Ven.Wennawaththe Rathanajothi Thero - 2019.05.01 - 08.02 වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

Описание к видео Ven.Wennawaththe Rathanajothi Thero - 2019.05.01 - 08.02 වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

*** වර්ගවාදීන්ගේ මිත්‍යා මත අනුව සුළු පිරිසක් ක්‍රියා කිරීම නිසා රටේ උද්ගතව ඇති තත්වයන් පිළිබඳවත් ධාර්මික විග්‍රහයක යෙදෙන උතුම් ධර්මානුශාසනාව සියළු ජන වර්ග වල, ආගම් වල සැමගේ අවධානයට පත්විය යුත්තකි. ධර්මානුශාසනාව අවසානයේ පසුගිය පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් දැයෙන් සමුගත් සියලු දෙනා උදෙසා පින් අනුමෝදන් කිරීමක් ද සිදුකරනු ලබති. කිසිවෙකුට, කිසිදිනෙක සසර වසනා තුරාවටම මෙවන් විපත් නොමවේවා!!! මාර බලවේග පරාජය කොට ධර්මය රජයන යුගයක් උදාවේවා!!!' යි කියා අපි ප්‍රාර්ථනා කරමු!

තුන්ලෝකාග්‍රවූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, දසබලධාරී, සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේටත්, උන්වහන්සේ විසින් පරෝපදේශ රහිතව ස්ව උත්සාහයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටත්, උන්වහන්සේ විසින් දේශිත ඒ උතුම් ආර්ය මාර්ගයේ වැඩමකල - වැඩමකරවන ආර්ය මහා සංඝරත්නයටත් පළමුවද, දෙවනුවද, තෙවනුවද අපගේ නමස්කාරය වේවා!!!  සාදු! සාදු!! සාදු!!!

ඊයේ, 2019 වෙසක් මස 01 දින, (බදාදා) ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ පෙරවරු 08.02 ට විකාශනය කරන ලද  ධර්මානුශාසනාව පවත්වා වදාළේ; දෙකටන, නාමළුව, පුරාණ විහාරාධිකාරී, විශ්ව කීර්ති ශ්‍රී, ධම්ම භානී, ශාස්ත්‍රපති, විද්‍යා විශාරද, අවසරයි, වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසිනි.

තුන්ලෝකාග්‍රවූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, දස බලධාරී, සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ, උතුම් ධර්මස්කන්ධයන් අතුරින්, සූත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ධම්මපදයේ, යමක වග්ගයේ එන "පරේ ච න විජානන්ති – මයමෙත්ථ යමාමසේ, යේ ච තත්ථ විජානන්ති – තතෝ සම්මන්ති මේධගා" (මේ විදිහට කෝළාහල කරගන්ට ගියොත්, අපිමයි විනාශ වෙන්නේ කියල” මේ කෝළාහල කරන උදවිය දන්නෙ නෑ. නමුත් මේ කෝළාහල වලින් වැනසෙන්නෙ අපිමයි කියල යම් කෙනෙක් දන්නවා නම්, ඒ තුළින්මයි කෝළාහල සංසිඳෙන්නේ ~ කොසැඹෑ නුවරදී කළහකාරී භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි)...යන උතුම් ගාථා රත්නය මාතෘකා කරගනිමින් හා තවත් උතුම් ධර්ම කාරණා ඇසුරු කරගනිමින් "අර්ථවත් කම්කරු දිනයකට බුදුදහමින් ලැබෙන පිටුවහල" පිළිබඳව මනාව විග්‍රහ කරමින් පවත්වනලද ඒ උතුම් ධර්මානුශාසනාව අසා ඒ අනුව සිත් මෙහෙයවමින් මෙලොවින් පරළොවට ගෙනයන මිණිමුතු රැස්කරගන්නට ධර්මයට සමීප (උපාසක) ඔබ අප්‍රමාදී වේවා!!!

*** මෙම ධර්මානුශාසනාවේ හඬපටය හා වීඩියෝව කැමති අයෙකුට ඉතා පහසුවෙන් මෙතැනින් බාගත කරගන්න පුළුවන්
https://y2mate.com/ru/youtube/Y-1mnLh...

අපගේ වන්දනීය දේශකයාණන් වහන්සේටත්, ගුවන්විදුලි සංස්ථාවේ හා බාහිර වශයෙන් නන් අයුරින් දායකත්වය සැපයූ සැමටත්, පින් කැමති සියළුදෙනාටත් මේ උතුම් ධර්ම දානමය පින් අත්වේවා!!!

