 14 කොටස ( අවසාන කොටස )
මෛත්‍රියේ සීමාව කොපමණද ? දිශා අනුව කොහොමද මෛත්‍රිය වඩන්නේ කොහොමද කියල අපි කතා කරා..
භූතේසු - උපන්නා වූ සියළු සත්වයන් ..ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න
තමන්ට අකමැති කෙනෙක් අපිට මුණ ගැහුණොත් එතනින් එහාට මෛත්‍රිය වඩන්න අපහසු වෙනවා. එතැනදී ඒ පුද්ගලයා කෙරෙහි ඇතිවන ද්වේශය නැති කරලා...
ඔහු හතුරෙක් නමුත් මම ඔහුට හතුරුකම් කරලා මගේ මෛත්‍රිය නැති කරගන්නේ නැහැ කියල...
මෛත්‍රී භාවනාව ඉරියව් 04 ආකාරයෙන්ම වඩන්න පුළුවන්.
නිදාගෙනත් මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. යම්තාක් නිදිමත නැද්ද ඒ තාක් ඒ භාවනාව කරන්න පුළුවන්
හොඳටම නිදිමත වෙලා යහනට ගිහින් මෛත්‍රීය වඩන්න හැදුවට එහිදී මෛත්‍රියක් වැඩෙන්නේ නැහැ.
මෛත්‍රී භාවනාවෙන් ඉතාමත් ආරක්ෂාවක් අපිට ලැබෙනවා.
සතර බ්‍රහ්ම විහරණ වලින් පලවෙනි එක මෙත්තා හෙවත් මෛත්‍රීය
ඉරියව් හතරෙන්ම පවත්වන්නේ මෛත්‍රීය නම් ඒ පුද්ගලයා හරියට වාසය කරන්නේ රහතන් වහන්සේ නමක් වගේ.
මේ ලෝකයේ තිබෙන සියලුම සැපයන්ට වඩා ධ්‍යාන සුවය ඉතා උසස් බව සඳහන් වෙනවා.
ප්‍රථම ධ්‍යාන සුවය දිව්‍ය ලෝකයේ තිබෙන සැපයට වඩා උතුම් බව සඳහන් වෙනවා.
මාගන්ධිය බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ට වෘධි නාශකයා කියල චෝදනා කරා. මොකද...
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න.
රහත් වෙන්න තමන්ට තමන් ගැන තිබෙන ආසාව අත හරින්න ඕන.

Комментарии

Информация по комментариям в разработке