පේටන්ට් 14ක් ඇති ශ්‍රී ලාංකික විද්‍යාඥයා - Talk With Chatura (Full Episode

Описание к видео පේටන්ට් 14ක් ඇති ශ්‍රී ලාංකික විද්‍යාඥයා - Talk With Chatura (Full Episode

ආචාර්ය සුරංග නානායක්කාර

නවසීලන්තයේ ඕක්ලන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන අතර, ඔහුත් සමග කරන ලද සාකච්ඡාවේදි ඔහු විසින් හෙළිදරව් කරන ලද කරුණක් නිසා අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන කණගාටුවක් ඇති වුණි.

ඔහු Wearable Computing, Assistive Technology, Ubiquitous computing, AI, Collective intelligenc, Robotics යන විෂය පථයන් පිළිබඳ ප්‍රාමාණිකයෙකු වන අතර ඒ ඔස්සේ සිදුකරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ලෙස ඔහුට පේට්න් බලපත්‍ර 14 ක් සහ තවත් නව නිර්මාණ බොහෝමයක් සිදුකිරීමට හැකියාව ලැබී ඇත.

අප ලංකාවේ විශ්වවිද්‍යාලයකින් අදාළ විදෙස් විශ්වවිද්‍යාලයෙන් මෙම විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව විෂය නිර්දේශයන් සැකසීමට අවශ්‍ය විශේෂඥ සහාය ඉල්ලා ඇති අතර, ඒ සඳහා අදාළ මහාචාර්යවරයා ලෙස සුරංග නානායක්කාර මහතා සිය කැමැත්තෙන්ම තම රටට සේවාවක් කරලීමට ඇති කැමැත්ත නිසාම ඉදිරිපත්ව ඇතත්, අප ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාලයෙන් ඔහු වෙත දන්වා ඇත්තේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ දැනුම මේ සඳහා ලබා ගැනීමට බලාපොරොත්තුවක් නැති අතර විදේශීය ප්‍රාමාණිකයින්ගේ දැනුම මේ සඳහා ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඉතිං ස්වදේශීකත්වය පදනම් නොවුණු ඇගයීමට ලක් නොවන අප සමාජයේ විදේශීය විදෙස් ගමන් බලපත්‍රයට ඇති බල සම්පන්න බව මෙම වැඩසටහන තුළදී ඔහු මනාකොට ගෙන හැර දක්වයි.,

Комментарии

Информация по комментариям в разработке