Hello පුංචි යාලුවනේ,
ඔන්න මේ පාර Mr. Debiddo ආවේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ගැන ලස්සන video එකක් ඔයාලට අරගෙන. ලංකාවේ අපි හැමෝම හරි ආසාවෙන් සමරන අපූරු උත්සවයක් තමයි මේ අලුත් අවුරුද්ද කියන්නේ.😍 ඉතින් ඒ ප්රීතිදායක අවුරුද්දේ තියෙන වැදගත්කම මතක් කරන්න තමයි Mr. Debiddo මේ video එක අරගෙන එන්නේ. අවුරුදු කාලෙටම විශේෂිත වූ ජන ක්රීඩා, අවුරුදු චාරිත්ර වාරිත්ර, රසවත් කැවිලි පෙවිලි වගේ දේවල් ගැන අපේ පාසල්, පෙර පාසල් යන පුංචි යාලුවෝ හැමෝටම හොඳ අවබෝධයක් ලබාගන්න මේ video එක වැදගත් වෙයි කියලා Mr. Debiddo විශ්වාස කරනවා. ආ....ඒ විතරක් නෙවෙයි යාලුවනේ, Jonny ත් ඉන්නවා මේ video එකේ ඔයාලට සුබපතන්න බලාගෙන. 🤭♥
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද කියන්නේ අපේ රටේ තියෙන වැදගත්ම සංස්කෘතික උළෙල. ඉතින් ඒ කාලෙට අපි හැමෝම පරණ තරහ මරහ අමතක කරලා, හැමෝම එක්ක කැවුම්, කොකිස්, අලුවා බෙදාගෙන රසවිඳින එක තමයි පුරුද්ද. ඒ විතරක් නෙවෙයි, අලුතින් වැඩ අල්ලලා, ගණුදෙනු කරලා, හැමෝම එකතු වෙලා ආහාර අනුභව කරලා, වැඩිහිටියෝ නැමඳලා සිදුකරන චාරිත්ර බොහොමයක් නව අවුරුද්දත් එක්ක බැඳිලා තියෙනවා. ඒ වගේම යාලුවෝ, නෑයෝ ඔක්කොම එකතු වෙලා ඔංචිලි පැදලා, රබන් ගහලා, කොට්ට පොර, කඹ ඇදීම වගේ ජන ක්රීඩා බොහොමයක් කරලා සතුටු වෙන්නත් අමතක නොකරන හරි විනෝදබර කාලයක් තමයි මේ අලුත් අවුරුද්ද. ඉතිං පුංචි යාලුවනේ, මේ අලුත් අවුරුද්ද අපි හැමෝම, හැම කෙනෙක් එක්කම සතුටින් සමාදානයෙන් සමරමු! ඒ වෙනුවෙන් Mr. Debiddo යි Jonny යි අරන් ආපු video එක ඔයාලා රසවිඳියි කියලා විශ්වාස කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!💛🥰 හී...හී...
Hello kiddos,
This time Mr. Debiddo has brought you an extraordinary video about the Sinhala and Hindu New Year. New Year is a wonderful festival that all of us in Sri Lanka celebrate with great enthusiasm. 😍 So especially Mr. Debiddo brings this video to remind the importance of that blissful new year. Mr. Debiddo believes that this video would be a great experience for all of our school & preschool kiddos to have a sound knowledge about awurudu rituals, folk games & delicious awurudu sweets. Ah....Not only that, guys, Jonny is also waiting in this video to wish y'all a blissful new year. 🤭♥
The Sinhala and Tamil New Year is the most important cultural festival in our country. So it is a habit for all of us to forget old grudges and enjoy sharing kawum, kokis, and aluwa with everyone. Not only that, there are many rituals associated with the New Year, such as having food together, planting, and worshiping the elders. Also, the New Year is a very pleasurable time when friends and relatives get together and play many folk games like swinging, playing Raban, kotta pora, and so on. So kiddos, let's all celebrate this New Year with happiness and peace with everyone! So hope you will enjoy the video that Mr. Debiddo and Jonny brought for you & we wish a Happy New Year to you all! hee... hee...!💛
Cast - Mr.Debiddo and Jonny
Thenuja Sethum
Sansala Nilani
Background Awrudu Videos from
Krushi tv • රසවත් අාස්මි-Department Of Agricultur...
Enjoy Buddy • Cartoon village Background video no c...
punyasara Dhamma School Werahera • බක් මහ උළෙල - 2018 කඹ ඇදීම කණිෂ්ඨ තරග...
IndunapreSchool • පුංචි අපේ අවුරුදු 2023 අලියාට ඇස තැබීම
Tv Geeth • අයියයි මල්ලියි කොට්ට පොර අවසාන තරගයට ...
Background Music from
NCS Music Official • Видео
#aurudu #awrudu #අවුරුදු #mrdebiddo #kidslearning #lama #aurudda #auruduuthsawa #rasakewili #kewili #kevili #perapasal #nursery #montessori #පෙරපාසල් #kathandara #katun #ළමා #sinhala #sinhalakids #rasa #janakreeda #aurudugames #srilankan #traditionalgames #charithra #kottapora #kanamuttiya #aliyataasathebima #කනාමුට්ටිය #අලියටඇසතැබීම #කඹඇදීම #Kabaadeema #thugofwar #akuru #aurudusongs #kidssongs #lamasindu #educationalvideo #kohasound #raban #aluwa #asmi #athirasa #kokis #jonny #puppets #puppetshow #ventriloquism #අවුරුදුඋත්සවේ #අවුරුදු #ක්රීඩා #පුංචි #අපට #දැනුම #ජනක්රීඩා #firecracker #janakatha #andare #foods
Информация по комментариям в разработке