Kusumak se, කුසුමක් සේ මලසුන මත,

Описание к видео Kusumak se, කුසුමක් සේ මලසුන මත,

කුසුමක් සේ මල'සුන මත හිනැහේවී
පහනක් සේ බුදු කුටියෙහි ලෙළ දේවී
තරුවක් සේ අහසට සැනසුම් දේවී
ඔසුවක් සේ බොදු සිත් සුවපත් වේවී

ආලය, ප්‍රේමය උතුරන වයසේම
සසුනට කැපවෙමින් දෙවරක් නොසිතාම
බොදු මග යන්නට පියවර එසවීම
කෙලෙස කරන්න ද සොහොයුර, ඇගයීම

මඩ දිය උතුරන ගොහුරට ඇද නොවැටී
නෙළුමක් සේ විකසිත වී දිලෙන හැටී
දකිනා විට තුන් සිත නිවි නිවී සිටී
හිසින් වඳිමි ඔබ පාමුල දනින් වැටී

ඔබ වන් පුතෙක් හැදු මව නම් නිවුණේමැ යි
ඔබ වන් පුතෙක් හැදු පියතුම නිවුණේ මැ යි
ඔබ වන් පුතෙක් මව් දෙරණට හිරු සේ මැයි
ඔබ වන් පුතෙක් බුදු සසුනට සඳ සේ මැයි

පද රචනය: ගෝනදෙණියේ විමලජෝති හිමි
සංගීතය: රංග එස් බාදනාරච්චි
ගායනය: සචින්ත මධුසංඛ
වීඩියෝකරණය: සුජිත් ජයසිංහ
සංස්කරණය: හසිත සම්පත්

Комментарии

Информация по комментариям в разработке