මහා මංගල සූත්‍රය 21 වරක්| පාලි ගථා සිංහල තේරුම සහිතව| Maha mangala sutta| pali, sinhala pirith

Описание к видео මහා මංගල සූත්‍රය 21 වරක්| පාලි ගථා සිංහල තේරුම සහිතව| Maha mangala sutta| pali, sinhala pirith

මහා මංගල සූත්‍රය 21 වරක්| පාලි ගථා සිංහල තේරුම සහිතව| Maha mangala sutta| pirith| pali, sinhala pirith

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමී. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨීතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී එක්තරා දෙවියෙක් මධ්‍යම රාත්‍රියෙහි මනස්කාන්ත පැහැයකින් යුතුව මුළු දෙව්රම බබුළුවා ගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියේ ය. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පසව සිට ගත්තේ ය. එකත්පසව සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ පැවසුවේ ය.

බහූදේවා මනුස්සා ච – මංගලානි අචින්තයුංආකංඛමානා සොත්ථානං – බ්‍රෑහි මංගලමුත්තමං
බොහෝ දෙවි මිනිස්සු ද – සිතුවෝ ය මංගල කරුණු ගැන,
යහපත කැමති ඔවුනට – උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිඳුනි.

අසේවනා ච බාලානං – පණ්ඩිතානඤ්ච සේවනාපූජා ච පූජනීයානං – ඒතං මංගලමුත්තමං
නරක අය නොම ඇසුර ද – කළණමිතුරන් සමඟ නිති ඇසුර ද,පිදිය යුත්තන් පිදුම ද – මේවා උතුම් මංගල කරුණු ය.

පතිරූපදේසවාසෝ ච – පුබ්බේ ච කතපුඤ්ඤතාඅත්තසම්මාපණිධි ච – ඒතං මංගලමුත්තමං
යහපත් තැනක විසුම ද – පෙර කළ පින් තිබීම ද,තමා යහමඟ යාම ද – මේවා උතුම් මංගල කරුණු ය.

බාහුසච්චඤ්ච සිප්පඤ්ච – විනයෝ ච සුසික්ඛිතෝසුභාසිතා ච යා වාචා – ඒතං මංගලමුත්තමං
බොහෝ දැන උගත් බව – නොයෙකුත් ශිල්ප දත් බව,විනයකින් යුතු බව – මනා කොට හික්මුන බව,සුභාසිත වූ යම් බසක් වෙද – මේවා උතුම් මංගල කරුණු ය.

මාතාපිතු උපට්ඨානං – පුත්තදාරස්ස සංගහෝඅනාකුලා ච කම්මන්තා – ඒතං මංගලමුත්තමං
මව්පිය උපස්ථානය – අඹුදරුවන්ට සැළකුම,මැනැවින් වැඩ කෙරුම – මේවා උතුම් මංගල කරුණු ය.

දානඤ්ච ධම්මචරියා ච – ඤාතකානඤ්ච සංගහෝඅනවජ්ජානි කම්මානි – ඒතං මංගලමුත්තමං
දන් පැන් පිදීම ද – දහම තුළ හැසිරීම ද,නෑයන්ට සැළකීම ද – නිවැරදි දේ කිරීම ද,මේවා උතුම් මංගල කරුණු ය.

ආරති විරති පාපා – මජ්ජපානා ච සඤ්ඤමෝඅප්පමාදෝ ච ධම්මේසු – ඒතං මංගලමුත්තමං
පවෙහි නො ඇලීම ද – හැම පවින් වැළකීම ද,මත් පැනින් දුරු වීම ද – දහම තුළ නො පමාව ද,මේවා උතුම් මංගල කරුණු ය.

ගාරවෝ ච නිවාතෝ ච – සන්තුට්ඨී ච කතඤ්ඤුතාකාලේන ධම්මසවණං – ඒතං මංගලමුත්තමං
උතුමන්ට ගරු කිරීම ද – නිහතමානී වීම ද,ලද දෙයින් තුටු වීම ද – කෙළෙහි ගුණ සැලකීම ද,නිසි කලට බණ ඇසීම ද – මේවා උතුම් මංගල කරුණු ය.

ඛන්තී ච සෝවචස්සතා – සමණානඤ්ච දස්සනංකාලේන ධර්මසාකච්ඡා – ඒතං මංගලමුත්තමං
ඉවසන ගුණයෙන් යුතු බව – යහපතට අවනත බව,ශ්‍රමණවරු බැහැ දැකුම ද – නිසි කල දම් සභාව ද,මේවා උතුම් මංගල කරුණු ය.

තපෝ ච බ්‍රහ්මචරියඤ්ච – අරියසච්චානදස්සනංනිබ්බාණසච්ඡිකිරියා ච – ඒතං මංගලමුත්තමං
තපසෙහි විසීම ද – බඹසරෙහි හැසිරීම ද,ආර්ය සත්‍යයන් දැකීම ද – නිවන අවබෝධ වීම ද,මේවා උතුම් මංගල කරුණු ය.

ඵුට්ඨස්ස ලෝකධම්මේහි – චිත්තං යස්ස න කම්පතිඅසෝකං විරජං ඛේමං – ඒතං මංගලමුත්තමං
අටලෝ දහම එන විට – නො සැලේද යමෙකුගෙ සිත,සෝක නැති කෙලෙසුන් නැති – බියක් නැති තැන සිටි විට,මේවා උතුම් මංගල කරුණු ය.

ඒතාදිසානි කත්වාන – සබ්බත්ථමපරාජිතාසබ්බත්ථ සොත්ථිං ගච්ඡ්න්ති තං – තේසං මංගලමුත්තමන්ති
මේ අයුරින් කටයුතු කොට – අපරාජිත වී හැම තැන,යහපතට ම යති හැම තැන – එය ඔවුන් හට උත්තම මංගල කරුණු ය.

ඒතේන සච්චේන සුවත්ථි හෝතු !
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා !

නමෝ බුද්ධාය!
බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

Buddhism beliefs and practices| Spiritual teachings in Buddhism| Everything you need to know about Buddhism| Learn about Buddhism| Buddha teachings on life| Lord Buddha's teachings and stories in Sinhala| How to become a Buddhist | How to become a Buddhist monk| How to practice Buddhism | How Buddhism changed my life| What do Buddhist believe

#karaneeyameththa #mahamangala #rathana #mindfulness #suthra #buddhism #buddhist #dhamma #thunsuthraya #relaxing #buddhistmeditation #srilanka #pirith #buddha #sangha

Комментарии

Информация по комментариям в разработке