ශක්‍ර දෙවියන් විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා ලවා මිගසම්මත කියන ප්‍රදේශයේ ආරාමයක් මැව්වා සිවුරු පිරිකර..

Описание к видео ශක්‍ර දෙවියන් විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා ලවා මිගසම්මත කියන ප්‍රදේශයේ ආරාමයක් මැව්වා සිවුරු පිරිකර..

Ven Matara Mahinda Thero - Neth FM Dharma Dakshina - 2024-08-18
Sama Jaathaka Explanation - part 01
පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ නෙත් FM ධර්ම දක්ෂිණා 2024-08-18
ජාතක පාළියේ සඳහන් සාම ජාතකය ඇසුරෙන් - 01 කොටස
භාග්‍යවතුන් වහන්සේ දෙමාපියන් දෙදෙනා තබල තියෙන්නේ සුළු පටු තැනක නෙමෙයි. අති විශේෂ ස්ථානයක
අම්මයි තාත්තයි මැරුවොත් ආනන්තරීය පාප කර්මය සිදු වෙනවා කියල
භාග්‍යවතුන් වහන්සේ දේශණා කරලා නැහැ අනාගාමී වහන්සේ කෙනෙක් මැරුවොත් ආනන්තරීය පාප කර්මයක් වෙනවා කියල. නමුත් අම්මා තාත්තා දුස්සීල වුණත් ඒ දෙදෙනාගෙන් කෙනෙක් මැරුවොත් ඊළඟ ආත්මයේ ඒකාන්තයෙන්ම අවීචි මහා නරකාදියේ
අම්මා බුදු කෙනෙක් වගේ තාත්තා බුදු කෙනෙක් වගේ කියල සඳහන් කරන්නේ විශේෂ කාරණවක් නිසා මේකෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකට අම්මා තාත්තා සමාන කරනවා කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නමක් වෙන කිසිම කෙනෙකුට සමාන කරන්න බැහැ තව බුදුරජාණන් වහන්සේ නමකට ඇරෙන්න
අපේ ක්‍රියාව උසස් වෙන තරමට කුළය උසස් වෙනවා.
උසස් කුළයේ සිටුපුත්‍රයෙක් දවසක් ධර්ම දේශණාවක් අහල සංසාරය පිළිබඳ මහා භයක් ඇතිවෙලා බුදුරජාණන් වහන්සේ ලඟට ගිහින් පැවිද්ද ඉල්ලූවා, බුදුරජාණන් වහන්සේ එයට කැමැත්ත දුන්නේ නැහැ. දෙමාපියන්ගේ අවසර අරගෙන එන්න කියල වදාළ සේක.
ධර්ම දේශණාව
මේ සිටු පුත්‍රයා මහණ වුණාට පස්සේ මේ සිටුපුත්‍රයාගේ මව පියාගෙන් ණය ඉල්ලගෙන ගොඩක් මිනිස්සු ඇවිත් ණය අරගෙන ඒවා නොගෙවා පසුව මේ දෙමාපිය යුවළට පාරට වැටිලා හිඟමනට වැටුණා
පසුව මේ භික්ෂුව මේ තමන්ගේ අම්මා තාත්තා පාරට වැටුණ බව දැනගෙන පසුව අවුරුදු 12ක් සිවුරු දරාගෙන මහණ වෙලා ඉඳල කිසිදු ආලෝක මාත්‍රයක් වත් නැති නිසා උපැවිදි වෙලා දෙමාපියන් බලාගන්න කල්පනා කරලා, පසුව ආගන්තුක භික්ෂුවට පන්සල භාර දීලා සැවත් නුවරට යන්න පිටත් වුණා
සැවත් නුවරට පාරවල් දෙකක් තිබෙනවා එකක් තමන්ගේ දෙමාපියන් හමුවට යන මාර්ගය අනිත් මාර්ගය ජේතවනාරාමයට යන පාර..
පසුව බුදුරජාණන් වහන්සේ බැහැ දැකලම යනවා කියල හිතල ගිය
බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් මේ භික්ෂුව දැකල මේ භික්ෂුව අරමුණු කරලා ධර්ම දේශණාව සිදු කළා මේ දෙමාපියන්ට සැළකීමේ ආදීනව
කාලයක් තමන්ගේ දෙමපියන් පෝෂණය කරපු නිසා මේ හාමුදුරුවෝ කෘෂ වෙලා ගියා. වෙන භික්ෂුන් වහන්සේලා ඇවිල්ල මේ කාරණාව වැරදි දෙයක් බව කියල යන්න ගියා. ඒ විතරක් නෙමෙයි බුදුඅරජාණන් වහන්සේට මේ බව ගිහින් කිව්වා.
බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව ගෙන්නලා ""හැබෑද මහණ නුඹ මේ ගිහියන් පෝෂණය කරනවා කියන්නේ" ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අසුව කාවද පෝෂණය කරන්නේ කියල, එවිට භික්ෂුව කිව්වා "තමන්ගේ දෙමාපියන් දෙපළ" කියල
බුදුරජාණන් වහන්සේ සාධු සාධු සාධු කියල තුන් පාරක් ඒ දෙය අගය කළ සේක.
මහණ මම බෝධිසත්ව කාලයේ පාරමී පුරණා කාලයේ මගේ දෙමාපියන් රැක බලා ගත්තා වගේ තමයි නුඹත් නුඹේ දෙමාපියන්ට උපස්ථාන කරන්නේ..
පසුව මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සාම ජාතකය දේශණා කළ සේක.
මේ සාම කුමාරයා සහ ඒ දෙපළ ගේ මෛත්‍රී භාවනාව නිසා මහා වනයේ තිරිසන්ගත සතුන් පාවා වෙනස් වෙන්න ගත්ත
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න
ශක්‍ර දෙවියන් විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා ලවා මිගසම්මත කියන ප්‍රදේශයේ ආරාමයක් මැව්වා සිවුරු පිරිකර සහිත, මේ පරිෂ්කාර වලින් කසාවත් දරාගෙන මේ දෙපළ මෛත්‍රී චිත්තයට සම වැදිලා එක දිගට මෛත්‍රී භාවනාව වඩගන්න ගත්තා
මේ නිසා වනයේ ඉන්න තිරිසන් ගත සතුන්ගේ පවා මෛත්‍රී චිත්ත මවෙන්න ගත්තා
තමන්ට ගොදුරු වූ මැඩියන් නයාගේ පෙණ ගොබය ජත්‍රයක් කරගෙන වාසය කරන්න යෙදුණා
දිවියන්ට ගොදුරු වූ මුවන් මුවට මුව තබාගෙන සිත් සේ වාසය කරනවා
නාගයන් පවා මොණරුන් ගේ පිය ගැබෙහි වාසය කරන්න ගත්තා
මේ විදියට කාලය ගත වෙනකොට ශක්‍ර දෙවියන් පවා මේ පාරිකා කියන තාපසිකාව වනයට ඵල නෙළාගෙන පිස සකස් කර දෙනවා තාපසතුමත් මේ කටයුතු වලට උදව් උපකාර කරනවා. නමුත් හිත් වල කිසිම කාම සිතුවිල්ලක් ඇති වුණේ නැහැ
ශක්‍ර දෙවියන් මේ දෙදෙනාගේ අනාගතය විමසුවාම දුටුවා පෙර අකුසල කර්මයක් නිසා දෙදෙනාගේම ඇස් අන්ධ වෙලා දරුණු දුකක් විඳින බව දැකල, පසුව මේ කාරණාව මතක් කරලා ශක්‍ර දෙවියන් කිව්වා දරුවෙක් හදන්න කියල. නමුත් දෙදෙනාම එයට කැමැත්තක් දැක්වුයේ නැහැ, පසුව ශක්‍ර දෙවියන් යෝජනා කර පරිදි බිරිඳගේ හරි දිනයට නාභිය අතගෑවම ඒ තාපස තුමා දරුගැබක් පිහිටලා පසුව කුමාරයෙක් උපදිනවා මේ කවුරුවත් නෙමෙයි අපේ මහා බෝසතාණන්, ශරීරය රන්වන් පැහැති නිසා ස්වර්ණ සාම කියල නම තබනවා
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න
#mataramahindathero #matara_mahinda_hamudurwo #dharma_dakshina #nethfmdharmadakshina #bana #budu_bana #bana_deshana
#venmataramahindathero #banadeshana #dharmadeshana #dharma_deshana #bana_deshana #mataramahindahimi #dharmadeshanasinhala #darmadeshanasinhala #ranmallasantha

Комментарии

Информация по комментариям в разработке