සාංචී ස්තූපයේ ඔබෙන් සඟවන කතාව | Sanchi Stupa

Описание к видео සාංචී ස්තූපයේ ඔබෙන් සඟවන කතාව | Sanchi Stupa

සාංචිය ගැන හෙළිදරව්වක් - Sanchi Stupa
======================
කැටයම් සහිත තොරන් වලින් වටකොට ඇති සාංචී ස්තූපය සැබවින්ම බෞද්ධ ඉතිහාසයට සම්බන්ද ස්ථානයක්ද යන්න කලක පටන් ඉදිරිපත්වන ගැටලුවක්. මොකද මෙය අපට උගන්වන විශය නිර්දේශවල පවා ඉතා ඉහලින් කතාවෙන ස්ථානයක් නිසා.

මේ අතරින් එකක් Jurnal of the Asiatic Society of Bengal වාර්තාවේ ඉදිරිපත්කරන ගුප්ත යුගයට අයත් සෙල්ලිපි අතරින් " ආවසත් නම් උත්සවයට සහභාගී වූ ශ්‍රමණයන්ට දුන් ඉඩම් පරිත්‍යාගයක් ගැන " වන සෙල්ලිපිය වැදගත් තැනක් ගන්නවා . මෙහි සඳහන් වන ආවසත් උත්සවය ගිනිදෙවියන් පිදීම සම්බන්ද උත්සවයක් වන අතර එය බෞද්ධ ආගමකට සම්බන්ධ උත්සවයක් නොවන බව එම වාර්තාවෙම සඳහන් වෙනව.

ඒ වගේම දෙවන සෙල්ලිපියේ "කකුන්ද ස්පොත විහාරයේ ආසන සිද්ධ පවත්වන්නාවූ උසස් ශ්‍රාවකට වීදියේ සිඟමන් යාම වලක්වනු පිනිස දාන ශාලාවක්, මුදල් හා පහනක් දුන් බවත්, සතර කෙලවරේ ඇති බුදු රුවවල් සඳහා පහන් තුනක් හා ආලෝකකිරීමට මුදල් දුන්බවත් , චක්‍ර පිදීමක් සිදුකල බවත් දක්වනවා"

චක්‍ර පිදීමත් බෞද්ධ සම්ප්‍රදායක් නොවන අතර ආසන සිද්ධ කියන්නෙත් බෞද්ධ උත්සවයක් නොවෙයි.

මේ සියලු කරුණු සමග තවදුරටත් සාංචිය බෞද්ධයන්ගේ මහාතූපය කියනවනම් එහි තැම්පත් බුදුන්වහන්සේගේ කුමන ධාතුන්වහන්සේලාද කියා තොරතුරු ඉදිරිපත්කිරීමක් බලාපොරොත්තුවෙනවා එසේ ප්‍රකාශ කරන පාර්ශවයන්ගෙන්.

Ashoka Great King | ධර්මාශෝක රජු ලාංකික බවට ශාක්ශි හමුවේ :
   • Ashoka Great King  | ධර්මාශෝක රජු ලාං...  

Buddhist Stupa | සක්වල ආකෘතියක් වූ ස්තූපයේ අභිරහස :
   • Buddhist Stupa | සක්වල ආකෘතියක් වූ ස්...  

ඔබේ ගවේෂණය සඳහා 🙏

Комментарии

Информация по комментариям в разработке