සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය

Описание к видео සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය

ඒ භාග්‍යවත්වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහනසේට මාගේ නමස්කාරය වේවා....!

ඵෛතිහාසික ඌව වෙල්ලස්ස පුරවරය බබුළුවමින් ව්‍යවහාර වර්ෂ 2006ක් වූ ඇසල මස වස්සානයත් සමඟ ඇරඹි බණ්ඩාරවෙල ඇල්ල කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව
ඌව වෙල්ලසස්ස සැදැහැති ජනයාගේ දහම් පිපාසය සංසිඳුවන පිං කෙත් සාරවත් කරවන සුන්දර දායාදයක් ලෙසින් මේ සොදුරු දිවයින ගෞතම බුදු රදුන්ගේ නිමල ශ්‍රී සද්ධර්මයෙන් සුපෝෂිත කරවන පුණ්‍ය තෝතැන්නක් විය.



ගුරු දේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වදයෙන් ඇරඹි මෙම පින්බිම තව තවත් පූජනීයත්වයට පත් කරවමින් වර්ෂ 2011 ක් වූ ජුනි 12 වන දින පිංවත් ලොකු ස්වාමීන් වහන්සේගේ සුපින්බර සුරතින් කල්ප සියයක් ඇතුලත ලෝ සතුන් සසර දුකින් නිදහස් කිරීම පිණිස ලොව පහල වී වදාළ සත් බුදු රජාණන් වහන්සේලාට උපහාර පිණිස ම නමුණූකුල කදු මුදුනෙහි සිට ලොවට කරුණාවපාන මුතියංගණ මහා සෑය සුරකින භාග්‍යවතුන් වහන්සේගේ ආය ශ්‍රාවක ඉන්දක දෙවිදු නමින්ද,සමනල කන්ද මුදුනේ සිට ලොව සෙත සලසමින් අප ශාස්තෘන් වහනසේගේ සිරිපා පියුම හා මහියංගණ මහා සෑය සුරකින සුමනසමන් දෙවිදුන් නමින්ද යුතු වෙමින් සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය ලෙසින් නම් ලද මනරම් මහා සෑයකට මුල ගල් තබන ලදි.

#mahamevnawa #ella #meditate #stupa #pagoda #construction #විහාරය #සෑය #මහමෙව්නාව #අසපුව #ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ #භාවනා #හතරැස් කොටුව #පින #පින්කම #පින්කම් #ආධාර

Комментарии

Информация по комментариям в разработке