ගර්භනී පරීක්ෂාව ( urine test )එක නෙගටිව් වුවත් ගර්භනී වෙන්න පුලුවන් ?

Описание к видео ගර්භනී පරීක්ෂාව ( urine test )එක නෙගටිව් වුවත් ගර්භනී වෙන්න පුලුවන් ?

ඔබගේ hcg මුත්‍රා පරීක්ෂණය ප්‍රතිඵල වල නිරවද්‍යතාවය රඳා පවතින්නේ පරීක්ෂණ කට්ටලයේ උපදෙස් නිවැරදිව අනුගමනය කිරීමට ඔබට ඇති හැකියාව මත යි.

ඔබට ඍණාත්මක ප්‍රඵලයක් ලැබී ඇති නම් එය අවිනිශ්චිත ප්‍රතිඵලයක් ලෙස සලකන්න. 

ඔබ ගැබ්ගෙන නැති බව ඔබට සහතික වන තුරු, ඔබ ප්‍රවේශම් විය යුතු අතර වර්ධනය වන කලලයට හානියක් විය හැකි කිසිවක් කිරීමෙන් වළකින්න. ගර්භණී සමයේදී දුම් පානය කිරීම, මත්පැන් පානය කිරීම සහ ඇතැම් ඖෂධ ගැනීම ඔබේ දරුවාට හානිදායක වෙන්න පුළුවන්.

ඔබට එක්වරක් ඍණාත්මක ප්‍රතිඵල ලැබුනොත් දින කිහිපයක් සිට නැවත එම පරීක්ෂණය සිදු කර බලන්න පුළුවන්.

එමගින් කලින් අවස්ථා‌ෙවේ යම්කිසි වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි වී ඔබට ධනාත්මක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.

එසේ ධනාත්මක ප්‍රතිඵල ‌නොලැබේ නම් හා ඔබගේ ඔසප්දි වීමට නියමිත දිනය සැලකිය යුතු ‌ලෙස ප්‍රමාද වී ඇත්නම් ඔබගේ ‌වෛද්‍යවරයා හමු වී උපදෙස් ගන්න.



සැලකිය යුතුයි:
මෙම කරුණු අන්තර්ජාලය හා වෛදය මුලාශ්‍ර උපයෝගී කරගනිමින් සකස් කළ බවත් ඒ පිලිබඳ උපදෙස් ලබා දීමට ප්‍රසව හා නාරිවේද වෛදය විද්‍යාත්මක සුදුසුකමක් මා සතු නොවන බව නිහතමානීව ප්‍රකාශ කරන අතර සෑම අවස්ථාවකම වෛදය උපදෙස් පැතීම සුදුසු වේ. 👩‍⚕️👩‍⚕️👩‍⚕️

#ගර්භනී බව #pregnancy tips sinhala

Комментарии

Информация по комментариям в разработке