නිකිණි පුන් පෝයදා විශේෂ ධර්ම දේශණාව | ven galigamuwe gnanadeepa thero

Описание к видео නිකිණි පුන් පෝයදා විශේෂ ධර්ම දේශණාව | ven galigamuwe gnanadeepa thero

🏵️ නිකිණි පුන් පොහොය ගැන ‍ කෙටියෙන් 🏵️
නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදා වේ.

අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ උපාලි යන මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුන් පොහොය දිනයේදීය. ලෝකයේ හොඳ හා නරක යනුවෙන් කොටස් දෙකකි. මේවා තීරණය කරනු ලබන්නේ නිකිණි පුන් පොහොය දිනයටය.

බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොයේදී සිදු විය. එමෙන්ම සේරුවාවිල පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පොහොයත් සමඟය.


“අනුජානාමි භික්ඛවේ වස්සං උපගන්තු” මහණෙනි මම වස්සාන ඍතුවෙහි වස් එළැඹෙන්නට අනුදනිමියි භික්ෂූන් ඇමතූ සේක.

මහණෙනි පෙරවස් එළඹීම පසු වස් එළැඹීම දෙකකි. ඇසළ පුන් පොහොයට පසු දින එනම්, අවපෑළවිය දිනයෙහි පෙර වස් එළැඹිය යුතුය. ඇසළ පුන් පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අවපෑළවිය දිනයෙහි පසු වස් එළැඹිය යුතුය. වස් එළැඹීම ජනතාවගේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූවක් බව සැලකිය හැකිය.

 
බුදුරදුන් ප්‍රඥාප්ති ආවට ගියාට පැනවූයේ නැත. යම් යම් හේතු මත විනයන් පන වන ලදි. සඟරුවනේ නිදහසට බාධා කරන්නට බුදුරදුන්ට වුවමනාවක් නොවීය. සිවු මසක් පමණ වැසි පවතින බැවින් ස්වකීය පන්සලට වී ‘වස්සික සාටිකය’ හෙවත් වැසි සළුව වස් වසන භික්ෂූන් විසින් වස් වසන දිනයේ දීම අධිෂ්ඨාන කොට වස්සාන මාසයෙහි පරිහරණය කළ යුතු සිවුරක් ලෙස නියම කොට ඇත.

නාන කඩය යනුවෙන් හඳුන්වන මේ චීවරය සඟරුවනට වාග් විඥප්තියෙන් වුවද ඉල්ලාගෙන පරිහරණය කළ හැකි වස්ත්‍රයක් වශයෙන් සලකනු ලැබේ. මෙය භික්ෂූන්ට ලබා ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කරන ලද්දේ විශාඛා මහෝපාසිකාවගේ ඉල්ලීමකට අනුවය.

 වස්සාන කාලයෙහි සැදැහැවතුන් සඟරුවන වෙසෙන ආරාමයට ගොස් නිතරම පින් දහම් කටයුතුවල යෙදීම මත ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට නිකිණි පොහොය උපස්තම්භක වේ.

 බොහෝ අය ජීවිතය හා මනුෂ්‍යත්වය එකක් ලෙස සලකති. එහෙත් මෙය දෙකකි. මනුෂ්‍යත්වය මිනිස්කම මතු වන්නේ ජීවිතයෙනි.

 සද්භාවය යහපත්භාවය සත්පුරුෂ ලක්ෂණ කෘතවේදීත්වය, සංවේදී බව යන ගුණාංග මතු වන්නේ මනුෂ්‍යත්වය පදනම් කර ගෙනය.

 ජීවිතය යනු පොදු වූවකි. එහෙත් මනුෂ්‍යත්වය මානුෂික භාවය පොදු ගුණාංග නොවේ. මිනිසාගේ විඥානය ප්‍රගුණ කිරීමෙන් මතු වන ලක්ෂණ වන්නේ මනුෂ්‍යත්වයයි.

 මානුෂික හැඟීම් මතු වීමට නිකිණි පොහොය හොඳම භූමිකාවකි. පරිශ්‍රයක උදවුවට භාජනය වූ පුද්ගලයා එම ගුණ නිරන්තරයෙන්ම මෙනෙහි කිරීම මිනිස්කමකි. මෙතනදී උදවු කළ තැනැත්තාට හෝ තැනැත්තියට එහි ඵලවිපාක අත් වේ. දත් මැදලා දමන දැහැටි දඬු මෙන් ප්‍රයෝජන ගෙන අමතක කිරීම ඉවතට වීසි කිරීම අසත්පුරුෂයන් කෙරෙහි පවත්නා දුර්ගුණයකි. මේවා අපට අවබෝධ කොට දෙන්නේ නිකිණි පො‍හෝ දින පන්සලට ගිය විටය.

 ආනන්ද හිමියන් රහත් වූයේද නිකිණි පුන් පො‍හෝදාකය. නිකිණි පුන් පොහොය දින වෙනත් පොහොය දින මෙන් සිද්ධි සමුදායක් සිදු නොවුණ ද පුද්ගලයාගේ සසර ගමන කෙටි කර ගැනීමට සිත එකඟ කරගෙන මෝක්ෂ මගට පිවිසීමට හේතු වන කරුණු සමුදායයකට මේ පොහොය දිනදී දොරටු විවර විය.

🔴 උපුටා ගැනීම :- https://gossip.hirufm.lk/64279/2021/0...

Комментарии

Информация по комментариям в разработке