එසේම අපගේ මව්පියන්, සහෝදර සහෝදරියන්, ඤාති මිත්‍රාදීන්ටද, අනන්ත සසර පටන් මේ මොහොත දක්වා අප නමින් මිය පරලොව ගියා වූ සියළුම ඥාති-මිත්‍රාදීන්ද, ගුරු-දෙගුරුන්ද මේ පින් අනුමෝදම් වෙත්වා!!!

යමෙකු දුගතියක වෙත් නම් මෙ පින් බෙලෙන් සුගතිගාමී වෙත්වා!!! සුගතියක වෙත්නම් එහිදීම උතුම් වූ ධර්මාවබෝධය වේවා!!!

අවසන් වශයෙන්, ඔබ අප සියළු  දෙනාටම මේ උතුම් ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේදීම සසර කතරින් එතෙරවීමට  තෙරුවන්ගේ ආශීර්වාදයෙන් හැකියාව ලැබේවා!!!

"ශ්‍රී සද්ධර්මය නිතර අසන්න (සුනාථ), ඒ ඇසූ ශ්‍රී සද්ධර්මය හොඳින් සිත් හි දරාගන්න (ධාරේථ), එසේ සිත් හි දරාගත් ශ්‍රී සද්ධර්මයට අනුව හැසිරෙන්න (චරාථ - ධම්මේ). එසේ ශ්‍රී සද්ධර්මය නිතර ශ්‍රවණය කිරීම තුළින් කලින් නොඇසූ දේ අසන්නට ලැබේවි, ඇසූ දෙයක් නම් එය වඩාත් තහවුරු වේවි, සැකයක් තිබුණා නම් ඒ සැක දුරුවලා යාවි, වැරදි මත තිබුණා නම් ඒවා නිවැරදි කරගන්නට හැකි වේවි, සිතේ පැහැදීමක් ඇතිවීම තුළින් දෙලොවටම වැඩදායී ජීවිතයක් ගතකරන්නට ඉන් විශාල පිටුවහලක් ලැබේවි. ඔබටත්, පවුලේ සැමටත්, සමාජයටත්, මුලු මහත් ලෝකයටත් ඉන් යහපතක්ම වේවි.

බුදුන් සරණ හැර අන් සරණක් නැත මා හට,
දහම් සරණ හැර අන් සරණක් නැත මා හට,
සඟුන් සරණ හැර අන් සරණක් නැත මා හට,
මෙතුන් සරණ හැර අන් සරණක් නැත මා හට.
සාදු! සාදු!! සාදු!!!

"දස බල බුදුරජාණන් වහන්සේ නම් මහා පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහා සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ මහා ගංගාව අපමණ සත්ත්වයාගේ අනන්ත සසර දුක් ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා!!!

(වසර විසිපහක් පුරා භාග්‍යවතුන් වහන්සේට ඇප උපස්ථාන කරමින් කටයුතු කළ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ විසින් කරන ලද අධිෂ්ඨානයකි.)

අපගේද පරම පැතුම එයයි. එය එසේම වේවා!!! සාදු! සාදු!! සාදු!!!

*** විශේෂ දැනුම්දීමයි... සුගත තථාගත ශ්‍රී සද්ධර්මයට ලැදි ඔබ සැමගේ පහසුව තකා, අවශ්‍ය නම් ධර්මානුශාසනා වල හඬපටය (mp3) බාගත කරගෙන ශ්‍රවණය කිරීමට හැකි වන පරිදි ඒ සඳහාම වන අන්තර්ජාල පිටුවක් නිර්මාණය කළා.
Sunatha Dharetha Charatha Dhamme – සුනාථ – ධාරේථ – චරාථ ධම්මේ!!!
https://dhamme.com/

*** ධර්ම ප්‍රචාරය සඳහාම වෙන්වූ අපේ මුහුණුපොත;   / sunathadharetha.charathadhamme  

෴ ජයවීරගේ සමන්ත ෴  රුසියාවේ සිට ෴

(කෘතඤ පූර්වක පුණ්‍යානුමෝදනාව; ගුවන්විදුලියේ මහ ගෙදර, ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයේ සැමට)

Комментарии

Информация по комментариям в разработке