සාම කුමාරයාගේ රුව දැකල රජතුමා හිතුවා මේ නම් මනුෂ්‍යයෙක් වෙන්න බැහැ එක්කෝ නාගයෙක් නැත්නම් දෙවි කෙනෙක්

Описание к видео සාම කුමාරයාගේ රුව දැකල රජතුමා හිතුවා මේ නම් මනුෂ්‍යයෙක් වෙන්න බැහැ එක්කෝ නාගයෙක් නැත්නම් දෙවි කෙනෙක්

Ven Matara Mahinda Thero - Neth FM Dharma Dakshina 2024-08-25
Sama Jathaka - part 02
පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධයා රූපවාහිනී නාළිකාව 2024-08-25
ජාතක පාළියේ සඳහන් සාම ජාතකය ඇසුරෙන් - 02 කොටස
අද සියුම් මතයන් තිබෙනවා අපි අද අම්මා තාත්තාට වඳින්න ඕන නැහැ කියන මතය
හොඳට මතක තබාගන්න පිංවතුනි අපි මේ ගමන් කරන්නේ පිරිහෙණ යුගයට, ඒ කියන්නේ අපසර්පනයට ගමන් කරන්නේ.
එන්න එන්න වීර්යය වඩන පිරිස අඩු වෙන බව සඳහන් වෙනවා
මේ මොහොතේ අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරම් විර්යය වැඩලා තමන්ගේ සංසාරයට ලාභයක් සිදු කරගන්න උත්සහා කරන එක
ධර්මය අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපිට මේ ජීවිතය සකස් කරගන්න පුළුවන්
පසුගිය සතියේ සාරාංශය කෙටියෙන්
මේ සාම කුමාරයාගේ මව සහ පියා මේ බමුණු යුවල දරුවට කිරි පොවලා ඵල වැල කඩාගෙන එන්න ගියාම මේ කැලයේ ඉන්න කිඳුරන්ගනාවන් මේ කුඩා සාම කුමාරයා තමන්ගේ විමාන වලට ගෙනගොස් පෝෂණය කරලා මල් වල තබල ඉතාමත් ආදරෙන් බලාගෙන මේ බමුණු යුවල ඵල වැල නෙළාගෙන එනකොට මේ සාම කුමාරයා තමන්ගේ ආරාමයෙන් තබනවා. මේ වගේ දෙමාපියන් යටතේ දෙමාපියන්ගේ සෙවණේ තරුණ වියට පත් වුණා
දවසක මේ බමුණු යුවල ඵල වැල නෙළාගෙන එන්න ගියාම වැස්සක් පතිත වෙලා ඒ වැස්සෙන් බේරෙන්න ගසක් යටට ගියා මේ ගස යට තිබුණා තුඹසක් මේ බමුණු යුවළගේ ඇඟේ තිබුණ වතුර බිංදු මේ තුඹසේ සිදුරකින් ඇතුලේ සිටි නාගයෙක් ගේ ඇඟට වැටුණා, මෙයින් බියට පත් වුණ නාගයා විෂ දුමාරයක් පිට කරා ඒ දුමට මේ බමුණු යුවළගේම දෑස අන්ධ වුණා.
දරුවන්ට වරදක් දැකපු වෙලාවට ඒ වරද වරදක් කියලා පෙන්වල දෙන්න
දරුවාගේ අඩුපාඩුකම් කවදාවත් නිවැරදි කියල සාධාරණය කරන්න එපා. එහෙම කරොත් දරුවා සමාජයට ගිහින් බොහොම අකරතැබ්බහි වලට පත් වෙන්න පුළුවන්.
අපි දරුවෙක් පවක් කරනකොට ඒ දරුවා ඒ පවෙන් වළකන්න හැමතිස්සෙම කටයුතු කරන්න ඕන.
මේ බමුණු යුවළ කිව්වේ නැහැ තමන්ගේ ඇස් අන්ධ වුණේ මේ නාගයාගේ විෂ දුම නිසා කියල , නමුත් සාම කුමාරයා මේ සියල්ලම දැනගත්තා.
