මුල්ම ජාතික ගීය නමෝ නමෝ මාතා - ආනන්ද සමරකෝන් 1940 / First Ceylon National anthem, Ananda Samarakoon

Описание к видео මුල්ම ජාතික ගීය නමෝ නමෝ මාතා - ආනන්ද සමරකෝන් 1940 / First Ceylon National anthem, Ananda Samarakoon

මෙහි අඇතුලත් වන්නේ ආනන්ද සමරකෝන් කිවිදාණන් විසින් 1940දී රචනා කර, තනු නිර්මාණය කර, ගායනා කළ නමෝ නමෝ මාතා ගීතයයි. එය 1952 දී සුලු වෙනස්කම් සහිතව ලංකාද්වීපයේ ජාතික ගීය ලෙස නිල වශයෙන් පිළිගැනුණි. ඒ ජාතික ගී තරගයක් ජයග්‍රහණය කිරීමෙනි. ජයග්‍රහී ත්‍යාග මුදලත් සමරකෝන් මහතාට නොලැබිණි. එය වෙන අයෙකු විසින් කොල්ලකැවේය. කෙසේ වුවත් 1959 බණ්ඩාරනායක ඝාතනයත් සමග ජාතික ගීයේ ආරම්භය රටටත් පාලකයින්ටත් අසුභ බවට වූ මතය පිළිගත් සිරිමාවෝ බණ්ඩාරනායක රජය ආනන්ද සමරකෝන් මහතාගේ විරෝධය නොතකා ජාතික ගීය වෙනස් කළේය. ඉන් සිත් තැවුලට පත් ආනන්ද සමරකෝන් මහතා නිදි පෙති පානය කොට සිය දිවි හානි කර ගත්තේය. දැන් අප ගයන්නේ රටටත් පාලකයින්ටත් සුබ ඵල ගෙනෙනවායි කියන ජාතික ගීයයි. ඒ ශ්‍රී ලංකා මාතා.. එයද අප මෙහි අවසානයේ දක්වා ඇත.
මෙහි ඇති රූප රාමු 1945මෙහි සිටි සුදු ජාතිකක සොල්දාදුවකු වූ Ettore Porreca (1920-2013) විසින් පටිගත කරන ලද්දකි. එහි පූර්ණ අයිතිය මුල් හිමිකරුවන් සතු වෙයි.

1940 The first National Anthem of Ceylon composed in 1940 #srilanka #nationalanthem #srilankamatha #namosrilanka #ceylon #oldceylon #Independenceday #Anandasamarakoon #ආනන්දසමරකෝන්

Комментарии

Информация по комментариям в разработке