Coconut Toffee | පොල් ටොෆි හදන හරිම ක්‍රමය | නිවැරදිව හරියට පොල්ටොෆි හදන්න ඉගෙන ගමු | අවුරුදු කෑම

Описание к видео Coconut Toffee | පොල් ටොෆි හදන හරිම ක්‍රමය | නිවැරදිව හරියට පොල්ටොෆි හදන්න ඉගෙන ගමු | අවුරුදු කෑම

#coconut #coconuttoffe #coconutburfi




පොල් ටොෆි රෙසිපි

පොල් 400g
සිනී 500g ( කොප්ප 2 1/2 )
වතුර 150ml ( කොප්ප 1/2 )
කිරිපිටි 60g ( කොප්ප 1/2 )
බටර් 60g ( කොප්ප 1/4 + මේස හැදි 1 )
පාට කලරින්
ලුණු තෙර් හැදි 1/4
වැනිලා තේ හැදි 2

මුලින් ම පොල් ටොෆි වැනි රස කැවිලි හදන්න ලොකු නන්ස්ටික් භාජයක් ගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි. අඩිය අල්ලන්නෙ නැ හරි ලේසියෙන් හදාගන්න පුලුවන්. එවගෙම මේ වගේ ටොෆි වර්ග හදනකොට අඩුම ගින්දරේ ඉතාමත් ඉවසිල්ලෙන් හදනවා නම් පොඩ්ඩක්වත් වරදින්නෙ නැතුව හදාගන්න පුලුවන්. අඩු ගින්දරේ හදනකොට වෙලාව යනවා පැයකට කිට්ටු වෙන්න යනවා ටොෆි එකේ හරි පදම ගන්න හැබැයි වරදින්නේ නම් නැ.

පොල් ටොෆි හදන්න ඉස්සෙල්ලා ටොෆි දලා තුනී කරන තැටියට බටර් ගාගන්න. පිහියේ හැදිවලට බටර් ගාන්න. එතකොට ලස්සනට කැලි කපන්න පහසු වෙනවා.

නන්ස්ටික් භාජනයකට සිනි හා වතුර දලා අඩු ම ගින්දරේ සිනි ටික දිය වෙලා සුදු පාට බුබුලු දලා නටනකම් රත් වෙනකොට තවයි ඔයා පොල් ටික හා ලුණුකුඩු ටික එකතු කරන්න ඔනා. ( පොල් ටික වතුර දාන්නේ නැතිව ටිකක් වෙලා බ්ලෙන්ඩර් කරලා ගන්න. ) පොල් ටික දලා හොදට කලවම් කරන්න.

ටිකකින් පොල්වල වතුර ගතිය එලියට එනවා දකින්න පුලුවන්. මේ වෙලාවෙම කිරිපිටි ටික එකතු කරලා හොදට කලවම් කරන්න. පොල්වල තියෙන වතුර ගතිය ගොඩාක් අඩු වෙනකම් හැදි ගාන්න.

දැන් පොල්වල තියෙන වතුර ගතිය අඩුවෙලා තියෙන කොට වැනිලා ටිකක් දලා කලවම් කරන්න තවත් ටික වෙලාවක් යනකොට තව තෙතගතිය ක්‍රමයෙන් අඩුවෙනවා පෙනවා අන්න එ වෙලාවට ඔයා බටර් ටික දාන්න. බටර් වැඩිපුර දැම්මාම මේ වගේ කැම ලස්සනට ලේසියෙන් හදාගන්න පුලුවන්. බටර් දැම්මාම බටර් ටික දියවෙලා මිශ්‍රණයේ තෙල් ගතියක් ඇතිවෙනවා. එකත් අඩුවෙනකම්ම හැදිගාන්න ඔනා. මේ වෙලාවෙදී අත රිදෙනවා කියලා හැදිගාන්නේ නැතුව ඉන්න එපා නොනවත්වා ම හොදට හැදිගාන්න ඔනා.

දැන් තෙල් ගතියත් ටිකක් අඩුවෙගෙන එනකොට ඔයා කැමති පාටක් එකතු කරන්න. පාට එකතු කරලාත් ඉක්මනින් ඉක්මනින් ම හැදිගන්න ඔනා.

දැන් විනාඩි 45ක් 50ක් ගත වෙනකොට මිශ්‍රණය එකතු වෙන ස්වභාවයක් දකින්න පුලුවන්. එ කියන්නේ තවත් විනාඩි කිහිපයකින් ඔයා බාන්න ලැස්ති වෙන්න ඔනා. පැන් එක වටෙ වෙලිලා මිශ්‍රණය එකට එකතු වෙන ගතියක් කැලි කැඩි කැඩි යන්නේ නැතිව එකතු වෙලා ගුලියක් වගේ ගතියක් එනවා අන්න එ වෙලාවට ඔයා මුලින්ම ලැස්ති කරගත්ත බටර් ගාපු තැටියට දලා ඉක්මනින්ම තුනී කරගෙන කැලී කපාගන්න ඔනා. මෙ වෙලාවේ තුනි කරන එකත් ටිකක් ඉක්මනින්ම කරගන්න ඔනා නැත්තම් මිශ්‍රණය ගල් වෙනවා. උණුවෙන්නම තමයි කැලි කපන්න ඔනා. කැලි වෙන් කරන්න ඔනා නැ කැලි කපල මාක් කරලා තියාගත්තාම නිවුනාට පස්සේ කැලි වෙන් කරගන්න පුලුවන්. පොල් ටොෆි නිවුනාම කැලි කපන්න බැ.

පිටරට ඉන්න අපේ අය Desiccated coconut ගන්න. ඔයාලාට ෆෙෂ් පොල් නැත්තම් එකෙන් හදන්න ගොඩාක් කල් තියාගන්න පුලුවන්. ඔයා කැමති නම් මේ පොලුත් ටිකක් බ්ලෙන්ඩර් කරලා ගන්න. එතකොට හැපෙනකොට ඔක්කොම කැලි කටේම දියවෙලා යනවා. Desiccated coconut වලින් හැදුවාත් මේ විදිහටමයි හදන්න තියෙන්නෙ වෙනසක් නැ. ඔක්කොම එකට එකතු වෙන පදමට එනකොට තවත් විනාඩියක් විතර තියලා බාලා තුනී කරන්න.

ස්තුතියි!
®Bhagi Gunawardana Tennakoon

Bhagi kitchen Facebook Fan Page link

  / bhagiskitchenbybhagi  

Bhagi Gunawardana Instagram link

https://instagram.com/bhagi_gunawarda...

Комментарии

Информация по комментариям в разработке