බුදු බණ පදයක් සවන වැකේවා | Budu Bana Padayak (Lyrics) Mangala Denex

Описание к видео බුදු බණ පදයක් සවන වැකේවා | Budu Bana Padayak (Lyrics) Mangala Denex

බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ
ඇස් පියවෙන මොහොතේ
බුදු හිමි රුව මට මැවී පෙනේවා

පව් සිදිවෙන්නැති නොදැනීම
ඒ නිසයි සසරේ ඉපදීම
බුදු දම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම

බුදු බණ පදයක්...

සැප සොයලා ගොස් දුක විඳම
සඵල වුණේ නෑ පැතූ සැම
අවසන් මොහොතේ ඉතිරි වුණ
කල හොඳ නොහොඳයි මට උරුම

බුදු බණ පදයක්...

ගායනය: මංගල ඩෙනෙක්ස්
පද රචනය සහ තනු නිර්මාණය: ප්‍රසන්න කුමාර දම්මලගේ
සංගීතය: තුෂාර විජේවර්ධන

Комментарии

Информация по комментариям в разработке