මේ ඇස් දෙක අන්ධ වුණ තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ ආරාමයට ගෙන ගියා, පසුව ඇස් දෙක අන්ධ වුණ බව දැකල මහා හයියෙන් හැඬුවා. පසුව හිනා වුණා
අම්මයි තාත්තයි ඇහුවා හඬලා හිනා වුණේ ඇයි කියල.
පසුව හේතුව පැහැදිලි කරා
සාම කුමාරයා පසුව ඵල වැල නෙළාගෙන ඇවිත් තමන් විසින්ම මේ දෙමාපියන්ගේ සියළු කටයුතු සිදු කරන්න ගත්ත
දෙමාපියන් දෙදෙනාට අපි සියළු දෙනාම ණයයි කවදාවත් ගෙවල ඉවර කරන්න බැරි තරමට. තමන්ගේ දෙවුරේ මත තබාගෙන අවුරුදු 100ක් දෙමාපියන්ට සියළු උපස්ථාන කරත් දෙමාපියන්ට තිබෙන ණය බරින් හරි අඩක් වත් ගෙවල ඉවර කරන්න වෙන්නේ නැහැ
දෙමාපියන් දෙපළට අපි මෙතරම් ණය මොන හේතුවක් නිසා ද
දවසක් මිගසම්මත රටේ රජතුමා හිමාලයට ආවා මේ මුව දඩයමේ, රජතුමා මුව දඩයමට කැමතියි, රජතුමා මේ දඩයමට යන ගමනේ මිගසම්මත නදිය ලඟට ඇවිල්ල, මුවන්ගේ අඩි සළකුණු දැකල රජතුමා මේ ගඟ අසබඩ ගස් වල කොළ වලින් පොඩි කුටියක් තනාගෙන මුවන් එනතෙක් බලාගෙන සිටියා
මේ වෙලාවේ සාම කුමාරයා මුවන් දෙදෙනෙක් සමඟ මේ ගඟ ලඟට ආවා. සාම කුමාරයාගේ රුව දැකල රජතුමා හිතුවා මේ නම් මනුෂ්‍යයෙක් වෙන්න බැහැ එක්කෝ නාගයෙක් නැත්නම් දෙවි කෙනෙක්, නැත්නම් බලයක් තිබෙන කෙනෙක්
රජතුමාට එහෙම සිතුවිල්ලක් ආවා, මේ කුමාරයා අල්ලගන්න
රජතුමා විෂ කවපු ඊතලය අරගෙන විද්දා මේ සාම කුමාරයාට, දකුණු ඇලයෙන් ශරීරයට ඇතුළු වුණ ඊතලය වම් ඇලයෙන් පිටවෙලා ගිහින් පොළවට පතිත වුණා.
පසුව රජතුමා සාම කුමාරයා ළඟට ගිහින් තමන් රජතුමා තමන් කව්ද කියල කිව්වා
සාම කුමාරයා ඇසුවා මට ඊතලය විදලා බලාපොරොත්තු වුණේ මොකද්ද කියල..
පසුව සාම කුමාරයා තමන්ගේ දෙමාපියන් බලාගන්න වෙන්නේ නැහැ නැහැ කියල හඬන්න ගත්තා.. රජතුමා පොරොන්දු වුණා බමුණු යුවල බලාගන්නවා කියල
මේ වනයේ ඉන්නවා බහුසුන්දරී කියල දේවතාවියක් ඉන්නවා, මේ ආත්ම 07කට කලින් සාම කුමාරයාගේ මව. මේ බහුසුන්දරී දේවතාවිය රජතුමාගේ සිත සනසලා බමුණු අම්මයි තාත්තයි බලන්න
රජතුමා කරුණු කරණා විමසල තමන්ගේ අතින් ඔවුන්ගේ පුතා මියගියා කියල
පසුව මේ බමුණු දේපළ හිත හදාගෙන තමන්ගේ පුතා මැරුව රජතුමා ගැන අංශු මාත්‍රයක වෛරයක් සිතේ ජනිත වුණේ නැහැ
දෙවියන් පවා සතුටට පත් වෙන කාරණාවක් තමයි මේ දෙමාපියන්ට සළකන එක
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න

Комментарии

Информация по комментариям в разработке